යෙසායා 53:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහුට දරුණු දුක් පීඩා විඳීමට+ යෙහෝවා දෙවි ඉඩහැරියේය.+ දෙවියනි, ඔබ ඔහුගේ ජීවිතය වන්දි පූජාවක්+ ලෙස භාරගන්නේ නම් ඔහුට තම දරුවන්ව දකින්න ලැබෙයි.+ ඔහුගේ ආයු කාලයද බොහෝ සෙයින් වැඩි වෙයි.+ යෙහෝවා දෙවිගේ කැමැත්ත+ ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.+ ලූක් 24:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඉන්පසු යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “මා ඔබ සමඟ සිටියදී ඔබට පැවසූ දේවල් ඔබට මතක ඇති.+ එනම් මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත්+ ගීතාවලියෙත්+ මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතු බවයි.” ක්‍රියා 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 සියල්ල කලින්ම දන්නා දෙවි, තම අරමුණට එකඟව ඒ මිනිසාව ඔබේ අතට පත් වෙන්න ඉඩහැරියා.+ ඔබ දුෂ්ට මිනිසුන්ව යොදාගෙන ඔහුව කණුවක ඇණ ගසා මරා දැම්මා.+ 1 පේතෘස් 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ සඳහා පොළොවේ දරුවන් බිහි වීමට කලින්ම*+ දෙවි ක්‍රිස්තුස්ව තෝරාගෙන තිබුණත් මෙම අවසාන කාලයේදී ඔහු පෙනී සිටියේ ඔබ වෙනුවෙන්ය.+
10 ඔහුට දරුණු දුක් පීඩා විඳීමට+ යෙහෝවා දෙවි ඉඩහැරියේය.+ දෙවියනි, ඔබ ඔහුගේ ජීවිතය වන්දි පූජාවක්+ ලෙස භාරගන්නේ නම් ඔහුට තම දරුවන්ව දකින්න ලැබෙයි.+ ඔහුගේ ආයු කාලයද බොහෝ සෙයින් වැඩි වෙයි.+ යෙහෝවා දෙවිගේ කැමැත්ත+ ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.+
44 ඉන්පසු යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “මා ඔබ සමඟ සිටියදී ඔබට පැවසූ දේවල් ඔබට මතක ඇති.+ එනම් මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත්+ ගීතාවලියෙත්+ මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතු බවයි.”
23 සියල්ල කලින්ම දන්නා දෙවි, තම අරමුණට එකඟව ඒ මිනිසාව ඔබේ අතට පත් වෙන්න ඉඩහැරියා.+ ඔබ දුෂ්ට මිනිසුන්ව යොදාගෙන ඔහුව කණුවක ඇණ ගසා මරා දැම්මා.+
20 ඒ සඳහා පොළොවේ දරුවන් බිහි වීමට කලින්ම*+ දෙවි ක්‍රිස්තුස්ව තෝරාගෙන තිබුණත් මෙම අවසාන කාලයේදී ඔහු පෙනී සිටියේ ඔබ වෙනුවෙන්ය.+