නික්මයාම 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඊශ්‍රායෙල් සෙනඟ එය දැක, “ඒ මොනවාද” කියා එකිනෙකාගෙන් ඇසුවෝය. මන්ද පොළොව පුරා වැටී තිබුණේ කුමක්දැයි ඔවුහු දැන සිටියේ නැත. එවිට මෝසෙස් ඔවුන්ට මෙසේ කීවේය. “මේ තිබෙන්නේ යෙහෝවා දෙවි ඔබට දුන් කෑම.+ නික්මයාම 16:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඊශ්‍රායෙල් ජනයා භූමිය මතුපිටට වැටුණු එම ආහාරයට, “මන්නා”* යන නම තැබූහ. එය සුදු පාටය. එහි හැඩය කොත්තමල්ලි ඇටයකට සමානය. එහි රස, පැණි දමා සෑදූ කැවිලිවල රස මෙනි.+ ගීතාවලිය 78:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කෑම පිණිස මන්නා වර්ෂාවක් ඇද හැළීමට සැලැස්වූවේය.+ස්වර්ගයෙන් ධාන්‍ය සපයා දුන්නේය.+ යොහන් 6:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 ස්වර්ගයෙන් පැමිණි ඒ ජීවනදායක ආහාරය මමයි. කෙනෙක් එම ආහාරය කෑවොත් ඔහු සදාකල් ජීවත් වෙනවා. ඇත්තටම මා ලබා දෙන ආහාරය නම් ලෝකයට ජීවනය ලබා දීම සඳහා+ මා පූජා කරන මගේ ශරීරයයි.”+ හෙබ්‍රෙව් 9:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එහි රනින් සාදන ලද සුවඳ දුම් භාජනයක්ද+ රන්වලින් ඇතුළත හා පිටත සම්පූර්ණයෙන්ම ආලේප කරන ලද+ ගිවිසුම් පෙට්ටියද+ තිබිණ. එම පෙට්ටියේ මන්නා දැමූ+ රන් භාජනයද දලු හටගත් ආරොන්ගේ සැරයටියද+ ගිවිසුම ලියා තිබුණු ගල් පුවරුද තබන ලදි.+
15 ඊශ්‍රායෙල් සෙනඟ එය දැක, “ඒ මොනවාද” කියා එකිනෙකාගෙන් ඇසුවෝය. මන්ද පොළොව පුරා වැටී තිබුණේ කුමක්දැයි ඔවුහු දැන සිටියේ නැත. එවිට මෝසෙස් ඔවුන්ට මෙසේ කීවේය. “මේ තිබෙන්නේ යෙහෝවා දෙවි ඔබට දුන් කෑම.+
31 ඊශ්‍රායෙල් ජනයා භූමිය මතුපිටට වැටුණු එම ආහාරයට, “මන්නා”* යන නම තැබූහ. එය සුදු පාටය. එහි හැඩය කොත්තමල්ලි ඇටයකට සමානය. එහි රස, පැණි දමා සෑදූ කැවිලිවල රස මෙනි.+
51 ස්වර්ගයෙන් පැමිණි ඒ ජීවනදායක ආහාරය මමයි. කෙනෙක් එම ආහාරය කෑවොත් ඔහු සදාකල් ජීවත් වෙනවා. ඇත්තටම මා ලබා දෙන ආහාරය නම් ලෝකයට ජීවනය ලබා දීම සඳහා+ මා පූජා කරන මගේ ශරීරයයි.”+
4 එහි රනින් සාදන ලද සුවඳ දුම් භාජනයක්ද+ රන්වලින් ඇතුළත හා පිටත සම්පූර්ණයෙන්ම ආලේප කරන ලද+ ගිවිසුම් පෙට්ටියද+ තිබිණ. එම පෙට්ටියේ මන්නා දැමූ+ රන් භාජනයද දලු හටගත් ආරොන්ගේ සැරයටියද+ ගිවිසුම ලියා තිබුණු ගල් පුවරුද තබන ලදි.+