ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 58
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • මිනිසුන්ව විනිශ්චය කරන දෙවි කෙනෙක් ඉන්නවා

        • දුෂ්ටයන්ට දඬුවම් කරන්න කියලා කරන යාච්ඤාවක් (6-8)

ගීතාවලිය 58:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ගීතාවලිය 58:1

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 19:6
  • +ගීතා 82:2

ගීතාවලිය 58:2

හරස් යොමු දැක්වීම්

  • +දේශ 3:16; මීකා 3:9
  • +දේශ 5:8; යෙසා 10:1, 2

ගීතාවලිය 58:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 10 පි.

ගීතාවලිය 58:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 140:3; යාකො 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 10 පි.

ගීතාවලිය 58:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 10 පි.

ගීතාවලිය 58:6

පාදසටහන්

  • *

    හෝ, “කේශර සිංහයන්.”

ගීතාවලිය 58:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 10 පි.

ගීතාවලිය 58:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:25; යෙරෙ 23:19

ගීතාවලිය 58:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 52:5, 6; 64:10; එස 25:17; එළි 18:20
  • +හිතෝ 21:18

ගීතාවලිය 58:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 3:10
  • +ගීතා 9:16; 98:9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 58:12ලේක 19:6
ගීතා. 58:1ගීතා 82:2
ගීතා. 58:2දේශ 3:16; මීකා 3:9
ගීතා. 58:2දේශ 5:8; යෙසා 10:1, 2
ගීතා. 58:4ගීතා 140:3; යාකො 3:8
ගීතා. 58:9හිතෝ 10:25; යෙරෙ 23:19
ගීතා. 58:10ගීතා 52:5, 6; 64:10; එස 25:17; එළි 18:20
ගීතා. 58:10හිතෝ 21:18
ගීතා. 58:11යෙසා 3:10
ගීතා. 58:11ගීතා 9:16; 98:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 58:1-11

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. “මාව විනාශ කරන්න එපා” කියන තාලයට ගායනා කරන්න. මික්ටැම්.* දාවිත් රචනා කරපු ගීයක්.

58 මනුෂ්‍යයෙනි, නිහඬව ඉඳලා ධර්මිෂ්ඨ දේවල් ගැන කතා කරන්න පුළුවන්ද?+

ඔබ සාධාරණව විනිශ්චය කරන්නේ කොහොමද?+

 2 ඔබ හිතහිත ඉන්නෙම දුෂ්ට දේවල් ගැනයි.+

දේශය පුරාම දරුණු දේවල් කරන්න ඔබ අතහිත දෙන්නේ ඒ නිසයි.+

 3 දුෂ්ටයෝ වැරදි පාරේ යන්නේ ඉපදුණ දවසේ ඉඳන්මයි.

ඉපදුණු මොහොතේ ඉඳන්ම ඔවුන් අයාලේ යනවා, බොරු කියනවා.

 4 ඔවුන්ගේ විසකුරු වදන් සර්ප විෂ වගේ.+

ඔවුන් ඉන්නේ කිසි දෙයක් ඇහෙන්නේ නැති ගාණට,

හරියට කන් වහගෙන ඉන්න නාගයෙක් වගේ.

 5 නයි නටවන්නන්ගේ හඬට ඌ කන් දෙන්නේ නැහැ.

කොයි තරම් දක්ෂ විදිහට මැතුරුවත් නාගයා ඔවුන් ළඟට ඇදී යන්නේ නැහැ.

 6 අනේ යෙහෝවා, දුෂ්ටයන්ගේ දත් කඩලා දාන්න.

සිංහයන්* වගේ ඉන්න ඔවුන්ගේ හකු බිඳලා දාන්න.

 7 ගහගෙන යන ජල ධාරා වගේ ඔවුනුත් ඉක්මනින්ම නොපෙනී යන්න ඕනේ!

දෙවියන්ගේ දුන්නෙන් විදින ඊතලවලින් ඔවුන් වැටී යන්න ඕනේ!

 8 ඔවුන් දිය වෙලා යන ගොළුබෙල්ලෙක් වගෙත්

මෙලොව එළිය නොදැක මිය ගිය බිලිඳෙක් වගෙත් වෙන්න ඕනේ!

 9 ලිපේ තියෙන වළඳට දර කෝටුවල රස්නය දැනෙන්නත් කලින්

දෙවියන් කුණාටුවක් එවලා අමු දරත් ඇවිළෙන දරත් සීසීකඩ යවයි.+

10 දුෂ්ටයන්ට ලැබෙන දඬුවම දැකලා ධර්මිෂ්ඨයා ප්‍රීති වෙයි.+

දුෂ්ටයාගේ ලෙයින් ඔහුගේ පාද නැහැවිලා තියෙයි.+

11 ඒක දැකලා මිනිසුන් මෙහෙම කියයි.

“ධර්මිෂ්ඨයාට අනිවාර්යයෙන්ම ආශීර්වාද ලැබෙනවා.+

පොළොවේ මිනිසුන්ව විනිශ්චය කරන දෙවි කෙනෙක් ඇත්තටම ඉන්නවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න