ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. “මාව විනාශ කරන්න එපා” කියන තාලයට ගායනා කරන්න. මික්ටැම්.* දාවිත් රචනා කරපු ගීයක්.
58 මනුෂ්‍යයෙනි, නිහඬව ඉඳලා ධර්මිෂ්ඨ දේවල් ගැන කතා කරන්න පුළුවන්ද?+
ඔබ සාධාරණව විනිශ්චය කරන්නේ කොහොමද?+
3 දුෂ්ටයෝ වැරදි පාරේ යන්නේ ඉපදුණ දවසේ ඉඳන්මයි.
ඉපදුණු මොහොතේ ඉඳන්ම ඔවුන් අයාලේ යනවා, බොරු කියනවා.
4 ඔවුන්ගේ විසකුරු වදන් සර්ප විෂ වගේ.+
ඔවුන් ඉන්නේ කිසි දෙයක් ඇහෙන්නේ නැති ගාණට,
හරියට කන් වහගෙන ඉන්න නාගයෙක් වගේ.
5 නයි නටවන්නන්ගේ හඬට ඌ කන් දෙන්නේ නැහැ.
කොයි තරම් දක්ෂ විදිහට මැතුරුවත් නාගයා ඔවුන් ළඟට ඇදී යන්නේ නැහැ.
6 අනේ යෙහෝවා, දුෂ්ටයන්ගේ දත් කඩලා දාන්න.
සිංහයන්* වගේ ඉන්න ඔවුන්ගේ හකු බිඳලා දාන්න.
7 ගහගෙන යන ජල ධාරා වගේ ඔවුනුත් ඉක්මනින්ම නොපෙනී යන්න ඕනේ!
දෙවියන්ගේ දුන්නෙන් විදින ඊතලවලින් ඔවුන් වැටී යන්න ඕනේ!
8 ඔවුන් දිය වෙලා යන ගොළුබෙල්ලෙක් වගෙත්
මෙලොව එළිය නොදැක මිය ගිය බිලිඳෙක් වගෙත් වෙන්න ඕනේ!
9 ලිපේ තියෙන වළඳට දර කෝටුවල රස්නය දැනෙන්නත් කලින්
දෙවියන් කුණාටුවක් එවලා අමු දරත් ඇවිළෙන දරත් සීසීකඩ යවයි.+
10 දුෂ්ටයන්ට ලැබෙන දඬුවම දැකලා ධර්මිෂ්ඨයා ප්‍රීති වෙයි.+
දුෂ්ටයාගේ ලෙයින් ඔහුගේ පාද නැහැවිලා තියෙයි.+
පොළොවේ මිනිසුන්ව විනිශ්චය කරන දෙවි කෙනෙක් ඇත්තටම ඉන්නවා.”+