ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 69
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ජීවිතේ බේරන්න කියලා කරන යාච්ඤාවක්

        • “ඔබේ ගෘහය ගැන මට තියෙන ළැදියාව මොන තරම්ද” (9)

        • “මට උත්තර දෙන්න ප්‍රමාද වෙන්න එපා” (17)

        • “ඔවුන් මට ඇඹුල් වයින් බොන්න දුන්නා” (21)

ගීතාවලිය 69:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 144:7; විලා 3:54; යෝනා 2:5

ගීතාවලිය 69:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:2
  • +ගීතා 32:6; යෝනා 2:3

ගීතාවලිය 69:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:2
  • +ගීතා 119:82, 123; යෙසා 38:14

ගීතාවලිය 69:4

පාදසටහන්

  • *

    හෝ, “කිසිම හේතුවක් නැතුව මට සතුරුකම් කරන අය.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 23:22; යොහ 15:24, 25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ,

    8/15/2011, 11 පි.

    6/1/2006, 11 පි.

ගීතාවලිය 69:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:6; යෙරෙ 15:15
  • +යෙසා 50:6; මතෙ 26:67; 27:29

ගීතාවලිය 69:8

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 19:13; ගීතා 31:11; යොහ 1:11; 7:5

ගීතාවලිය 69:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:10; ගීතා 119:139; මතෙ 21:12, 13; මාක් 11:15-17; යොහ 2:13-17
  • +රෝම 15:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ,

    12/15/2010, 8-9 පි.

ගීතාවලිය 69:10

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “නොකා නොබී වැලපෙද්දීත්.”

ගීතාවලිය 69:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 49:8; හෙබ්‍රෙ 5:7
  • +ගීතා 68:20

ගීතාවලිය 69:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 144:7

ගීතාවලිය 69:15

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ මිනී වළ ගැන වෙන්න ඇති.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:2
  • +ගීතා 16:10

ගීතාවලිය 69:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 63:3; 109:21
  • +ගීතා 25:16

ගීතාවලිය 69:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:9; 102:2
  • +ගීතා 31:9; 40:13

ගීතාවලිය 69:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:6

ගීතාවලිය 69:20

පාදසටහන්

  • *

    හෝ, “මං බලාපොරොත්තු අත්හැරලා දාන්න ඔන්න මෙන්න ඉන්නේ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 142:4
  • +යෝබ් 19:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    1/8/1996, 31 පි.

ගීතාවලිය 69:21

පාදසටහන්

  • *

    හෝ, “විෂ පැළෑටියක්.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 27:34; මාක් 15:23
  • +මතෙ 27:48; මාක් 15:36; ලූක් 23:36; යොහ 19:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ,

    8/15/2011, 15 පි.

ගීතාවලිය 69:22

හරස් යොමු දැක්වීම්

  • +රෝම 11:9, 10

ගීතාවලිය 69:23

පාදසටහන්

  • *

    මූ.අ., “ඔවුන්ගේ කළවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 10 පි.

ගීතාවලිය 69:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 21:9

ගීතාවලිය 69:25

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 1:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 15 පි.

ගීතාවලිය 69:28

පාදසටහන්

  • *

    හෝ, “ජීවන පොතෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:33
  • +ෆිලි 4:3; එළි 3:5; 13:8

ගීතාවලිය 69:29

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 109:22

ගීතාවලිය 69:31

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:13-15; හොෂෙ 14:2

ගීතාවලිය 69:33

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:17; 102:17; යෙසා 66:2
  • +ගීතා 146:7; යෙසා 61:1; ලූක් 4:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2008, 12 පි.

    4/15/1997, 4-5 පි.

ගීතාවලිය 69:34

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 96:11; යෙසා 49:13

ගීතාවලිය 69:35

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:18

ගීතාවලිය 69:36

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 61:9; 66:22
  • +ගීතා 91:14; යාකො 1:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 69:1ගීතා 144:7; විලා 3:54; යෝනා 2:5
ගීතා. 69:2ගීතා 40:2
ගීතා. 69:2ගීතා 32:6; යෝනා 2:3
ගීතා. 69:3ගීතා 22:2
ගීතා. 69:3ගීතා 119:82, 123; යෙසා 38:14
ගීතා. 69:4ලූක් 23:22; යොහ 15:24, 25
ගීතා. 69:7ගීතා 22:6; යෙරෙ 15:15
ගීතා. 69:7යෙසා 50:6; මතෙ 26:67; 27:29
ගීතා. 69:8යෝබ් 19:13; ගීතා 31:11; යොහ 1:11; 7:5
ගීතා. 69:91රාජා 19:10; ගීතා 119:139; මතෙ 21:12, 13; මාක් 11:15-17; යොහ 2:13-17
ගීතා. 69:9රෝම 15:3
ගීතා. 69:13යෙසා 49:8; හෙබ්‍රෙ 5:7
ගීතා. 69:13ගීතා 68:20
ගීතා. 69:14ගීතා 144:7
ගීතා. 69:15ගීතා 69:2
ගීතා. 69:15ගීතා 16:10
ගීතා. 69:16ගීතා 63:3; 109:21
ගීතා. 69:16ගීතා 25:16
ගීතා. 69:17ගීතා 27:9; 102:2
ගීතා. 69:17ගීතා 31:9; 40:13
ගීතා. 69:19ගීතා 22:6
ගීතා. 69:20ගීතා 142:4
ගීතා. 69:20යෝබ් 19:14
ගීතා. 69:21මතෙ 27:34; මාක් 15:23
ගීතා. 69:21මතෙ 27:48; මාක් 15:36; ලූක් 23:36; යොහ 19:29
ගීතා. 69:22රෝම 11:9, 10
ගීතා. 69:24ගීතා 21:9
ගීතා. 69:25ක්‍රියා 1:20
ගීතා. 69:28නික් 32:33
ගීතා. 69:28ෆිලි 4:3; එළි 3:5; 13:8
ගීතා. 69:29ගීතා 109:22
ගීතා. 69:31ගීතා 50:13-15; හොෂෙ 14:2
ගීතා. 69:33ගීතා 10:17; 102:17; යෙසා 66:2
ගීතා. 69:33ගීතා 146:7; යෙසා 61:1; ලූක් 4:18
ගීතා. 69:34ගීතා 96:11; යෙසා 49:13
ගීතා. 69:35ගීතා 51:18
ගීතා. 69:36යෙසා 61:9; 66:22
ගීතා. 69:36ගීතා 91:14; යාකො 1:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 69:1-36

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. “ලිලී මල්” කියන තාලයට ගායනා කරන්න. දාවිත් රචනා කරපු ගීයක්.

69 අනේ දෙවියනි, මාව බේරගන්න.

වතුර එන්න එන්නම වැඩි වෙනවා. මං ගිලෙන්නයි යන්නේ!+

 2 මම ඉන්නේ ගැඹුරු මඩ වගුරක එරිලා.

මගේ කකුල තියන්නවත් තැනක් නැහැ.+

මම ඉන්නේ ගැඹුරු දියේ.

සැඩ පහරකින් මාව ගහගෙන යනවා.+

 3 හෙම්බත් වෙන කල්ම මම උදව් ඉල්ලලා කෑගැහුවා.+

මගේ උගුරත් වේළිලා ගිහින්.

මගේ දෙවියන් මට උදව් කරන කල් බලන් ඉඳලාම

මගේ දෙනෙත් විඩාබර වෙලා.+

 4 කිසිම හේතුවක් නැතුව මට වෛර කරන අයගේ+ ගාණ

මගේ හිසකෙස්වලටත් වඩා වැඩි වෙලා.

මාව මරලා දාන්න හදන අය,

මට ද්‍රෝහිකම් කරන අය* ගණන් කරන්න බැරි තරම්.

මම කිසිම දෙයක් හොරකම් කළේ නැහැ.

ඒත් මට අයිති දේවල් ඔවුන් බලෙන් ගත්තා.

 5 දෙවියනි, මං කරපු මෝඩකම් ගැන ඔබ දන්නවා.

මං කරපු වැරදිත් ඔබෙන් හැංගිලා නැහැ.

 6 ශ්‍රේෂ්ඨතම පාලකයාණෙනි,

ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි,

ඔබ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න අයට මං නිසා ලැජ්ජා වෙන්න දෙන්න එපා.

ඊශ්‍රායෙලයේ දෙවියනි, ඔබේ මඟ පෙන්වීම් පතන අයට මං නිසා නින්දා විඳින්න දෙන්න එපා.

 7 ඔබ වෙනුවෙන් මම අපහාස විඳිනවා.+

නින්දාවලින් මගේ මූණ වැහිලා ගිහින්.+

 8 මගේ සහෝදරයන්ට මම දැන් අමුත්තෙක් වෙලා.

මගේ මවගේ පුතුන්ට මම දැන් විදේශිකයෙක් වෙලා.+

 9 ඔබේ ගෘහය ගැන මට තියෙන ළැදියාව මොන තරම්ද!+

ඒක මගේ හිතේ ඇවිළෙන ගින්නක් වගේ.

ඔබට නින්දා කරන අයගේ නින්දා අපහාස වැටුණේ මං පිටටයි.+

10 මම නිහතමානී වෙලා නොකා නොබී ඉද්දීත්*

ඔවුන් මට නින්දා කළා.

11 මං ගෝණි රෙදි ඇඳගත්තාම ඔවුන් මාව විහිළුවකට ගත්තා.

12 නුවර දොරටුව ළඟ ඉඳගෙන ඉන්න හැමෝම මං ගැන කතා වෙනවා.

බේබද්දන් මට සරදම් කරකර ගී ගැයුවා.

13 ඒත් යෙහෝවා දෙවියනි, මම දිගටම ඔබට යාච්ඤා කරනවා.

ඔබේ අනුමැතිය දිනාගන්න අවස්ථාව තියෙන කාලයේදී මම ඔබට යාච්ඤා කරනවා.+

නිමක් නැති ඔබේ නොසැලෙන ආදරය පෙන්වලා මට උත්තර දෙන්න.

නොවරදවාම මගේ උදව්වට එන ගැලවුම්කරු ඔබයි කියලා පෙන්වන්න.+

14 අනේ දෙවියනි, මඩ වගුරේ ගැඹුරට එරෙන්න නොදී මාව බේරගන්න.

මට වෛර කරන අයගෙන් මාව ගලවගන්න.

ගැඹුරු දියෙන් මාව ඇදලා ගන්න.+

15 සැඩ පහරට මාව ගහගෙන යන්න දෙන්න එපා.+

මහ සයුරේ මාව ගිලෙන්නවත්

ගැඹුරු වළට* මාව ගිලගන්නවත් ඉඩ දෙන්න එපා.+

16 යෙහෝවා දෙවියනි, ඔබේ නොසැලෙන ආදරය මොන තරම් යහපත්ද!+

ඔබ කොයි තරම් දයාන්විත දෙවි කෙනෙක්ද!

ඒ නිසා මං දිහා බලලා මට උත්තර දෙන්න.+

17 අනේ, ඔබේ සේවකයා කතා කරද්දී අහක බලන්න එපා.+

මට උත්තර දෙන්න ප්‍රමාද වෙන්න එපා.

මොකද මං පීඩාවලින් හෙම්බත් වෙලා.+

18 මං ළඟට ඇවිත් මාව ගලවගන්න.

මගේ සතුරන්ගෙන් මාව බේරගන්න.

19 මං මොන තරම් නින්දා අපහාස විඳිනවාද කියලත්

මට දැනෙන ලැජ්ජාව ගැනත් ඔබ දන්නවා.+

මගේ හැම සතුරෙක්වම ඔබට පේනවා.

20 මට කරන නින්දා නිසා හදවත පැළෙන තරම් වේදනාවක් මට දැනෙනවා.

ඒ තුවාලය සුව කරන්න බැරි තරම්.*

කවුරු හරි මට අනුකම්පා කරයි කියලා මං බලාගෙන හිටියා.

ඒත් කවුරුත්ම මට අනුකම්පා කළේ නැහැ.+

මාව සනසන කෙනෙක් එන කල් මං බලන් හිටියා.

ඒත් මාව සනසන්න කිසි කෙනෙක් ආවේ නැහැ.+

21 ඔවුන් මට වස* කන්න දුන්නා.+

මං තිබහෙන් ඉද්දී ඔවුන් මට ඇඹුල් වයින් බොන්න දුන්නා.+

22 ඔවුන් පිළියෙල කරගත්ත මේසය ඔවුන්ටම උගුලක් වේවා!

ඔවුන් රැස් කරගත්ත දේවල් ඔවුන්වම අහු කරගන්න දැලක් වගේ වේවා!+

23 කිසි දෙයක් දැකගන්න බැරි වෙන්න ඔවුන්ගේ ඇස් අඳුරු කරන්න.

නිතරම ඔවුන්ගේ කකුල්* වෙවුලන්න සලස්වන්න.

24 ඔබේ කේන්තිය ඔවුන් පිටට වගුරුවන්න.

ඔබේ දැවෙන කේන්තිය ඔවුන්ට දැනෙන්න සලස්වන්න.+

25 ඔවුන්ගේ කඳවුර පාළු තැනක් වේවා!

ඔවුන්ගේ කූඩාරම්වල කිසි කෙනෙක් ජීවත් නොවේවා!+

26 මොකද ඔබෙන් පහර ලබපු කෙනා පස්සේ ඔවුන් පන්නගෙන යනවා.

ඔබ තුවාල කරපු අය විඳින වේදනා ගැන ඔවුන් සතුටින් කතා කරනවා.

27 ඔවුන් කරපු වැරදි එක පිට එක ගොඩගහලා ඔවුන්ට දඬුවම් කරන්න.

ඔවුන්ව ධර්මිෂ්ඨයන් විදිහට ගණන් ගන්න එපා.

28 ජීවනය ලබන අයගේ නම් තියෙන ලියවිල්ලෙන්* ඔවුන්ගේ නම් මකලා දාන්න.+

ධර්මිෂ්ඨ අයගේ නම් එක්ක ඔවුන්ගේ නම් සඳහන් කරන්න එපා.+

29 මං ඉන්නේ දුකෙන්, වේදනාවෙන්.+

දෙවියනි, ඔබේ බලයෙන් මාව බේරගෙන මාව ආරක්ෂා කරන්න.

30 එතකොට මම දෙවියන්ගේ නමට ප්‍රශංසා ගී ගයනවා.

ඔහුට ස්තුති දෙමින් ඔහුව ගෞරවයට පත් කරනවා.

31 පූජාවක් විදිහට ගවයෙක්ව ඔප්පු කරනවාට වඩා යෙහෝවාට ඒක වටිනවා.

අං සහ කුර තියෙන වස්සෙක්ව ඔප්පු කරනවාට වඩා දෙවියන් ඒකෙන් සතුටු වෙනවා.+

32 නිහතමානී අය දෙවියන්ගේ යහපත දැකලා සතුටු වෙයි.

දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන සියල්ලෙනි, ඔබේ සිත් සවිමත් වේවා!

33 මොකද යෙහෝවා අසරණයන්ගේ කන්නලව්වලට ඇහුම්කන් දෙනවා.+

වහලුන් වෙලා ඉන්න ඔහුගේ සෙනඟව ඔහු හෙළා දකින්නේ නැහැ.+

34 අහසත් පොළොවත් ඔහුට ප්‍රශංසා කරත්වා!+

මුහුදත් ඒකේ සැරිසරන ජීවීනුත් ඔහුට ප්‍රශංසා කරත්වා!

35 මොකද දෙවියන් අනිවාර්යයෙන්ම සියොන් බේරගන්නවා.+

ඔහු යූදාවල නගර ආයෙත් ගොඩනඟනවා.

සෙනඟ ආයෙත් දේශයේ පදිංචි වෙලා ඒක අයිති කරගන්නවා.

36 ඔහුගේ සේවකයන්ගෙන් පැවතෙන අය දේශය උරුම කරගන්නවා.+

ඔහුගේ නමට ආදරේ කරන අය+ ඒකේ ජීවත් වෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න