ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 5:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එබැවින් මගේ දෙවි වන යෙහෝවාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට දැන් කාලය එළඹී තිබෙනවා කියා මට සිතෙනවා.+ මන්ද, ‘ඔබට පසුව ඔබේ සිංහාසනයේ හිඳගැනීමට මම ඔබේ පුත්‍රයාව පත් කරන්නෙමි. මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනඟන්නේ ඔහුය’+ කියා යෙහෝවා දෙවි මගේ පියා වූ දාවිත්ට පොරොන්දු වුණා.

  • 1 රාජාවලිය 6:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඔබ මාගේ අණපනත්වලට කීකරු වී+ මා දුන් තීන්දුවලට අවනත වෙමින්+ මාගේ සියලු ආඥා පැවැත්වුවහොත්+ ඔබ ගැනත් ඔබ ගොඩනඟන මේ ගෘහය ගැනත් ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ දේ මම ඉෂ්ට කරන්නෙමි.+

  • 1 ලේකම් 17:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මට ගෘහයක් ගොඩනඟන්නේ ඔහුය.+ මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.+

  • 1 ලේකම් 22:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මාගේ නාමය වෙනුවෙන් ගෘහයක් ගොඩනඟන්නේ ඔහුයි.+ ඔහු මට පුත්‍රයෙකු වන්නේය.+ මම ඔහුට පියෙක් වන්නෙමි.+ මම ඔහුගේ රාජකීය පෙළපත+ සදහටම ඊශ්‍රායෙල්හි පිහිටුවන්නෙමි.’

  • සෙකරියා 6:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන ඔහුට ගෞරවය හිමි වන්නේය.+ ඔහු තම සිංහාසනය මත වාඩි වී රජකම් කරන්නේය. රජකම් කරන අතරතුරේදී ඔහු පූජකයෙකු ලෙසද කටයුතු කරනු ඇත.+ ඔහු ඒ තනතුරු දෙකම හොඳින් හසුරුවනු ඇත.+

  • හෙබ්‍රෙව් 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ක්‍රිස්තුස් එම තැනැත්තාගේ ගෘහයේ විශ්වාසවන්තව කටයුතු කළේ පුත්‍රයෙකු ලෙසය.+ අපි එම තැනැත්තාගේ ගෘහය වන්නෙමු.+ එසේ වන්නේ බියක් සැකක් නැතුව කතා කිරීමට අපට තිබෙන ප්‍රස්තාවත් අපගේ බලාපොරොත්තුව ගැන ආඩම්බරයෙන් කතා කිරීමේ ප්‍රස්තාවත් අප අවසානය දක්වා පසු නොබැස අල්ලාගෙන සිටියොත් පමණි.+

  • 1 පේතෘස් 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ජීවමාන ගල් වන ඔබවත් දෙවිගේ බලය මාර්ගයෙන් ගෘහයක් ලෙස+ ඉදි කරනු ලබන්නේ ශුද්ධ පූජක පන්තියක් වීම සඳහාය. එසේ වන්නේ දෙවිට පිළිගත හැකි පූජා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔප්පු කිරීමටය.+ එම පූජා ඔප්පු කරන්නේ දෙවි තම බලය මගින් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුවය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න