ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 1:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එවිට දැවැන්ත මුහුදු සතුන්වද+ වෙනත් ජලජ ජීවීන්වද+ දෙවි සෑදුවේය. ඒ ඒ වර්ගයට අනුව බෝ වන එම සතුන් ජලය පුරාම පැතිර ගියේය. පියාසර කරන සියලු ජීවීන්වද දෙවි සෑදුවේය. ඒ සියලු ජීවීහුද ඒ ඒ වර්ගයට අනුව බෝ වූහ.+ දෙවි එය හොඳ බව දුටුවේය.

  • ගීතාවලිය 74:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 දෙවියනි, ඔබේ ශක්තියෙන් ඔබ මුහුද කැලඹුවෙහිය.+

      මුහුදේ සැරිසරන දැවැන්තයන්ගේ හිස් පොඩි කර දැමුවෙහිය.+

  • යෙසායා 51:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න! ඔබේ බලවත් හස්තය+ සවිමත් කරගන්න!+ ඈත අතීතයේ විසූ පරම්පරා සමඟ ඔබ කටයුතු කළාක් මෙන් නැවතත් ක්‍රියාශීලී වන්න.+ රාහබ්ව කෑලි කෑලිවලට කපා දැමුවේ ඔබ නොවෙයිද?+ ඒ මුහුදු සර්පයාට ඇන්නේ ඔබ නොවෙයිද?+

  • එසකියෙල් 29:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊජිප්තුවේ රජ්ජුරුවෙනි,+ නයිල් නදියෙන් නික්මෙන සියලු දිය ධාරා පුරාම අණසක පතුරුවන+ සද්දන්තයා ඔබයි.+ ‘නයිල් නදිය මට අයිතිය. එය සෑදුවේ මමය’+ කියා ඔබ පවසා ඇත. ඒ නිසා මම ඔබට විරුද්ධව සිටිමි.

  • එසකියෙල් 32:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජු වන පාරාවෝ ගැන විලාප ගීයක් ගයන්න. ඔබ ඔහුට මෙසේ පැවසිය යුතුයි. ‘ජාතීන් අතරේ සැරිසැරූ තරුණ කේශර සිංහයෙකු මෙන් වූ ඔබව දැන් නිහඬ කර ඇත.+

      “‘ඔබ මහ සයුරේ ජීවත් වූ සද්දන්තයෙකු වැනිය.+ ඔබේ අණසක යටතේ තිබූ ගංගා දිගේ ඔබ බිය පතුරුවමින් වේගයෙන් ගමන් කළෙහිය. ඔබේ දෙපාවලින් ඔබ දිය පහරවල් මඩ කළෙහිය. ගංගාවන් කලඹවා අපවිත්‍ර කළෙහිය.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න