ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 15:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවියනි, ඔබට සමාන තව දෙවි කෙනෙක් සිටීද?+

      ඔබ තරම් ශුද්ධ කෙනෙක් තවත් සිටීද?+

      පුදුම දනවන ක්‍රියා+ කරන තැනැත්තා ඔබය. ප්‍රශංසාව+ හා ගරුබිය+ ලැබිය යුතු තැනැත්තාද ඔබය.

  • ගීතාවලිය 71:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 මාගේ දෙවියනි, මම තත් භාණ්ඩයක් වාදනය කරමින්+

      ඔබේ විශ්වාසවන්තකම ගැන ඔබට ප්‍රශංසා කරන්නෙමි.+

      ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණෙනි,+ වීණාව වාදනය කරමින් මම ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.

  • යෙසායා 5:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නීතිය ප්‍රතික්ෂේප කළෝය.+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ වචනයට ඔවුහු අගෞරව කර ඇත.+ ඒ නිසා, ගිනිදැල්ලට පිදුරු දැවී යන්නාක් මෙන්ද+ වියළී ගිය තණකොළ පොළොවටම අළු වී යන්නාක් මෙන්ද ඔවුහු විනාශ වෙති. ඔවුන්ගේ මුල දිරාපත් වී ගඳගසයි.+ ඔවුන්ගේ මල් වියළී දූවිලි මෙන් සුළඟට ගසාගෙන යයි.

  • යෙසායා 10:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු වන අයද+ යාකොබ්ගේ ගෘහයේ බේරී ජීවත් වන අයද නැවත කිසිදා තමන්ට පහර දුන් තැනැත්තාගෙන් උපකාර පතන්නේ නැත.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා+ වන යෙහෝවා දෙවිව මුළු හදින්ම විශ්වාස කර+ ඔහුගෙන් උපකාර පතන්නෝය.

  • යෙරෙමියා 51:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ඊශ්‍රායෙල් හා යූදා,+ වැන්දඹුවක මෙන් අසරණ වී නැත. මන්ද ඔවුන්ගේ ස්වාමිපුරුෂයා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.+ ඔහු ඔවුන්ව අත්හැර දමා නැත. නමුත් කල්දිවරුන්ගේ දේශය ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන් ඉදිරියේ ඉතා පව්කාර තත්වයක තිබේ.+

  • එසකියෙල් 39:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ඉදිරියේ මාගේ ශුද්ධ නාමය මම ප්‍රකාශ කරන්නෙමි. මාගේ ශුද්ධ නාමය තවදුරටත් නින්දාවට ලක් වෙන්න මම ඉඩ දෙන්නේ නැත.+ එවිට මා ඊශ්‍රායෙල් දේශයේ ශුද්ධ තැනැත්තා+ වන යෙහෝවා දෙවි බව පිළිගන්න සියලු ජාතීන්ට සිදු වනු ඇත.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න