-
යෙසායා 51:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 එසේනම්, යෙහෝවා දෙවි වන මා සියොන් දියණියව සනසන්නේ+ නැද්ද? මම අනිවාර්යයෙන්ම එසේ කරමි. පාළුවට ගිය ඇගේ සියලු ප්‍රදේශ මම නැවත ගොඩනඟන්නෙමි.+ ඇගේ කාන්තාර ඒදන් උයන+ මෙන්ද ඇගේ පාළු බිම් යෙහෝවා දෙවි වන මාගේ උයන මෙන්ද+ සරුසාරව වැඩෙන්න සලස්වන්නෙමි. ප්‍රීති ප්‍රමෝදයද ස්තුති ප්‍රශංසාද සතුටු ගී නදද දේශය පුරාම පැතිර යයි.+
-
-
එසකියෙල් 20:40ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
40 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘ඊශ්‍රායෙල් දේශයේ පිහිටි උස් කන්ද වන මාගේ ශුද්ධ කන්දේදී+ ඔබ මට නමස්කාර කරනු ඇත. මුළු ඊශ්‍රායෙල් ජනතාවම තමන්ට හිමි දේශයෙහි මට සේවය කරනු ඇත.+ මමද ඔබ ගැන සතුටු වන්නෙමි. ඒ කාලයේදී සම්මාදම් හා ප්‍රථම ඵල ඇතුළුව පුදනු ලබන සියලුම ශුද්ධ දේවල් මම ඔබෙන් බලාපොරොත්තු වන්නෙමි.+
-