ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 25:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 තීර්හි රජවරුන්ටද+ සීදොන්හි රජවරුන්ටද+ මුහුදෙන් එතෙර දූපත්වල සිටින රජවරුන්ටද

  • යෙරෙමියා 47:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුන් එවැනි තත්වයකට පත් වන්නේ තීර්+ සහ සීදොන්හි+ වෙසෙන අයට උපකාර කිරීමට ඉතුරුව සිටි+ පිලිස්තිවරුන් සියලුදෙනාව විනාශ කරන දවස පැමිණ ඇති නිසාය.+ එනම්, කප්තෝර් දූපතේ සිට පැමිණි අයගෙන් ඉතුරුව සිටින+ පිලිස්තිවරුන්ව යෙහෝවා දෙවි සම්පූර්ණයෙන්ම විනාශ කරන දවස පැමිණ ඇති නිසාය.+

  • එසකියෙල් 26:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘තීර් වැසියෙනි, මෙය හොඳින් සිතට ගන්න. මම ඔබට විරුද්ධව නැඟී සිටින්නෙමි. මුහුදෙන් රළ නැඟී එන්නාක් මෙන්+ මම ඔබට විරුද්ධව බොහෝ ජාතීන්ව රැස් කරන්නෙමි.+

  • එසකියෙල් 27:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ තීර් ගැන විලාප ගීයක් ගයන්න.+

  • යෝවෙල් 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “‘තීර්, සීදොන්+ සහ පිලිස්තියාවේ සියලු වැසියෙනි,+ එවැනි දේවල් මට විරුද්ධව කරන්න තරම් ඔබ එඩිතර වූයේ කෙසේද? ඔබ උත්සාහ කරන්නේ මගෙන් පළිගන්නද? මම ඔබට නිසි දඬුවම ලබා දෙන්නෙමි. ඒ දේ කරන්න මම කිසිසේත් ප්‍රමාද නොවන්නෙමි.+

  • ආමොස් 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “යෙහෝවා දෙවි මෙසේ කීවේය. ‘තීර් දේශයේ+ වැසියන් නිමක් නොමැතිව කරන අපරාධ නිසා ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුහු විශාල පිරිසක් වහලුන් ලෙස රැගෙන ගොස් පසුව ඒදොම්වරුන්ගේ අතට භාර දුන්නෝය. සහෝදරකම නිසා ඇති කරගත් ගිවිසුම ඔවුහු අමතක කළෝය.+

  • සෙකරියා 9:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 නමුත් යෙහෝවා දෙවි ඒ නුවර විනාශ කර දමන්නේය. එහි හමුදාවට මුහුදේදී පහර දී ඔවුන්ව සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරන්නේය.+ මුළු නගරයම ගින්නෙන් දවා දමන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න