ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 17:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එපමණක්ද නොව ඔවුහු තම දූපුතුන්ව ගින්නෙන් දවා පූජා ලෙස ඔප්පු කළෝය.+ මන්තර ගුරුකම් කිරීමටද+ නැකත් බැලීමටද+ ඔවුහු පෙලඹුණෝය. ඔවුහු හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින්+ ඔහුව උදහස් කළෝය.+

  • 2 ලේකම් 28:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු බෙන්හින්නොම් නිම්නයේ*+ සුවඳ දුම් ඔප්පු කළේය.+ එපමණක්ද නොව යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින් පන්නා දැමූ ජාතීන්ගේ+ පිළිකුල්සහගත වත්පිළිවෙත් අනුගමනය කරමින්+ ඔහු තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය.+

  • 2 ලේකම් 33:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු බෙන්හින්නොම් නිම්නයේදී+ තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය.+ ඔහු පේන කීමෙහිද+ මායා බන්ධන ක්‍රියාවලද+ නියැලුණු අතර මන්ත්‍ර ගුරුකම්වලද+ යෙදුණේය. මායාකාරයන්වද+ ශාස්ත්‍ර කියන්නන්වද+ සේවය සඳහා යොදාගත් ඔහු යෙහෝවා දෙවිව උදහස් කරමින් දෙවිට පිළිකුල් වූ දේවල් බොහොමයක් කළේය.+

  • ගීතාවලිය 106:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 කානාන්හි පිළිමවලට ඔවුන්ගේ දරුවන්ව

      පූජා ලෙස ඔප්පු කරමින්+

      ඔවුහු නිදොස් ලේ වැගිරෙව්වෝය.+

      එසේ දිගින් දිගටම ඔවුහු ලේ වගුරුවමින් මුළු දේශයම දූෂ්‍ය කළෝය.+

  • යෙසායා 57:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 දැවැන්ත ගස්+ අතරේද සශ්‍රීකව වැඩෙන+ සෑම ගසක් යටද දැවෙන රාගයෙන් මත්ව සිටින්නේ ඔබ නොවෙයිද? නිම්නවලද පර්වත අතරේද ඔබ දරුවන්ව මරා දමන්නහුය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න