ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 33:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යුධ සේනාවක් විශාල වූ පමණින් රජෙකුට ආරක්ෂාවක් නොලැබෙන්නේය.+

      බොහෝ බලය තමන් සතුව තිබූ පමණින් මිනිසෙක් නොගැලවෙන්නේය.+

  • හිතෝපදේශ 8:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.

  • හිතෝපදේශ 15:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යෙහෝවා දෙවි තමන්වම උසස් කරගන්න අයගේ නිවස කඩා දමයි.+ නමුත් ඔහු වැන්දඹුවගේ ඉඩමේ මායිම ආරක්ෂා සහිතව තබයි.+

  • දේශනාකාරයා 9:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඉර යට සිදු වන සියල්ල ගැන මම නැවත කල්පනා කළෙමි. වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති.+ බලවතුන්ද යුද්ධයෙන් ජය ගන්නේ නැත.+ ප්‍රඥාවන්තයන්ට කෑම සොයාගැනීමට නොහැකි වෙයි.+ බුද්ධිමතුන්ට වස්තුව නොලැබෙයි.+ මනා අවබෝධයකින් කටයුතු කරන අයට නිසි පිළිගැනීමක්ද නොලැබෙයි.+ මන්ද නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් ඒ සියලුදෙනාටම සිදු විය හැක.+

  • යෙසායා 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මන්ද එම දවස ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම විනිශ්චය ප්‍රකාශ කරන දවසය.+ තමන්වම උසස් කරගන්නා අයද අහංකාර අයද උස් පහත් භේදයකින් තොරව සියලුම තරාතිරම්වල ජනයාද ඒ දවසට මුහුණ දිය යුතුයි.+

  • යෙසායා 16:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මෝවබ්වරුන්ගේ උඩඟුකම ගැන අප අසා ඇත. ඔවුන් ඉතා අහංකාරය.+ ඔවුන්ගේ උද්ධච්චකමද කෝපයද පහ වී යයි.+ ඔවුන් පුරසාරම් දොඩමින් පවසන දේවල් නිකම්ම හිස් වචන පමණි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න