ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 4:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “ඊශ්‍රායෙල් සෙනඟ වෙනත් තැනකට යන්න සූදානම් වෙද්දී ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානයට අයිති හැම දෙයක්ම ඒ විදිහට වැසිය යුතුයි.+ ඊටපස්සේ කෝහාත්ගේ පුතුන් ඇවිත් ඒ හැම දෙයක්ම උස්සගෙන යන්න ඕනේ.+ හමු වීමේ කූඩාරමට අයිති භාණ්ඩ අරගෙන යන වගකීම තියෙන්නේ කෝහාත්වරුන්ටයි. ඒත් කොයිම වෙලාවකවත් ඔවුන්ට ශුද්ධස්ථානයට අයිති කිසිම දෙයක් අල්ලන්න දෙන්න එපා. මොකද එහෙම කළොත් ඔවුන් මිය යනවා.+

  • ගණන් කතාව 4:24-26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ගේර්ෂොන්වරුන්ට බලා කියා ගන්න සහ උස්සගෙන යන්න පවරලා තියෙන දේවල් මේවායි.+ 25 ශුද්ධ කූඩාරමේ පළවෙනි ආවරණය,+ ඊට උඩින් දාන ආවරණ දෙක, ඒවාටත් උඩින් දාන සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු ආවරණය+ සහ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන එල්ලන තිර රෙද්ද.+ 26 ඒ වගේම ශුද්ධ කූඩාරම සහ පූජාසනය වටේ තියෙන මළුවේ තිර රෙදි,+ මළුවේ දොරටුව විදිහට එල්ලලා තියෙන තිර රෙද්ද+ සහ ලණු. ඒවාට සම්බන්ධ සේවාවන් කරන්න ඕනෙ කරන උපකරණ ඇතුළු අනිත් හැම දේමත් පවරලා තියෙන්නේ ඔවුන්ටයි. ගේර්ෂොන්වරුන්ගේ වගකීම් ඒවායි.

  • ගණන් කතාව 4:31-33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 හමු වීමේ කූඩාරම සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන වගකීම් මේවායි.+ කූඩාරමේ රාමු,+ ඒකේ පොලු,+ කණු,+ අඩි,+ 32 මළුව වටේ තියෙන කණු,+ ඒවාවල අඩි,+ කූඤ්ඤ,+ ලණු, ඒවාවලට සම්බන්ධ හැම වැඩකටම ඕනෙ කරන උපකරණ ඔවුන් උස්සගෙන යා යුතුයි. ඔවුන් එක් එක් කෙනා උස්සගෙන යන්න ඕනෙ දේ නිශ්චිතව කියලා ඒ වැඩ කොටස ඔවුන්ට පවරන්න. 33 හමු වීමේ කූඩාරම සම්බන්ධයෙන් මෙරාරීවරුන්ට+ පැවරුණ වගකීම් ඒවායි. ඔවුන් ඒ සියලු වගකීම් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුතා වන ඉතමාර්ගේ අධීක්ෂණය යටතේ.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න