ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 39
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ජීවිතේ හරිම කෙටියි

        • මිනිසාගේ ජීවිතේ හුස්ම පොදක් වගේ (5, 11)

        • “මං කඳුළු සලද්දී අහක බලන් ඉන්න එපා” (12)

ගීතාවලිය 39:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:41; 25:1

ගීතාවලිය 39:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:21
  • +ගීතා 141:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2009, 4-5 පි.

    5/15/2006, 20 පි.

    පාසල් ගුරුපොතේ, 55 පි.

ගීතාවලිය 39:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 38:13; මතෙ 27:12; 1පේතෘ 2:23

ගීතාවලිය 39:3

පාදසටහන්

  • *

    හෝ, “සුසුම්ලද්දී.”

ගීතාවලිය 39:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:12

ගීතාවලිය 39:5

පාදසටහන්

  • *

    හෝ, “ඔබ මගේ ජීවිතේ දවස් ඔබේ එක වියතකින් මැන්නා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:9; යාකො 4:14
  • +ගීතා 90:4
  • +ගීතා 62:9; 144:4

ගීතාවලිය 39:6

පාදසටහන්

  • *

    මූ.අ., “කෑගහනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 49:10; දේශ 2:18, 19; 4:8; ලූක් 12:19, 20

ගීතාවලිය 39:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:11; මීකා 7:19

ගීතාවලිය 39:9

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 40:4; ගීතා 38:13
  • +2සාමු 16:10

ගීතාවලිය 39:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:8
  • +ගීතා 39:5; 102:11

ගීතාවලිය 39:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:1
  • +ලෙවී 25:23; 1ලේක 29:15
  • +හෙබ්‍රෙ 11:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 39:පෙර සටහන1ලේක 16:41; 25:1
ගීතා. 39:1හිතෝ 18:21
ගීතා. 39:1ගීතා 141:3
ගීතා. 39:2ගීතා 38:13; මතෙ 27:12; 1පේතෘ 2:23
ගීතා. 39:4ගීතා 90:12
ගීතා. 39:5ගීතා 90:9; යාකො 4:14
ගීතා. 39:5ගීතා 90:4
ගීතා. 39:5ගීතා 62:9; 144:4
ගීතා. 39:6ගීතා 49:10; දේශ 2:18, 19; 4:8; ලූක් 12:19, 20
ගීතා. 39:8ගීතා 25:11; මීකා 7:19
ගීතා. 39:9යෝබ් 40:4; ගීතා 38:13
ගීතා. 39:92සාමු 16:10
ගීතා. 39:11ගීතා 90:8
ගීතා. 39:11ගීතා 39:5; 102:11
ගීතා. 39:12ගීතා 28:1
ගීතා. 39:12ලෙවී 25:23; 1ලේක 29:15
ගීතා. 39:12හෙබ්‍රෙ 11:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 39:1-13

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. යෙදූතුන්.*+ දාවිත් රචනා කරපු ගීතයක්.

39 “වචනෙකින්වත් පව් නොකරන්න මම අදිටන් කරගෙන ඉන්නවා.+

ඒ නිසා මං තියන පියවර ගැන මං පරෙස්සම් වෙනවා.

දුෂ්ටයෙක් මගේ ඉස්සරහා ඉන්න තාක් කල්

මං කටකලියාවක් දාගෙන ඉන්නවා”+ කියලා මං කිව්වා.

 2 මම කතා නොකර නිහඬව හිටියා.+

හොඳ දෙයක් ගැනවත් මං කතා කළේ නැහැ.

ඒත් මගේ හදවතට දැනුණ වේදනාව මට දරාගන්න බැරි වුණා.

 3 මගේ හදවත දැවෙමින් තිබුණා.

වුණ දේ ගැන හිතන්න හිතන්න* ගින්න තවත් ඇවිළුණා.

ඒ නිසා මං මෙහෙම කිව්වා.

 4 “අනේ යෙහෝවා, මගේ ජීවිතේ අවසන් වෙන්නේ කොහොමද කියලත්

මට ජීවත් වෙන්න තව කොච්චර දවසක් තියෙනවාද කියලත් තේරුම්ගන්න මට උදව් කරන්න.+

එතකොට මගේ ජීවිතේ කොයි තරම් කෙටිද කියලා තේරුම්ගන්න මට පුළුවන් වෙයි.

 5 ඔබ මට ජීවත් වෙන්න දෙන්නේ ටික කාලයකට විතරයි.*+

මගේ මුළු ආයු කාලයම ඔබට සුළු මොහොතක් වගෙයි.+

මිනිසුන් කොයි තරම් සුරක්ෂිතව හිටියත්

ඔවුන්ගේ ජීවිත නිකම්ම නිකම් හුස්ම පොදක් වගෙයි.+ (සීලාහ්)

 6 මිනිසාගේ ජීවිතේ ගෙවිලා යන්නේ සෙවණැල්ලක් වගෙයි.

ඔවුන් නිකරුණේ එහේ මෙහේ දුවනවා.*

වස්තු රැස් කළත් ඒවා කාට උරුම වෙයිද කියලවත් ඔවුන් දන්නේ නැහැ.+

 7 යෙහෝවා දෙවියනි, එහෙනම් මම දැන් බලාපොරොත්තු තියන්නේ මොනවා මතද?

මගේ එකම බලාපොරොත්තුව ඔබයි.

 8 මගේ හැම වරදකින්ම මාව නිදහස් කරන්න.+

මට නින්දා කරන්න අනුවණ කෙනාට ඉඩ දෙන්න එපා.

 9 මම නිහඬව හිටියා.

කිසිම දෙයක් නොකියා කට පියාගෙන හිටියා.+

මොකද මේ හැම දෙයක්ම වෙන්න ඉඩහැරලා තියෙන්නේ ඔබයි.+

10 අනේ, ඔබ මට විඳින්න දුන්න පීඩාව මගෙන් අයින් කරන්න.

ඔබ මට දීපු දඬුවම නිසා මං හොඳටම හෙම්බත් වෙලා.

11 මිනිසෙක් වරදක් කළාම ඔබ ඔහුට දඬුවම් කරලා ඔහුව නිවැරදි කරනවා.+

කාවෙක් දේවල් කාලා දානවා වගේ ඔහු ප්‍රිය කරන දේවල් ඔබ විනාශ කරලා දානවා.

මිනිසාගේ ජීවිතේ නිකම්ම නිකම් හුස්ම පොදක් වගෙයි.+ (සීලාහ්)

12 අනේ යෙහෝවා, මං යාච්ඤා කරද්දී ඇහුම්කන් දෙන්න.

මං උදව් ඉල්ලලා කන්නලව් කරද්දී මට සවන් දෙන්න.+

මං කඳුළු සලද්දී අහක බලන් ඉන්න එපා.

මොකද මං ඔබ ඉස්සරහා ඉන්නේ විදේශිකයෙක් වගෙයි.+

මගේ මුතුන්මිත්තන් වගේ මාත් ටික කාලෙකට ඇවිත් යන අමුත්තෙක් විතරයි.+

13 දෙවියනි, මං දිහා කේන්තියෙන් බලන්න එපා.

එතකොට මැරෙන්න කලින් මට ටිකක් හරි සතුටින් ඉන්න පුළුවන්.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න