ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • ආරොන්ගේ පුතාලා (1-4)

      • ශුද්ධ කූඩාරමේ සේවය කරන්න ලෙවීවරුන්ව තෝරගනියි (5-39)

      • කුලුඳුලන්ව බේරගනියි (40-51)

ගණන් කතාව 3:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:2

ගණන් කතාව 3:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:1; 1ලේක 24:2
  • +නික් 6:25; ද්වි 10:6
  • +නික් 6:23; 38:21; 1ලේක 6:3

ගණන් කතාව 3:3

පාදසටහන්

  • *

    හෝ, “අත්වලට බලය ලබා දීපු.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:1; ලෙවී 8:2, 3

ගණන් කතාව 3:4

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:1, 2
  • +ගණන් 3:32; 20:26
  • +ගණන් 4:28; 7:8

ගණන් කතාව 3:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 8:6; 18:2
  • +ගණන් 1:50; 8:11

ගණන් කතාව 3:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:12
  • +ගණන් 1:51

ගණන් කතාව 3:9

පාදසටහන්

  • *

    හෝ, “දුන්නේ.” හෙබ්‍රෙව් භාෂාවෙන් නෙතුනිම්.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 8:15, 16; 18:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1992, 12 පි.

ගණන් කතාව 3:10

පාදසටහන්

  • *

    ආරොන්ගේ පවුලට අයිති නැති කෙනෙක්.

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:15; ගණන් 18:7
  • +ගණන් 16:39, 40; 1සාමු 6:19; 2ලේක 26:16, 18

ගණන් කතාව 3:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:41, 45

ගණන් කතාව 3:13

පාදසටහන්

  • *

    හෝ, “ශුද්ධ අය විදිහට මටම වෙන් කරගත්තා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:15
  • +ලෙවී 27:26
  • +නික් 13:2; 34:19; ගණන් 18:15; ලූක් 2:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2021, 5 පි.

ගණන් කතාව 3:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:1

ගණන් කතාව 3:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:39

ගණන් කතාව 3:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:16; ගණන් 26:57; 1ලේක 23:6

ගණන් කතාව 3:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:17

ගණන් කතාව 3:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:18

ගණන් කතාව 3:20

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 6:29
  • +නික් 6:19

ගණන් කතාව 3:21

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 6:20

ගණන් කතාව 3:22

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:38-40

ගණන් කතාව 3:23

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:53

ගණන් කතාව 3:25

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:24-26
  • +නික් 26:7
  • +නික් 26:14
  • +නික් 26:36

ගණන් කතාව 3:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:9
  • +නික් 27:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2021, 5 පි.

ගණන් කතාව 3:27

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:19

ගණන් කතාව 3:28

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:34-36

ගණන් කතාව 3:29

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:53

ගණන් කතාව 3:30

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:22; 1ලේක 6:18

ගණන් කතාව 3:31

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:10
  • +නික් 25:23
  • +නික් 25:31
  • +නික් 27:1, 2; 30:1-3
  • +නික් 38:3
  • +නික් 26:31
  • +ගණන් 4:15

ගණන් කතාව 3:32

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:16; 20:28

ගණන් කතාව 3:33

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:20; 26:58

ගණන් කතාව 3:34

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:42-44

ගණන් කතාව 3:35

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:53

ගණන් කතාව 3:36

හරස් යොමු දැක්වීම්

  • +නික් 36:20
  • +නික් 36:31
  • +නික් 26:32, 37; 36:37, 38
  • +නික් 27:19
  • +ගණන් 4:31, 32

ගණන් කතාව 3:37

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2021, 5 පි.

ගණන් කතාව 3:38

පාදසටහන්

  • *

    ලෙවී ගෝත්‍රයට අයිති නැති කෙනෙක්.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:10

ගණන් කතාව 3:40

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:15

ගණන් කතාව 3:41

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:12
  • +නික් 13:2; ගණන් 18:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1995, 16 පි.

ගණන් කතාව 3:45

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1995, 16 පි.

ගණන් කතාව 3:46

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:39, 43
  • +ගණන් 18:15

ගණන් කතාව 3:47

පාදසටහන්

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

  • *

    ගේරා එකක් කියන්නේ ග්‍රෑම් 0.57ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:15, 16
  • +ලෙවී 27:25

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 3:1නික් 19:2
ගණන්. 3:2ලෙවී 10:1; 1ලේක 24:2
ගණන්. 3:2නික් 6:25; ද්වි 10:6
ගණන්. 3:2නික් 6:23; 38:21; 1ලේක 6:3
ගණන්. 3:3නික් 28:1; ලෙවී 8:2, 3
ගණන්. 3:4ලෙවී 10:1, 2
ගණන්. 3:4ගණන් 3:32; 20:26
ගණන්. 3:4ගණන් 4:28; 7:8
ගණන්. 3:6ගණන් 8:6; 18:2
ගණන්. 3:6ගණන් 1:50; 8:11
ගණන්. 3:8ගණන් 4:12
ගණන්. 3:8ගණන් 1:51
ගණන්. 3:9ගණන් 8:15, 16; 18:6
ගණන්. 3:10නික් 40:15; ගණන් 18:7
ගණන්. 3:10ගණන් 16:39, 40; 1සාමු 6:19; 2ලේක 26:16, 18
ගණන්. 3:12ගණන් 3:41, 45
ගණන්. 3:13නික් 13:15
ගණන්. 3:13ලෙවී 27:26
ගණන්. 3:13නික් 13:2; 34:19; ගණන් 18:15; ලූක් 2:23
ගණන්. 3:14නික් 19:1
ගණන්. 3:15ගණන් 3:39
ගණන්. 3:17නික් 6:16; ගණන් 26:57; 1ලේක 23:6
ගණන්. 3:18නික් 6:17
ගණන්. 3:19නික් 6:18
ගණන්. 3:201ලේක 6:29
ගණන්. 3:20නික් 6:19
ගණන්. 3:211ලේක 6:20
ගණන්. 3:22ගණන් 4:38-40
ගණන්. 3:23ගණන් 1:53
ගණන්. 3:25ගණන් 4:24-26
ගණන්. 3:25නික් 26:7
ගණන්. 3:25නික් 26:14
ගණන්. 3:25නික් 26:36
ගණන්. 3:26නික් 27:9
ගණන්. 3:26නික් 27:16
ගණන්. 3:27ගණන් 3:19
ගණන්. 3:28ගණන් 4:34-36
ගණන්. 3:29ගණන් 1:53
ගණන්. 3:30නික් 6:22; 1ලේක 6:18
ගණන්. 3:31නික් 25:10
ගණන්. 3:31නික් 25:23
ගණන්. 3:31නික් 25:31
ගණන්. 3:31නික් 27:1, 2; 30:1-3
ගණන්. 3:31නික් 38:3
ගණන්. 3:31නික් 26:31
ගණන්. 3:31ගණන් 4:15
ගණන්. 3:32ගණන් 4:16; 20:28
ගණන්. 3:33ගණන් 3:20; 26:58
ගණන්. 3:34ගණන් 4:42-44
ගණන්. 3:35ගණන් 1:53
ගණන්. 3:36නික් 36:20
ගණන්. 3:36නික් 36:31
ගණන්. 3:36නික් 26:32, 37; 36:37, 38
ගණන්. 3:36නික් 27:19
ගණන්. 3:36ගණන් 4:31, 32
ගණන්. 3:37නික් 27:10, 11
ගණන්. 3:38ගණන් 3:10
ගණන්. 3:40ගණන් 3:15
ගණන්. 3:41ගණන් 3:12
ගණන්. 3:41නික් 13:2; ගණන් 18:15
ගණන්. 3:46ගණන් 3:39, 43
ගණන්. 3:46ගණන් 18:15
ගණන්. 3:47ගණන් 18:15, 16
ගණන්. 3:47ලෙවී 27:25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 3:1-51

ගණන් කතාව

3 සීනයි කන්දේදී+ යෙහෝවා දෙවියන් මෝසෙස් එක්ක කතා කරපු කාලේදී ආරොන්ගේ සහ මෝසෙස්ගේ පවුල්වල හිටපු අයගේ විස්තර මේවායි. 2 ආරොන්ගේ කුලුඳුල් පුතාගේ නම නාදාබ්. අනිත් පුතාලාගේ නම් අබිහු,+ එලියාසර්+ සහ ඉතමාර්.+ 3 පූජකයන් විදිහට සේවය කරන්න අභිෂේක කරපු* ආරොන්ගේ පුතාලාගේ නම් ඒවායි.+ 4 සීනයි පාළුකරයේදී, නාදාබ් සහ අබිහු යෙහෝවාට ගින්නක් ඔප්පු කළා. ඒත් එයාලා ඒක ඔප්පු කළේ අවසර දීලා තිබුණේ නැති විදිහට. ඒ නිසා එයාලා යෙහෝවා ඉස්සරහා මිය ගියා.+ එයාලා මැරෙද්දී එයාලට පුතාලා හිටියේ නැහැ. එලියාසර්+ සහ ඉතමාර්+ එයාලාගේ තාත්තා වන ආරොන් එක්ක දිගටම පූජකයන් විදිහට සේවය කළා.

5 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. 6 “ලෙවී ගෝත්‍රයේ+ අයට එන්න කියලා ඔවුන්ව පූජක ආරොන් ළඟට එක්කගෙන යන්න. ආරොන්ට උදව් කරන්න ඕනෙ ඒ අයයි.+ 7 ඔවුන් හමු වීමේ කූඩාරමට සම්බන්ධ හැම සේවාවක්ම කළ යුතුයි. ආරොන් සහ මුළු සෙනඟ වෙනුවෙන් ඔවුන් ඒ හැම වගකීමක්ම ඉටු කළ යුතුයි. 8 හමු වීමේ කූඩාරමට අයිති හැම දෙයක්ම බලාගන්න ඕනෙත් ඒ අයයි.+ ඔවුන් ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් ශුද්ධ කූඩාරමට සම්බන්ධ සේවාවන් ඉටු කළ යුතුයි.+ 9 ලෙවීවරුන්ව ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට භාර දෙන්න. මොකද ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඒ අයව තෝරගෙන තියෙන්නේ* ආරොන්ට සේවය කරන්නයි.+ 10 ඔබ ආරොන්ව සහ ඔහුගේ පුතුන්ව පූජකයන් විදිහට පත් කරන්න. පූජකයන්ට තියෙන වගකීම් ඔවුන් ඉටු කළ යුතුයි.+ ශුද්ධස්ථානය ළඟට යන්න අවසර නැති කෙනෙක්* එතනට ආවොත් ඒ කෙනාව මරා දැමිය යුතුයි.”+

11 යෙහෝවා මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 12 “ඊශ්‍රායෙල්වරුන්ගේ කුලුඳුලන් වෙනුවට මට සේවය කරන්න මම තෝරගෙන තියෙන්නේ ලෙවීවරුන්වයි.+ ලෙවීවරුන් අයිති මටයි. 13 මොකද ඊජිප්තුවරුන්ගේ කුලුඳුලන් හැමෝටම මම පහර දුන්න දවසේදී+ ඊශ්‍රායෙල්වරුන්ගේ හැම කුලුඳුල් දරුවෙක්වමත් හැම කුලුඳුල් සතෙක්වමත් මට කැප කරන්න කියලා මම නියම කළා.*+ ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ හැම කුලුඳුලෙක්ම අයිති මටයි.+ මම යෙහෝවා.”

14 සීනයි පාළුකරයේදී+ යෙහෝවා ආයෙත් මෝසෙස්ට කතා කරලා මෙහෙම කිව්වා. 15 “ලෙවීගේ පුතුන්ව ඔවුන්ගේ පෙළපත් අනුවත් පවුල් අනුවත් ලියාපදිංචි කරන්න. මාසයක් හෝ ඊට වඩා වැඩි වයසේ ඉන්න හැම පිරිමි කෙනෙක්වම ඔබ ලියාපදිංචි කළ යුතුයි.”+ 16 ඉතින් යෙහෝවා අණ කරපු විදිහට මෝසෙස් ලෙවීවරුන්ව ලියාපදිංචි කළා. 17 ලෙවීගේ පුතුන්ගේ නම් මේවායි. ගේර්ෂොන්, කෝහාත් සහ මෙරාරී.+

18 ගේර්ෂොන්ගේ පුතුන්ගේ නම් ලිබ්නි සහ ෂිමෙයි.+ ඒ එක් එක් පුතාගේ නමින් පවුලක් බිහි වුණා.

19 කෝහාත්ගේ පුතුන්ගේ නම් අම්රාම්, ඉෂ්හාර්, හෙබ්‍රොන් සහ උස්සියෙල්.+ ඒ එක් එක් පුතාගේ නමින් පවුලක් බිහි වුණා.

20 මෙරාරීගේ පුතුන්ගේ නම් මාලී+ සහ මූෂී.+ ඒ එක් එක් පුතාගේ නමින් පවුලක් බිහි වුණා.

ලෙවීගෙන් පැවතෙන පෙළපත් සහ පවුල් ඒවායි.

21 ලිබ්නිවරු+ සහ ෂිමෙයිවරු පැවතෙන්නේ ගේර්ෂොන්ගෙන්. ගේර්ෂොන්වරු විදිහට හඳුන්වන්නේ ඒ අයවයි. 22 ගේර්ෂොන්වරු අතරේ හිටපු මාසයක් හෝ ඊට වඩා වැඩි වයසේ ඉන්න හැම පිරිමි කෙනෙක්වම ලියාපදිංචි කළා. ඒ අයගේ මුළු ගාණ 7,500යි.+ 23 ගේර්ෂොන්වරු ශුද්ධ කූඩාරම+ පිටිපස්සේ ඒ කියන්නේ බස්නාහිර පැත්තට වෙන්න කඳවුරු බැඳගෙන හිටියා. 24 ගේර්ෂොන්වරුන්ගේ පෙළපතේ අධිපතියා වුණේ ලායෙල්ගේ පුතා වන එලියාසාෆ්. 25 හමු වීමේ කූඩාරම සම්බන්ධයෙන් ගේර්ෂොන්වරුන්ට+ තිබුණ වගකීම්වලට කූඩාරම, ඒකේ පළවෙනි තිර රෙද්ද,+ ඊට උඩින් දාන ආවරණ,+ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන තිර රෙද්ද,+ 26 ශුද්ධ කූඩාරම සහ පූජාසනය වටේට තියෙන මළුවේ එල්ලන තිර රෙදි,+ මළුවට ඇතුල් වෙන තැන එල්ලන තිර රෙද්ද+ සහ ලණු බලා කියා ගන්න එක ඇතුළත් වුණා. ඒ දේවලට සම්බන්ධ හැම සේවාවක්ම කළේ ඒ අයයි.

27 අම්රාම්වරු, ඉෂ්හාර්වරු, හෙබ්‍රොන්වරු සහ උස්සියෙල්වරු පැවතෙන්නේ කෝහාත්ගෙන්. කෝහාත්වරු විදිහට හඳුන්වන්නේ ඒ අයවයි.+ 28 කෝහාත්වරුන් අතරේ හිටපු මාසයක් හෝ ඊට වඩා වැඩි වයසේ ඉන්න පිරිමි අයගේ මුළු ගාණ 8,600යි. ශුද්ධස්ථානයට සම්බන්ධ සේවාවන් භාර දීලා තිබුණේ ඒ අයටයි.+ 29 කෝහාත්වරුන්ගේ පවුල් කඳවුරු බැඳගෙන හිටියේ ශුද්ධ කූඩාරමේ දකුණු පැත්තේ.+ 30 කෝහාත්වරුන්ගේ පෙළපතේ අධිපතියා වුණේ උස්සියෙල්ගේ+ පුතා වන එලිෂාෆාන්. 31 කෝහාත්වරුන්ගේ වගකීම්වලට ගිවිසුම් පෙට්ටිය,+ මේසය,+ පහන් රුක,+ පූජාසන,+ ශුද්ධස්ථානයේ වැඩකටයුතුවලට පාවිච්චි කරන භාණ්ඩ,+ කූඩාරම ඇතුළේ තියෙන තිර රෙද්ද+ බලාගන්න එක ඇතුළත් වුණා. ඒ දේවලට සම්බන්ධ හැම සේවාවක්ම+ කළේ ඒ අයයි.

32 ලෙවීවරු අතරේ හිටපු අධිපතීන්ගේ ප්‍රධානියා විදිහට පත් කළේ පූජක ආරොන්ගේ පුතා වන එලියාසර්වයි.+ ශුද්ධස්ථානයේ සේවාවන් කරන අයගේ වැඩ බැලුවේ එයායි.

33 මාලීවරු සහ මූෂීවරු පැවතෙන්නේ මෙරාරීගෙන්. මෙරාරීවරු+ විදිහට හඳුන්වන්නේ ඒ අයවයි. 34 මෙරාරීවරු අතරේ හිටපු මාසයක් හෝ ඊට වඩා වැඩි වයසේ ඉන්න හැම පිරිමි කෙනෙක්වම ලියාපදිංචි කළා. ඒ අයගේ මුළු ගාණ 6,200යි.+ 35 මෙරාරීවරුන්ගේ පෙළපතේ අධිපතියා වුණේ අබිහයිල්ගේ පුතා වන ෂුරියෙල්. ඒ අය කඳවුරු බැඳගෙන හිටියේ ශුද්ධ කූඩාරමේ උතුරු පැත්තේ.+ 36 මෙරාරීවරුන්ගේ වගකීම්වලට කූඩාරමේ රාමු,+ ඒකේ පොලු,+ කණු,+ අඩි සහ ඒකේ හැම භාණ්ඩයක්ම+ බලාගන්න එක ඇතුළත් වුණා. ඒ දේවලට සම්බන්ධ හැම සේවාවක්ම කළේ ඒ අයයි.+ 37 මළුව වටේට තියෙන කණු, ඒවාවල අඩි,+ කූඤ්ඤ සහ ලණු බලාගත්තෙත් ඒ අයයි.

38 ශුද්ධ කූඩාරම ඉස්සරහා පැත්තේ ඒ කියන්නේ නැඟෙනහිර පැත්තේ මෝසෙස්, ආරොන් සහ එයාගේ පුතුන් කඳවුරු බැඳගෙන හිටියා. ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් ශුද්ධස්ථානයේ සේවාවන් බලා කියා ගත්තේ එයාලයි. ශුද්ධස්ථානය ළඟට යන්න අවසර නැති කෙනෙක්* එතනට ගියොත් ඒ කෙනාව මරලා දැම්මා.+

39 මෝසෙස් සහ ආරොන් යෙහෝවා අණ කරපු විදිහට ලෙවීවරුන්ව එයාලාගේ පවුල්වලට අනුව ලියාපදිංචි කළා. එයාලා අතරේ හිටපු මාසයක් හෝ ඊට වඩා වැඩි වයසේ ඉන්න පිරිමි අයගේ මුළු ගාණ 22,000යි.

40 ඊටපස්සේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න මාසයක් හෝ ඊට වඩා වැඩි වයසේ හැම කුලුඳුල් පිරිමි කෙනෙක්වම ලියාපදිංචි කරන්න.+ ඒ එක් එක් කෙනාව ගණන් කරලා ඔවුන්ගේ නම් සටහන් කරගන්න. 41 ඊශ්‍රායෙල්වරුන්ගේ හැම කුලුඳුලෙක්ම වෙනුවට ලෙවීවරුන්ව මට කැප කරන්න.+ ඊශ්‍රායෙල්වරුන්ගේ හැම කුලුඳුල් සතෙක්ම වෙනුවට ලෙවීවරුන්ගේ සතුන්ව මට කැප කරන්න.+ මම යෙහෝවා.” 42 මෝසෙස්, යෙහෝවා අණ කරපු විදිහට ඊශ්‍රායෙල්වරුන්ගේ හැම කුලුඳුලෙක්වම ලියාපදිංචි කළා. 43 මාසයක් හෝ ඊට වඩා වැඩි වයසේ ඉන්න, ලියාපදිංචි කරපු කුලුඳුල් පිරිමි අයගේ මුළු ගාණ 22,273යි.

44 යෙහෝවා මෝසෙස්ට මේ දේත් කිව්වා. 45 “ඊශ්‍රායෙල්වරුන්ගේ හැම කුලුඳුලෙක්ම වෙනුවට ලෙවීවරුන්ව මට කැප කරන්න. ඊශ්‍රායෙල්වරුන්ගේ හැම කුලුඳුල් සතෙක්ම වෙනුවට ලෙවීවරුන්ගේ සතුන්ව මට කැප කරන්න. ලෙවීවරුන් අයිති මටයි. මම යෙහෝවා. 46 ලෙවීවරුන්ගේ ගාණට වඩා ඊශ්‍රායෙල් කුලුඳුලන්ගේ ගාණ 273කින් වැඩියි.+ වැඩිපුර ඉන්න ඒ අයව බේරගන්න+ 47 ඒ එක් එක් කෙනා වෙනුවෙන් ෂෙකෙල්* පහ ගාණේ ඔබ එකතු කළ යුතුයි.+ ඒ මුදල ගෙවන්න ඕනෙ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලිනුයි. ෂෙකෙලයක බර ගේරා* මිමි 20යි.+ 48 වැඩිපුර ඉන්න කුලුඳුලන්ව බේරගන්න එකතු කරපු ඒ මුදල් ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට දෙන්න.” 49 ලෙවීවරුන්ගේ ගාණට වඩා වැඩිපුර හිටපු අයව බේරගන්න ගෙවපු මුදල් මෝසෙස් එකතු කළා. 50 එයා ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු කුලුඳුලන්ගෙන් ෂෙකෙල් 1,365ක් එකතු කරගත්තා. එකතු කරගත්ත ඒ එක ෂෙකෙලයක බර ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට සමානයි. 51 ඊටපස්සේ යෙහෝවා අණ කරපු විදිහට මෝසෙස් කුලුඳුලන්ව බේරගන්න එකතු කරගත්ත ඒ මුදල ආරොන්ට සහ එයාගේ පුතුන්ට භාර දුන්නා. යෙහෝවා දෙවියන් අණ කරපු විදිහටම මෝසෙස් කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න