ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව පොතේ සාරාංශයක්

      • භාරයක් විදිහට දුන්න දේවල් මුදවගනියි (1-27)

        • මිනිස්සු (1-8)

        • සත්තු (9-13)

        • ගෙවල් (14, 15)

        • ඉඩම් (16-25)

        • කුලුඳුල් සත්තු (26, 27)

      • යෙහෝවාට සදහටම කැප කරන දේවල් (28, 29)

      • දහයෙන් කොටස් ආපහු මිල දීලා ගන්න විදිහ (30-34)

ලෙවී කතාව 27:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:21; විනි 11:30, 31; 1සාමු 1:11

ලෙවී කතාව 27:3

පාදසටහන්

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

  • *

    හෝ, “ශුද්ධ ෂෙකෙලයේ.”

ලෙවී කතාව 27:8

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 5:7, 11; 12:8; 14:21
  • +ලූක් 21:2-4; 2කොරි 8:12

ලෙවී කතාව 27:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:25; ද්වි 14:7, 8

ලෙවී කතාව 27:13

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:19

ලෙවී කතාව 27:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:11, 12

ලෙවී කතාව 27:16

පාදසටහන්

  • *

    හෝමරයක් කියන්නේ ලීටර් 220ක් (කි.ග්‍රෑ. 130ක් විතර). උප. B14 බලන්න.

ලෙවී කතාව 27:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:10

ලෙවී කතාව 27:18

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:15, 16

ලෙවී කතාව 27:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:8, 14

ලෙවී කතාව 27:22

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:25

ලෙවී කතාව 27:23

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:11, 12, 18

ලෙවී කතාව 27:24

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:10, 28

ලෙවී කතාව 27:25

පාදසටහන්

  • *

    ගේරා එකක් කියන්නේ ග්‍රෑම් 0.57ක්. උප. B14 බලන්න.

ලෙවී කතාව 27:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:2; ගණන් 18:17
  • +නික් 22:30; ද්වි 15:19

ලෙවී කතාව 27:27

පාදසටහන්

  • *

    හෝ, “මුදවගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:11-13

ලෙවී කතාව 27:28

පාදසටහන්

  • *

    ඒ කියන්නේ කිසිම කොන්දේසියක් නැතුව යෙහෝවාට කැප කළොත්.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:8, 14

ලෙවී කතාව 27:29

පාදසටහන්

  • *

    හෝ, “විනාශයට වෙන් කරපු.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:2
  • +යොෂු 6:17; 1සාමු 15:3, 18

ලෙවී කතාව 27:30

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:20; 28:22; ගණන් 18:21, 26; ද්වි 14:22; 2ලේක 31:5; නෙහෙ 13:12; මලා 3:10; ලූක් 11:42; හෙබ්‍රෙ 7:5

ලෙවී කතාව 27:32

පාදසටහන්

  • *

    එඬේරෙක් සතුන්ව ගණන් කළේ එයාගේ සැරයටිය යටින් උන්ව පෝළිමට යවලයි.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2008, 9 පි.

ලෙවී කතාව 27:33

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:9, 10

ලෙවී කතාව 27:34

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:1; ගණන් 1:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ලෙවී. 27:2ද්වි 23:21; විනි 11:30, 31; 1සාමු 1:11
ලෙවී. 27:8ලෙවී 5:7, 11; 12:8; 14:21
ලෙවී. 27:8ලූක් 21:2-4; 2කොරි 8:12
ලෙවී. 27:11ලෙවී 20:25; ද්වි 14:7, 8
ලෙවී. 27:13ලෙවී 27:19
ලෙවී. 27:14ලෙවී 27:11, 12
ලෙවී. 27:17ලෙවී 25:10
ලෙවී. 27:18ලෙවී 25:15, 16
ලෙවී. 27:21ගණන් 18:8, 14
ලෙවී. 27:22ලෙවී 25:25
ලෙවී. 27:23ලෙවී 27:11, 12, 18
ලෙවී. 27:24ලෙවී 25:10, 28
ලෙවී. 27:26නික් 13:2; ගණන් 18:17
ලෙවී. 27:26නික් 22:30; ද්වි 15:19
ලෙවී. 27:27ලෙවී 27:11-13
ලෙවී. 27:28ගණන් 18:8, 14
ලෙවී. 27:29ගණන් 21:2
ලෙවී. 27:29යොෂු 6:17; 1සාමු 15:3, 18
ලෙවී. 27:30උත් 14:20; 28:22; ගණන් 18:21, 26; ද්වි 14:22; 2ලේක 31:5; නෙහෙ 13:12; මලා 3:10; ලූක් 11:42; හෙබ්‍රෙ 7:5
ලෙවී. 27:33ලෙවී 27:9, 10
ලෙවී. 27:34නික් 3:1; ගණන් 1:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 27:1-34

ලෙවී කතාව

27 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘කවුරු හරි කෙනෙක් විශේෂ භාරයක්+ විදිහට පුද්ගලයෙක්ගේ වටිනාකම යෙහෝවාට දෙන්න පොරොන්දු වුණොත් ඒ වටිනාකම තීරණය කරන්න ඕනෙ මේ විදිහටයි. 3 වයස අවුරුදු 20ත් 60ත් අතර පුරුෂයෙක්ගේ වටිනාකම රිදී ෂෙකෙල්* 50යි. ඒ හැම ෂෙකෙල් එකකම බර ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ* බරට සමාන විය යුතුයි. 4 ඒ වයසේම ඉන්න ස්ත්‍රියකගේ වටිනාකම ෂෙකෙල් 30යි. 5 වයස අවුරුදු 5ත් 20ත් අතර පිරිමි කෙනෙක්ගේ වටිනාකම ෂෙකෙල් 20යි. ගැහැනු කෙනෙක්ගේ වටිනාකම ෂෙකෙල් 10යි. 6 වයස මාසයත් අවුරුදු පහත් අතර පුතෙක්ගේ වටිනාකම රිදී ෂෙකෙල් පහයි. දුවෙක්ගේ වටිනාකම රිදී ෂෙකෙල් තුනයි.

7 “‘වයස අවුරුදු 60ක් හරි ඊට වඩා වයසින් වැඩි පුරුෂයෙක්ගේ වටිනාකම ෂෙකෙල් 15යි. ස්ත්‍රියකගේ වටිනාකම ෂෙකෙල් 10යි. 8 ඒත් පුද්ගලයෙක්ගේ වටිනාකමට නියමිත ගාණ දෙන්න තරම් වත්කමක් කෙනෙක්ට නැත්නම්+ ඔහු පූජකයා ළඟට යා යුතුයි. එතකොට පූජකයාට පුළුවන් ඔහු කීයක් ගෙවන්න ඕනෙද කියලා තීරණය කරන්න. පූජකයා භාරය වුණ කෙනාගේ වත්කමට අනුව ඒක තීරණය කරයි.+

9 “‘කෙනෙක් යෙහෝවාට පූජාවක් විදිහට ඔප්පු කරන්න පුළුවන් සතෙක්ව භාරයක් හැටියට දෙන්න පොරොන්දු වුණොත් යෙහෝවාට දෙන ඒ සතා ශුද්ධයි. ඌ අයිති දෙවියන්ටයි. 10 ඒ සතා වෙනුවට තව සතෙක්ව දෙන්න ඔහුට බැහැ. හොඳ සතෙක් වෙනුවට නරක සතෙක්වත් නරක සතෙක් වෙනුවට හොඳ සතෙක්වත් හුවමාරු කරන්න බැහැ. ඔහු එහෙම දෙයක් කළොත් ඒ සත්තු දෙන්නාම ඒ කියන්නේ මුලින් දුන්න සතාවයි, මාරු කරන්න ගෙනාපු සතාවයි දෙවියන්ට අයිති වෙනවා. උන් ශුද්ධයි. 11 යෙහෝවාට පූජාවක් හැටියට ඔප්පු කරන්න බැරි අපවිත්‍ර සතෙක්ව+ භාරයක් හැටියට දෙන්න පොරොන්දු වුණොත් ඔහු පූජකයා ඉස්සරහට ඒ සතාව ගෙනා යුතුයි. 12 පූජකයා ඌ හොඳ තත්වයක ඉන්නවාද නැද්ද කියලා බලලා ඒ අනුව උගේ වටිනාකම නියම කළ යුතුයි. පූජකයා නියම කරන ගාණ තමයි උගේ වටිනාකම. 13 ඒත් ඒ සතාව ආපහු මිල දීලා ගන්න භාරය වුණ කෙනාට අවශ්‍ය නම් සතාට නියම කරපු ගාණත් එක්ක ඒ ගාණෙන් පහෙන් එකකුත් ඔහු ගෙවිය යුතුයි.+

14 “‘කෙනෙක් තමන්ගේ නිවස ශුද්ධ දෙයක් විදිහට යෙහෝවාට කැප කළොත් පූජකයා ඒ නිවසේ තත්වය බලලා ඒ අනුව ඒකේ වටිනාකම නියම කළ යුතුයි. පූජකයා නියම කරන ඒ ගාණ තමයි නිවසේ වටිනාකම වෙන්නේ.+ 15 නිවස කැප කරපු කෙනාට ඒ නිවස ආපහු මිල දීලා ගන්න අවශ්‍ය නම් නිවසට නියම කරපු ගාණත් එක්ක ඒ ගාණෙන් පහෙන් එකකුත් ගෙවිය යුතුයි. එතකොට ඔහුට ඒක ආයෙත් අයිති වෙනවා.

16 “‘කෙනෙක් තමන්ට අයිති ඉඩමෙන් කොටසක් යෙහෝවාට කැප කළොත් ඒකේ වටිනාකම තීරණය කරන්න ඕනෙ ඒ ඉඩම වපුරන්න අවශ්‍ය වෙන බීජ ප්‍රමාණයට අනුවයි. ඉඩම වපුරන්න බාර්ලි හෝමරයක්* අවශ්‍ය නම් ඒකේ වටිනාකම රිදී ෂෙකෙල් 50යි. 17 ඔහු තමන්ගේ බිම් කොටස කැප කළේ නිදහස ලැබෙන අවුරුද්දේදී+ නම් ඒකේ වටිනාකමේ වෙනසක් වෙන්නේ නැහැ. 18 ඒත් ඔහු ඒ බිම් කොටස නිදහස ලැබෙන අවුරුද්දෙන් පස්සේ කැප කළොත් ඒ බිම් කොටසේ වටිනාකම අඩු වෙන්න ඕනේ. පූජකයා ඒකේ වටිනාකම තීරණය කරන්න ඕනෙ ඊළඟ නිදහස ලැබෙන අවුරුද්ද වෙන කල් තියෙන අවුරුදු ගාණ අනුවයි.+ 19 බිම් කොටස කැප කරපු කෙනාට ඒක ආපහු මිල දීලා ගන්න උවමනා වුණොත් ඒකේ වටිනාකමයි, ඒ ගාණෙන් පහෙන් එකකුයි ඒකත් එක්ක ගෙවිය යුතුයි. එතකොට ඒක ආයෙත් ඔහුට අයිති වෙනවා. 20 ඒත් ඔහු ඒ බිම් කොටස ආපහු මිල දීලා ගන්නේ නැතුව ඒක වෙනත් කෙනෙක්ට විකුණුවොත් ඒක කවදාවත් ආපහු මිල දීලා ගන්න බැහැ. 21 නිදහස ලැබෙන අවුරුද්දේදී ඒ බිම් කොටස යෙහෝවාට කැප කළ යුතුයි. ඒක ශුද්ධ දෙයක් හැටියට සැලකිය යුතුයි.+ ඒක පූජකයන්ට අයිති වෙනවා.

22 “‘කෙනෙක් තමන්ට උරුමයෙන් ලැබුණේ නැති, මිල දීලා ගත්ත ඉඩමක් යෙහෝවාට කැප කළොත්+ 23 පූජකයා නිදහස ලැබෙන අවුරුද්ද වෙන කල් ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාණ ගණන් කරලා ඒ අනුව ඒකේ වටිනාකම තීරණය කරන්න ඕනේ. ඒ කෙනා ඒ මුදල එදාම ගෙවිය යුතුයි.+ ඒ මුදල යෙහෝවා සලකන්නේ ශුද්ධ දෙයක් විදිහටයි. 24 නිදහස ලැබෙන අවුරුද්දේදී ඒ ඉඩම ඒක විකුණපු කෙනාට ඒ කියන්නේ මුල් අයිතිකරුට ආපහු අයිති වෙනවා.+

25 “‘හැම දේකම වටිනාකම තීරණය කරන්න ඕනෙ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බර පාවිච්චි කරලයි. ෂෙකෙලයක බර ගේරා* 20ක් විය යුතුයි.

26 “‘හැබැයි කුලුඳුල් සතුන්ව කැප කරන්න කිසිම කෙනෙක්ට අවසර නැහැ. මොකද උන් කොහොමත් අයිති යෙහෝවාටයි.+ ඒ සතා ගවයෙක් වුණත් බැටළුවෙක් වුණත් ඌව අයිති යෙහෝවාටයි.+ 27 ඒත් අපවිත්‍ර කුලුඳුල් සතුන්ව ආපහු මිල දීලා ගන්න* පුළුවන්. කෙනෙක් එහෙම කරනවා නම් ඒ සතාට නියම කරපු වටිනාකමත් එක්ක ඒකෙන් පහෙන් එකකුත් ගෙවිය යුතුයි.+ ඒත් ඔහු ඌව මිල දීලා ගත්තේ නැත්නම් නියම කරපු වටිනාකමට පූජකයා ඌව විකිණිය යුතුයි.

28 “‘කෙනෙක් තමන් යටතේ ඉන්න මනුස්සයෙක්ව හරි තමන්ට අයිති සතෙක්ව හරි උරුමයෙන් තමන්ට අයිති වුණ ඉඩමක් හරි යෙහෝවාට සදහටම* කැප කළොත් ඒ කෙනාව හරි සතාව හරි ඒ ඉඩම හරි විකුණන්නවත් ආපහු මිල දීලා ගන්නවත් ඔහුට අවසර නැහැ. යෙහෝවාට කැප කරන හැම දෙයක්ම ඔහුට අයිති වෙනවා. ඒවා ඉතා ශුද්ධයි.+ 29 මරණයට නියම කරපු* කෙනෙක්ව කොහොමටවත් මුදවගන්න අවසර නැහැ.+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

30 “‘දේශයෙන් ලැබෙන පලදාවෙන් දහයෙන් කොටසක්+ යෙහෝවාට අයිතියි. ධාන්‍ය අස්වැන්නෙන් වගේම ගස්වල පලදාවෙන් දහයෙන් කොටසක් ඔහුට දිය යුතුයි. ඒවා යෙහෝවාට අයිති ශුද්ධ කොටස්. 31 ඔහුට දෙන ඒ දහයෙන් කොටස කෙනෙක්ට ආපහු මිල දීලා ගන්න අවශ්‍ය නම් ඒ කෙනා ඒකේ වටිනාකමත් එක්ක ඒකෙන් පහෙන් කොටසකුත් ගෙවිය යුතුයි. 32 එළු බැටළු සහ ගව රැළේ ඉන්න සතුන් දහදෙනෙක්ගෙන් එකෙක් යෙහෝවාට දිය යුතුයි. එඬේරා තමන්ට අයිති සතුන්ව ගණන් කරද්දී දහවෙනියට එන සතාව දෙවියන්ට දිය යුතුයි.* දහවෙනියට එන හැම සතෙක්ම ශුද්ධයි. 33 ඒ දහවෙනි සතාගේ තත්වය හොඳද නරකද කියලා පරීක්ෂා කරලා බලන්න එපා. ඒ සතාව ආපහු අරගෙන ඌ වෙනුවට තව සතෙක්ව දෙන්න අවසර නැහැ. මොකක් හරි හේතුවක් නිසා ඔහු එහෙම කරන්න හැදුවොත් ඒ සත්තු දෙන්නාම ඒ කියන්නේ දහවෙනි සතායි, මාරු කරන්න ගෙනාපු සතායි දෙවියන්ට අයිති වෙනවා. උන් ශුද්ධයි.+ උන්ව ආපහු මිල දීලා ගන්න බැහැ.’”

34 ඒ ආඥා යෙහෝවා දෙවියන් සීනයි කන්දේදී මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් සෙනඟට දුන්නා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න