දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පුනරීක්ෂණය
වර්ෂ 2000 මැයි 1වනදා සිට අගෝස්තු 21 දක්වා සති සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පියවනු ලැබූ තොරතුරුවල මූලාශ්‍ර භාවිත නොකර කරනු ලබන පුනරීක්ෂණයකි. වෙන් කරන ලද කාලය තුළ ඔබට හැකි පමණ ප්‍රශ්නවලට උත්තර සැපයීම සඳහා වෙනම කඩදාසියක් භාවිත කරන්න.
[සැ.යු: ලිඛිත පුනරීක්ෂණයේදී ඕනෑම ප්‍රශ්නයකට උත්තර සැපයීමට බයිබලය පමණක් භාවිත කළ හැකිය. ප්‍රශ්න සමඟ දක්වා ඇති යොමු සටහන් ඔබගේ පෞද්ගලික ගවේෂණය සඳහාය. මුරටැඹ සඟරාවට යොමු දක්වන සෑම අවස්ථාවකම පිටුව සහ ඡේදය දක්වා නොතිබෙන්න පුළුවන.]
පහත සඳහන් සෑම ප්‍රකාශයක්ම සැබෑද නැත්නම් බොරුද කියා ලකුණු කරන්න:
1. එප්‍රායිම්හි මිනිසුන් අසාධාරණ ලෙස කළ දොස් නැඟීමට ගිඩියොන් දුන් පිළිතුරෙන් ඔහුගේ නිහතමානීකම පිළිබිඹු වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට දොස් නැඟීම නතර වූ අතර, සාමකාමී සබඳතා ඇති කරගැනීමට හැකි වුණා. (විනි. 8:1-3) [සතියේ බයිබල් කියවීම]
2. ‘අප දෙවිව දුටුවා’ කියා මානෝවා පැවසුවත්, ඇත්තෙන්ම ඔහුත් ඔහුගේ භාර්යාවත් දුටුවේ යෙහෝවාව නොව, නමුත් ශරීරයක් මූර්තිමත් කරගත් දෙවිගේ නියෝජිතයෙක්වයි. (විනි. 13:22) [සතියේ බයිබල් කියවීම; wSN88 8/1 32 පි. 2 ඡේ. බලන්න.]
3. විනිශ්චයකාරයන් 5:31හි සඳහන් ‘ඔහුට ප්‍රේමකරන්නෝ’ යන ප්‍රකාශය අනාවැකිමය අර්ථයෙන් ගත් කල, එයින් යොමු දක්වන්නේ රාජ්‍යයේ උරුමක්කරුවන් වන 1,44,000දෙනාටයි. [bsi99 විනිශ්චයකාරයන් 28 ඡේ.]
4. මළ මුහුදේ ලියවිලි අතර රූත් පොතෙහි කිසිම කොටසක් සොයාගෙන නැහැ. [bsi99 රූත් 3 ඡේ.]
5. විනිශ්චයකාරයන් 21:25හි සඳහන් වන්නේ යෙහෝවා ඉශ්රායෙල්වරුන්ට මඟ පෙන්වීම සඳහා කිසිම සැපයුමක් නොදුන් කාලයක් ගැනයි. [සතියේ බයිබල් කියවීම; w95 6/15 22 පි. 16 ඡේ. බලන්න.]
6. ගිවිසුම් පෙට්ටිය මත තබා තිබූ කෙරුබ් රූපවලින් අඟවනු ලැබුවේ යෙහෝවාගේ රාජකීය පැමිණ සිටීමයි. ඔහු ‘කෙරුබ්වරුන් පිට සිටින [නැතහොත් “අතර”]’ බව පවසා තිබෙනවා. (1 සාමු. 4:4, NW, පාදසටහන) [සතියේ බයිබල් කියවීම; wSN82 4/1 21 පි. 1 ඡේ. බලන්න.]
7.සාවුල්ගේ සොල්දාදුවන් කරන්න වෙන කිසිම දෙයක් නැති අවස්ථාවකදී ලේ පිටින් මස් අනුභව කළ අවස්ථාවේදී ඔවුන්ට දඬුවම් කළේ නැහැ. මෙයින් පෙනෙන්නේ, ජීවිතය රැකගැනීමේ අරමුණින් දිව්‍ය නීතිය යම් අවස්ථාවලදී නොසලකා හැරීමට හොඳ හේතු තිබෙන බවයි. (1 සාමු. 14:24-35) [සතියේ බයිබල් කියවීම; w94 4/15 31 පි. 7-9 ඡේ. බලන්න.]
8. ඇතමුන් “නම්මාගැනීම [NW]” යන වචනය, තම අභිමතය ඉටු කරගැනීම සඳහා කාරණා දක්ෂ ලෙස මෙහෙයවීම සමඟ සම්බන්ධ කර දක්වයි. එහෙත් යෝග්‍ය මෙන්ම තර්කානුකූල ලෙස හේතු දැක්වීම මගින් ඒත්තුගැන්වීම හා මනසේ වෙනසක් ඇති කිරීම අදහස් වන අයුරින්ද එම වචනය ඒකාන්ත අර්ථයකින් යොදාගත හැකියි. (2 තිමෝ. 3:14, 15) [w98 5/15 21 පි. 4 ඡේ.]
9. “ජීවතුන්ගේ මිටිය” යන්නෙන් යොමු දක්වන්නේ ආරක්ෂාව හා රැකවරණය සැලසීම සඳහා වූ දෙවිගේ සැපයුමටයි. දෙවිගේ ඇස් හමුවෙහි ලේ වරදින් නිදහස් වීමෙන් දාවිත්ට එම සැපයුමෙන් ප්‍රයෝජන ගත හැකි වුණා. (1 සාමු. 25:29) [සතියේ බයිබල් කියවීම; wSN91 11/1 14 පි. 3 ඡේ. බලන්න.]
10. දෙවන සාමුවෙල් 7:16හි සඳහන් දාවිත් සමඟ කළ රාජ්‍ය ගිවිසුම, මෙසියස් දක්වා වූ වංශය හා සම්බන්ධ පෙළපතට සීමා වුණා. ‘සදහටම’ පාලනය කිරීම සඳහා දාවිත්ගේ පෙළපතින් කෙනෙක් පැමිණෙන බවට නීතිමය වැදගත්කමක් තිබෙන සහතිකයක් එම ගිවිසුමෙහි ඇතුළත්ව තිබුණා. [සතියේ බයිබල් කියවීම; w89 2/1 14 පි. 21 ඡේ. සිට 15 පි. 22 ඡේ. දක්වා බලන්න.]
මතු දැක්වෙන ප්‍රශ්නවලට උත්තර සපයන්න:
11. ගීතාවලිය 34:18හි සපයන සහතිකය කුමක්ද? [w98 4/1 31 පි. 2 ඡේ.]
12. බාර්ණබස් යන පරම්පරා නාමයෙන් යෝසෙප්ව හඳුන්වා තිබීමෙන් ඇඟවූයේ කුමක්ද? (ක්‍රියා 4:36) [w98 4/15 20 පි. 3 ඡේ. පාදසටහන.]
13. ඒලී යෙහෝවාට වඩා තම පුත්‍රයන්ට ගෞරව කළා කියා බයිබල් වාර්තාවේ සඳහන් වන්නේ මන්ද? (1 සාමු. 2:12, 22-24, 29) [සතියේ බයිබල් කියවීම; w96 9/15 13 පි. 14 ඡේ. බලන්න.]
14. රූත් පොත මගින් රාජ්‍යය හා සම්බන්ධ පොරොන්දු කෙරෙහි ඇති අපේ නිසැකකම ශක්තිමත් වන්නේ මන්ද? [bsi99 රූත් 10 ඡේ.]
15. පළමු සාමුවෙල් 1:1-7 දක්වා සඳහන් විස්තරයට අනුව, සාමුවෙල්ගේ පවුලේ අය තැබූ කැපීපෙනෙන ආදර්ශය කුමක්ද? [සතියේ බයිබල් කියවීම; w98 3/1 16 පි. 12 ඡේ. බලන්න.]
16. ‘වස්තුව රැවටිලිකාරයි’ කීමෙන් අදහස් වන්නේ කුමක්ද? (මතෙ. 13:22) [w98 5/15 5 පි. 1 ඡේ.]
17. දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා හැටියට තමා දාවිත්ව පිළිගෙන තිබෙන බව දාවිත්ට වඩා වැඩිමල් වූ යොනාතාන් පෙන්නුවේ කෙසේද? මෙයින් අදදිනට සපයන පූර්වාදර්ශය කුමක්ද? (1 සාමු. 18:1, 3, 4) [සතියේ බයිබල් කියවීම; wSN89 6/1 17, 18 පි. 4, 13 ඡේ. බලන්න.]
18. යෝබ් “නිර්දෝෂවූ, අවංකවූ” කෙනෙක් වූවත්, ඔහු සම්පූර්ණ කෙනෙක් නොවූ බව යෝබ් පොතෙහි සඳහන් දේවලින් පැහැදිලි වන්නේ කෙසේද? (යෝබ් 1:8) [w98 5/1 31 පි. 1 ඡේ.]
19. “මහත් වීර්යයකින් යුතුව ඔබවම වෙහෙස වන්න” යන ප්‍රකාශයෙන් අදහස කරන්නේ කුමක්ද? (ලූක් 13:24, NW) [w98 6/15 31 පි. 1, 4 ඡේ.]
20. අපි අනිත් අය සමඟ එකට වැඩ කරන විට, 2 සාමුවෙල් 12:26-28හි සඳහන් වන වාර්තාවෙන් අපිට ඉගෙනගත හැකි වටිනා පාඩම කුමක්ද? [සතියේ බයිබල් කියවීම; w93 12/1 19 පි. 19 ඡේ. බලන්න.]
පහත සඳහන් ප්‍රකාශ සම්පූර්ණ කිරීමට අවශ්‍ය වචන(ය) හෝ වාක්‍ය ඛණ්ඩය සපයන්න:
21. යෙහෝවා බාල් නමස්කාරය දැඩි ලෙස හෙළාදැකීම, අදදින බාල් නමස්කාරයට සමාන වන ________________________________, _________________________________ හා _________________________ යනාදියට එරෙහිව පැහැදිලි ස්ථාවරයක සිටීම සඳහා අප තුළ පෙලඹවීමක් ඇති කළ යුතුයි. (විනි. 2:11-18) [bsi99 විනිශ්චයකාරයන් 26 ඡේ.]
22. _______________________________________ යුගය නිමාවට පත් වී, _________________________ යුගය ආරම්භ වූයේ සාමුවෙල්ගේ කාලයේදීයි. මේ මිනිස් රජවරුන්ගේ කාලයේදී ඉශ්රායෙල්වරුන් යෙහෝවාගේ අනුග්‍රහය අහිමි වන ආකාරයෙන් ක්‍රියා කළා. [bsi99 1 සාමුවෙල් 1 ඡේ.]
23. යෙහෝවා යන දෙවිගේ නමේ අර්ථය “_________________________” යන්නයි. මෙයින් ඇඟවෙන්නේ සිය _________________________ ඉටු කරගැනීම සඳහා අවශ්‍ය කරන ඕනෑම දෙයක් කිරීමට හෝ ඕනෑම තත්වයකට පත්වීමට යෙහෝවාට හැකි බවයි. [w98 5/1 5 පි. 3 ඡේ.]
24. ඒලී පියවර ගැනීම _____________________________________ සාවුල් _________________________ පියවර ගැනීමෙන්ද අසාර්ථක ලෙස කටයුතු කළා. [bsi99 1 සාමුවෙල් 27 ඡේ.]
25. සැබවින්ම ධර්මිෂ්ඨ පුද්ගලයෙක් කියන්නේ දෙවිගේ _________________________ කීකරු වෙන කෙනෙක් පමණක් නොව, නමුත් ඔහුගේ _________________________ අනුකරණය කරන කෙනෙක් බව යේසුස් පැවසූ යහපත් සමරිතානුවරයාගේ උපමාවෙන් පැහැදිලි වෙයි. (ලූක් 10:29-37) [w98 7/1 31 පි. 2 ඡේ.]
පහත දැක්වෙන එක් එක් ප්රකාශයන්හි නිවැරදි පිළිතුර තෝරන්න:
26. (බාල්; කෙමොෂ්; දාගොන්) නමැති මිථ්‍යා දෘෂ්ටික දෙවියාට කලින් නමස්කාර කළත්, පසුව සැබෑ නමස්කාරය වැලඳගෙන යේසුස් ක්‍රිස්තුස්ගේ මිත්තණියක් බවට පත් වූ මෝවබීය ස්ත්‍රියක් වූ (රූත්ව; නායොමිව; ඔර්පාව) තෝරාගැනීම මගින් යෙහෝවාගේ (ප්‍රඥාවෙහි; බලයෙහි; ප්‍රේමයෙහි) පුළුල්බව දැකිය හැකියි. (මතෙ. 1:3, 5, 16) [bsi99 රූත් 1 ඡේ.]
27. විනිශ්චයකාරයන්ගේ පාලනය යටතේ ඉශ්රායෙල් ගත කළ කාලපරිච්ඡේදය, (සාමුවෙල්ව; දාවිත්ව; සාවුල්ව) රජෙකු ලෙස අභිෂේක කරනු ලැබීමත් සමඟම අවසන් වුණා. කෙටි කලකට පසු ඔහු යෙහෝවාගේ උපකාරය ඇතුව (අම්මොන්වරුන්ව; මෝවබ්වරුන්ව; පිලිස්තිවරුන්ව) පරාජය කළා. (1 සාමු. 11:6, 11) [සතියේ බයිබල් කියවීම; w95 12/15 9 පි. 3 ඡේ. සිට 10 පි. 1 ඡේ. දක්වා බලන්න.]
28. තිමෝතිට “ශුද්ධලියවිලි” ගැන ඉගැන්වීමේදී (ප්‍රේරිත පාවුල්; ඔහුගේ පියා; ඔහුගේ මව සහ ආච්චි) මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලය වුණේ ඔහු මිෂනාරිවරයෙක් හා අවේක්ෂකයෙක් වීමයි. (2 තිමෝ. 3:14, 15; පිලි. 2:19-22) [w98 5/15 8 පි. 3 ඡේ. සිට 9 පි. 5 ඡේ. දක්වා]
29. (දාවිත්; සාමුවෙල්; යොනාතාන්) යෞවන වයසේදී දෙවිට කළ සේවය අදදින සිටින යෞවනයන්ට දිරිගැන්වීමක් වෙනවා. ඔහු ජීවිතයේ අවසානය දක්වා විශ්රාමයක් නොගෙන දිගටම සේවය කිරීම, වයසට යෑම නිසා වෙහෙසට පත්ව සිටින අයටත් අනුබලයක් විය යුතුයි. [bsi99 1 සාමුවෙල් 30 ඡේ.]
30. දෙවන සාමුවෙල් මගින් පො.යු.පෙ. (1077-1040 පමණ; 1077-1037 පමණ; 1070-1040 පමණ) දක්වා වූ කාලපරිච්ඡේදය ආවරණය කෙරෙනවා. [bsi99 2 සාමුවෙල් 3 ඡේ.]
මතු දැක්වෙන ශුද්ධ ලියවිලි පද පහත සඳහන් ප්‍රකාශ සමඟ ගළපන්න:
විනි. 11:30, 31; 1 සාමු. 15:22; 30:24, 25; 2 රාජා. 6:15-17; යාකො. 5:11
31. යෙහෝවා ඔහුගේ සෙනඟව ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ අභිමතය පරිදි සිය ස්වර්ගික හමුදා යොදාගන්න යන බවට සහතික වෙයි. [w98 4/15 29 පි. 5 ඡේ.]
32. වේදනාකාරි දෙයක් මෙන්ම යම් පාඩුවක් සිදු වන දෙයක් වුණත් සභා අවේක්ෂකයන් තමන් එකඟ වුණු දේට අනුව ක්‍රියා කරන්න බැඳී සිටිනවා. [w99 9/15 10 පි. 3-4 ඡේ.]
33. පීඩා යටතේ අඛණ්ඩතාව දිගටම රැකගැනීමෙන්, යෙහෝවා දෙවිගෙන් මහත් විපාකයක් අත් කරගත හැකියි. [w98 5/1 31 පි. 4 ඡේ.]
34. දෙවිට අව්‍යාජ ලෙස ප්‍රේම කිරීමට නම්, ඔහුට පූජා ඔප්පු කිරීම පමණක් නොව, ඔහු සපයන මඟ පෙන්වීම්වලට කීකරු වීමත් අවශ්‍යයි. [සතියේ බයිබල් කියවීම; w96 6/15 5 පි. 1 ඡේ. බලන්න.]
35. යෙහෝවා අදදින සිය සංවිධානයේ වැඩකටයුතුවලට සහයෝගය දක්වන අයගේ සේවය ඉමහත් සේ අගය කරනවා. [සතියේ බයිබල් කියවීම; w86 9/1 28 පි. 4 ඡේ. බලන්න.]