ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 සැප්තැම්බර් 8 පි.
  • බයිබල් පාඩමක් සාර්ථකව කරන්න නම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබල් පාඩමක් සාර්ථකව කරන්න නම්
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ශිෂ්‍යයන්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සරලව කියලා දෙන්න
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 2වන කොටස:
    2004 අපගේ රාජ්‍ය සේවාව
  • ඔබේ “ඉගැන්වීමේ කලාව” දියුණු කරගන්න
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 සැප්තැම්බර් 8 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

බයිබල් පාඩමක් සාර්ථකව කරන්න නම්

මුද්‍රිත පිටුව
සහෝදරයෙක් ශිෂ්‍යයාට වැඩිපුර දේවල් කියමින්

වැඩිපුර කතා කරන්න එපා: හැම දේම ඔයා විස්තර කරලා දෙන්න ඕනෙ නැහැ. මිනිසුන්ව හිතන්න පොලඹවන්නත් හරි දේ තේරුම්ගන්න උදව් කරන්නත් යේසුස් ප්‍රශ්න ඇහුවා. (මතෙ 17:24-27) ප්‍රශ්න අහද්දී පාඩම කම්මැළි එකක් වෙන්නේ නැහැ. ශිෂ්‍යයා තේරුම්ගත්තේ මොනවද කියලත් එයා විශ්වාස කරන්නේ මොනවද කියලත් දැනගන්න ඒවා ඔයාට උදව් වෙයි. (be 253 3-4¶) උත්තරේ දෙන කල් ඉවසන්න. වැරදි උත්තරයක් දුන්නොත් ඔයා හරි උත්තරේ කියන්නේ නැතුව තවත් ප්‍රශ්න අහලා එයාටම උත්තරේ තේරුම්ගන්න උදව් කරන්න. (be 238 1-2¶) ශිෂ්‍යයාට අලුත් තොරතුරු තේරුම්ගන්න පුළුවන් වෙන විදිහට කතා කරන්න.—be 230 4¶.

අපි මහලු වෙන්නේ ඇයි කියලා විස්තර කරන සංකීර්ණ තොරතුරු

සංකීර්ණ කරගන්න එපා: සාකච්ඡා කරන විෂය ගැන ඔයා දන්න හැම තොරතුරක්ම එයාට කියන්න එපා. (යොහ 16:12) ඡේදයේ ප්‍රධාන කරුණුවලට විතරක් අවධානය දෙන්න. (be 226-227 4-5¶) කොච්චර ලස්සන වුණත් අමතර තොරතුරු වැඩි වුණොත් ප්‍රධාන කරුණු තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. (be 235 3¶) ශිෂ්‍යයා ප්‍රධාන කරුණ තේරුම්ගත්තාට පස්සේ ඊළඟ ඡේදෙට යන්න.

සහෝදරයෙක් ඕනෑවට වඩා තොරුතුරු කියන නිසා ශිෂ්‍යයා වියවුල් වෙලා

තොරතුරු නිකම්ම ආවරණය කරන්න එපා: අපිට ඕනෙ ශිෂ්‍යයාගේ හදවතට කතා කරන්න මිසක් තොරතුරු ආවරණය කරන්න නෙවෙයි. (ලූක් 24:32) ශිෂ්‍යයාගේ හදවතට කතා කරන්න ඒ බයිබල් පදවලට ඉඩ දෙන්න. (2කොරි 10:4; හෙබ්‍රෙ 4:12 ; be 144 1-3¶) සරල උදාහරණ පාවිච්චි කරන්න. (be 245 2-4¶) ශිෂ්‍යයා මුහුණ දෙන අභියෝගවලට, එයාගේ විශ්වාසයන්වලට ගැළපෙන විදිහට තොරතුරු සාකච්ඡා කරන්න. මේ වගේ ප්‍රශ්න අහන්න. “ඉගෙනගන්න දේවල් ගැන ඔයාට කොහොමද හැඟෙන්නේ?” “මේ තොරතුරුවලින් යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?” “මේ උපදෙස අදාළ කරගද්දී මොන වගේ ප්‍රයෝජන ලැබෙයිද?”—be 238 3-5¶; 259 1¶.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න