නික්මයාම 32:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ ඔවුන්ව විනාශ කළොත් ඊජිප්තුවරුන්+ මෙසේ කියයි. ‘දෙවි ඊශ්‍රායෙල්වරුන්ව අපේ අතින් ගලවාගත්තේ හොඳ චේතනාවකින් නොවෙයි. ඔහු ඔවුන්ව ගලවාගත්තේ කඳුකරයට ගෙන ගොස් ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්නයි!’+ ඒ නිසා ඔබේ උදහස පහ කර+ ඔබේ සෙනඟට දඬුවම් කිරීමට ඔබ ගත් තීරණය වෙනස් කරන්න.+ ද්විතීය කතාව 32:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 නමුත් ඔවුන්ගේ සතුරෝ එය දැක වැරදි නිගමනයකට එළඹී,+“මෙය යෙහෝවා දෙවි කළ දෙයක් නොවේ.+අප ජය ගත්තේ අප ඔවුන්ට වඩා බලවත් නිසා”+ යයි පවසනු ඇත.ඔවුන් එසේ සිතනවාට මම කොහෙත්ම කැමති නැත.+ ගීතාවලිය 106:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් ඔබ ඔබේ නාමය වෙනුවෙන් ඔවුන්ව ගලවාගත්තෙහිය.+ඔබ සතු බලය කොතරම්ද කියා පෙන්වීමට ඔවුන්ව මුදවාගත්තෙහිය.+ ගීතාවලිය 143:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවියනි, ඔබේ නාමය වෙනුවෙන්+ මාගේ දිවි රැක දෙන්න.+ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙකු නිසා+ මාව මේ විපතින් ගලවාගන්න.+ එසකියෙල් 20:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහෙත් ඔවුන් වටා සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමයට අගෞරවයක් නොපැමිණෙන පිණිස මම එසේ නොකළෙමි.+ මම ඒ සියලු ජාතීන් ඉදිරියෙහි ඔවුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනැවිත් මා කවුද කියා ඔවුන්ට හෙළි කර දුනිමි. මා එසේ කළේ මාගේ නාමය වෙනුවෙනි.+
12 ඔබ ඔවුන්ව විනාශ කළොත් ඊජිප්තුවරුන්+ මෙසේ කියයි. ‘දෙවි ඊශ්‍රායෙල්වරුන්ව අපේ අතින් ගලවාගත්තේ හොඳ චේතනාවකින් නොවෙයි. ඔහු ඔවුන්ව ගලවාගත්තේ කඳුකරයට ගෙන ගොස් ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්නයි!’+ ඒ නිසා ඔබේ උදහස පහ කර+ ඔබේ සෙනඟට දඬුවම් කිරීමට ඔබ ගත් තීරණය වෙනස් කරන්න.+
27 නමුත් ඔවුන්ගේ සතුරෝ එය දැක වැරදි නිගමනයකට එළඹී,+“මෙය යෙහෝවා දෙවි කළ දෙයක් නොවේ.+අප ජය ගත්තේ අප ඔවුන්ට වඩා බලවත් නිසා”+ යයි පවසනු ඇත.ඔවුන් එසේ සිතනවාට මම කොහෙත්ම කැමති නැත.+
8 නමුත් ඔබ ඔබේ නාමය වෙනුවෙන් ඔවුන්ව ගලවාගත්තෙහිය.+ඔබ සතු බලය කොතරම්ද කියා පෙන්වීමට ඔවුන්ව මුදවාගත්තෙහිය.+
11 යෙහෝවා දෙවියනි, ඔබේ නාමය වෙනුවෙන්+ මාගේ දිවි රැක දෙන්න.+ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙකු නිසා+ මාව මේ විපතින් ගලවාගන්න.+
9 එහෙත් ඔවුන් වටා සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමයට අගෞරවයක් නොපැමිණෙන පිණිස මම එසේ නොකළෙමි.+ මම ඒ සියලු ජාතීන් ඉදිරියෙහි ඔවුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනැවිත් මා කවුද කියා ඔවුන්ට හෙළි කර දුනිමි. මා එසේ කළේ මාගේ නාමය වෙනුවෙනි.+