1 සාමුවෙල් 14:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 සාවුල් රජුගේ භාර්යාවගේ නම අහිනොවම්ය. ඇය අහිමයාෂ්ගේ දියණිය විය. සාවුල් රජුගේ හමුදාපති ඔහුගේ මාමා වන අබ්නේර්+ විය. අබ්නේර් නේර්ගේ පුත්‍රයාය. 1 සාමුවෙල් 17:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 දාවිත්, පිලිස්තියා වෙත යන විට සාවුල් රජ තමාගේ හමුදාපති වන අබ්නේර්ගෙන්+ මෙසේ ඇසුවේය. “අබ්නේර්, අර තරුණයා කාගේ පුතාද?”+ එවිට අබ්නේර්, “රජ්ජුරුවනි, ඇත්තටම මම ඒ තරුණයා කවුද කියා දන්නේ නැහැ” කියා පැවසුවේය. 1 සාමුවෙල් 26:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පසුව දාවිත්, සාවුල් රජු කඳවුරු බැඳගෙන සිටි ස්ථානයට ගියේය. එවිට සාවුල් රජුද ඔහුගේ හමුදාපති වූ නේර්ගේ පුත්‍රයා වන අබ්නේර්ද+ නිදාගෙන සිටිනවා ඔහු දුටුවේය. සාවුල් රජු කඳවුරේ නිදාගෙන සිටි අතර+ ඔහුගේ ආරක්ෂාව සඳහා සෙනඟ ඔහු වටා කූඩාරම් ගසාගෙන සිටියෝය. 2 සාමුවෙල් 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 හෙබ්‍රොන්හිදී අබ්නේර් මිය ගිය බව+ සාවුල් රජුගේ පුත්‍රයා+ දැනගත් විට ඔහු අධෛර්යයට පත් විය.+ මුළු ඊශ්‍රායෙල් සෙනඟද එම ආරංචිය අසා කැලඹුණෝය. 1 රාජාවලිය 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ෂෙරුයියාගේ පුත් යෝවාබ් මට විරුද්ධව ක්‍රියා කර,+ ඊශ්‍රායෙල් හමුදාවේ ප්‍රධානීන් දෙදෙනෙක් වූ නේර්ගේ පුත් අබ්නේර්ව+ හා යෙතෙර්ගේ+ පුත් අමාසාව+ මරා දැමූ බව ඔබ හොඳින් දන්නවා. සාමකාමී කාලයකදී නිරපරාදේ ලේ වැගිරෙවූ+ යෝවාබ්ගේ ඉණපටිය හා පාවහන් ඔවුන්ගේ ලෙයින් නැහැවී තිබෙනවා. 1 ලේකම් 26:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මීට අමතරව දෙවිට කරන නමස්කාරය වෙනුවෙන් අනාගතවක්තෘවරයෙක්+ වූ සාමුවෙල්ද කිෂ්ගේ පුත් සාවුල්ද නේර්ගේ පුත් අබ්නේර්ද+ ෂෙරුයියාගේ+ පුත් යෝවාබ්ද+ විසින් වස්තු වෙන් කරන ලදි. ඒවා භාරව සිටියේද ෂෙලොමිත් සහ ඔහුගේ සහෝදරයන්ය.
50 සාවුල් රජුගේ භාර්යාවගේ නම අහිනොවම්ය. ඇය අහිමයාෂ්ගේ දියණිය විය. සාවුල් රජුගේ හමුදාපති ඔහුගේ මාමා වන අබ්නේර්+ විය. අබ්නේර් නේර්ගේ පුත්‍රයාය.
55 දාවිත්, පිලිස්තියා වෙත යන විට සාවුල් රජ තමාගේ හමුදාපති වන අබ්නේර්ගෙන්+ මෙසේ ඇසුවේය. “අබ්නේර්, අර තරුණයා කාගේ පුතාද?”+ එවිට අබ්නේර්, “රජ්ජුරුවනි, ඇත්තටම මම ඒ තරුණයා කවුද කියා දන්නේ නැහැ” කියා පැවසුවේය.
5 පසුව දාවිත්, සාවුල් රජු කඳවුරු බැඳගෙන සිටි ස්ථානයට ගියේය. එවිට සාවුල් රජුද ඔහුගේ හමුදාපති වූ නේර්ගේ පුත්‍රයා වන අබ්නේර්ද+ නිදාගෙන සිටිනවා ඔහු දුටුවේය. සාවුල් රජු කඳවුරේ නිදාගෙන සිටි අතර+ ඔහුගේ ආරක්ෂාව සඳහා සෙනඟ ඔහු වටා කූඩාරම් ගසාගෙන සිටියෝය.
4 හෙබ්‍රොන්හිදී අබ්නේර් මිය ගිය බව+ සාවුල් රජුගේ පුත්‍රයා+ දැනගත් විට ඔහු අධෛර්යයට පත් විය.+ මුළු ඊශ්‍රායෙල් සෙනඟද එම ආරංචිය අසා කැලඹුණෝය.
5 “ෂෙරුයියාගේ පුත් යෝවාබ් මට විරුද්ධව ක්‍රියා කර,+ ඊශ්‍රායෙල් හමුදාවේ ප්‍රධානීන් දෙදෙනෙක් වූ නේර්ගේ පුත් අබ්නේර්ව+ හා යෙතෙර්ගේ+ පුත් අමාසාව+ මරා දැමූ බව ඔබ හොඳින් දන්නවා. සාමකාමී කාලයකදී නිරපරාදේ ලේ වැගිරෙවූ+ යෝවාබ්ගේ ඉණපටිය හා පාවහන් ඔවුන්ගේ ලෙයින් නැහැවී තිබෙනවා.
28 මීට අමතරව දෙවිට කරන නමස්කාරය වෙනුවෙන් අනාගතවක්තෘවරයෙක්+ වූ සාමුවෙල්ද කිෂ්ගේ පුත් සාවුල්ද නේර්ගේ පුත් අබ්නේර්ද+ ෂෙරුයියාගේ+ පුත් යෝවාබ්ද+ විසින් වස්තු වෙන් කරන ලදි. ඒවා භාරව සිටියේද ෂෙලොමිත් සහ ඔහුගේ සහෝදරයන්ය.