ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 9:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “පාළුකරයේ ගමන් කරද්දී ඔබේ දෙවි වන යෙහෝවාව ඔබ උදහස් කළ බව අමතක නොකරන්න.+ ඊජිප්තු දේශයෙන් නිදහස් වූ දා සිට මේ දක්වාම සිදු වුණ දේවලින් ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගසන සෙනඟක් බව හොඳටම පැහැදිලියි.+

  • 2 රාජාවලිය 17:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මෙසේ ඊශ්‍රායෙල්වරු තම දෙවි වන යෙහෝවා අනුමත නොකළ ක්‍රියාවල නිරත වූවෝය.+ ඔවුන්ගේ සියලු නුවරවල ඔවුහු පූජනීය ස්ථාන සෑදුවෝය.+ විශාල ජනාවාස නුවරවල පමණක් නොව ඈත එපිට පිහිටි කුඩා මුරකොටුවල පවා+ එම පූජනීය ස්ථාන දක්නට තිබිණ.

  • නෙහෙමියා 9:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “නමුත් සිත් දැඩි කරගෙන+ සිටි අපේ මුතුන්මිත්තන් ක්‍රියා කළේ හිතුවක්කාර+ ලෙසයි. ඔවුන් ඔබේ අණපනත්වලට සවන් නොදී මුරණ්ඩු ලෙස ක්‍රියා කළා.

  • ගීතාවලිය 106:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 අපේ මුතුන්මිත්තන් මෙන් අපිද පව් කළෙමු.+

      අපි බොහෝ වැරදි කරමින් දුෂ්ට ලෙස ක්‍රියා කළෙමු.+

  • යෙරෙමියා 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “පලතුරු වතුවලින් පිරුණු දේශයකට මම ඔබව ගෙනාවෙමි.+ නමුත් ඔබ මාගේ දේශය දූෂ්‍ය කළහුය. මාගේ උරුමය ඔබ නැති නාස්ති කළහුය.+

  • යෙරෙමියා 3:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 අපේ තරුණ කාලයේ සිට මේ දක්වාම අපිද අපේ පියවරුද+ යෙහෝවා දෙවි වන ඔබට විරුද්ධව පව් කළෙමු.+ යෙහෝවා දෙවියනි, අපි ඔබේ හඬට කීකරු නොවුණෙමු.+ අප ලැජ්ජාවට පත් වුණේ+ ඒ නිසාය. අප මෙතරම් මහත් නින්දාවකට ලක් වුණේත්+ ඒ නිසාය.”

  • එසකියෙල් 16:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘පසුව මා නැවත ඔබ සිටි තැන පසු කරමින් යද්දී ඔබ පෙම් කරන වයසට එළඹ ඇති බව මම දුටිමි.+ එවිට මාගේ වස්ත්‍රය ඔබ මතට එළා ඔබේ නිරුවත වසා දැමුවෙමි.+ මම ඔබට පොරොන්දුවක් දෙමින් ඔබ සමඟ ගිවිසුමක් ඇති කළෙමි.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මමය. ‘මම එසේ කර ඔබව අයිති කරගතිමි.+

  • එසකියෙල් 20:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එහෙත් මාගේ අත ඔසවා දිවුරා ඔවුන්ට දෙන්න පොරොන්දු වූ+ දේශයට මම ඔවුන්ව ගෙනාවෙමි.+ මා එසේ කළ පසුත් ඔවුහු උස් වූ හෙල් දුටු විටත්+ අතු විහිදී ඇති සරුසාර ගස් දුටු විටත් එම ස්ථානවලට ගොස් පූජා ඔප්පු කරන්න පටන්ගත්තෝය.+ ඔවුහු ප්‍රසන්න සුවඳක් නැඟෙන පූජාද+ පාන පූජාද වෙනත් පිළිකුල්සහගත පූජාද එම ස්ථානවල ඔප්පු කළෝය.+

  • ක්‍රියා 7:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්‍රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්‍රියා කළ විදිහටමයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න