ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 16:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න.+ මා තෝරාගත් තැනැත්තා ඔහු නොවෙයි. දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි.+ මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය.+ නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.”+

  • 1 ලේකම් 28:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මගේ පුත් සලමොන්, මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන+ ඔහුට ළං වන්න. ඔබේ මුළු හදවතින්ම,+ ප්‍රීතියෙන්+ ඔහුට සේවය කරන්න.+ යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා.+ සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා.+ ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි.+ නමුත් යම් ආකාරයකින් ඔබ ඔහුව අත්හැරියොත්+ ඔහු ඔබවත් සදහටම අත්හරියි.+

  • ගීතාවලිය 139:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 අනේ දෙවියනි, මාව විමසා බලා මාගේ හදවතේ තිබෙන දේ දැනගන්න.+

      මාව සෝදිසි කර බලා මාගේ සිතට වධ දෙන දේ දැනගන්න.+

  • හිතෝපදේශ 17:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 රිදී පවිත්‍ර කිරීම සඳහා භාජනයක්ද රන් පවිත්‍ර කිරීම සඳහා උදුනක්ද තිබේ.+ එහෙත් සිත් සෝදිසි කරන්නේ යෙහෝවා දෙවිය.+

  • හිතෝපදේශ 21:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මිනිසෙකුට තමාගේ සියලු ක්‍රියා හරියයි පෙනේ.+ නමුත් යෙහෝවා දෙවි මිනිසාගේ සිතුම් පැතුම් සෝදිසි කර බලයි.+

  • රෝම 8:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 එහෙයින් තම බලයෙන් එළිදරව් වන දේ තේරුම්ගැනීමට+ සිත් සෝදිසි කර බලන දෙවිට+ හැක. එසේ වන්නේ ඒ බලය ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් මැදිහත් වී ඔවුන් වෙනුවෙන් දෙවිගේ කැමැත්ත ඉටු කරන නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න