නික්මයාම 20:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+ නික්මයාම 34:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ වෙන කිසි දෙවි කෙනෙක් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ ද්විතීය කතාව 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මන්ද ඇවිළෙන ගින්නක් හා සමාන වූ ඔබේ දෙවි වන යෙහෝවා+ වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිනවා.+ ද්විතීය කතාව 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 (මන්ද ඔබේ දෙවි වන යෙහෝවා වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින දෙවි කෙනෙක්.)+ ඔබ එසේ කළොත් යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී,+ ඔහු ඔබව දේශයෙන් තුරන් කර දමයි.+ යොෂුවා 24:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එවිට යොෂුවා සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිට දිගටම නමස්කාර කරන්න ඔබට පුළුවන් වෙයිද? ඔහු ශුද්ධ දෙවි කෙනෙක්.+ ඔහුට නමස්කාර කරන අතරේදී වෙනත් දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කිරීම ඔහු දැඩි ලෙස හෙළාදකිනවා.+ ඔබ එසේ කළොත් ඔබේ පව්වලට දෙවිගෙන් සමාව ලැබෙන්නේ නැහැ.+ යෙසායා 59:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු ධර්මිෂ්ඨකම නමැති යුධ ඇඳුමෙන්ද+ ගැලවීම නමැති හිස්වැස්මෙන්ද සැරසී සිටියේය.+ ඔහු තම සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන පිණිස යුක්තිය වස්ත්‍රයක් මෙන්ද+ ඔහුගේ දැවෙන උදහස සළුවක් මෙන්ද පැළඳ ආවේය.+ එසකියෙල් 39:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම දැන් වහල්භාවයේ සිටින යාකොබ්ගේ පෙළපතට අයත් සියලුදෙනාව නැවත ගෙනෙන්නෙමි.+ මෙසේ, මුළු ඊශ්‍රායෙල් ජාතියටම මම දයාව පෙන්වන්නෙමි.+ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම නැඟී සිටින්නෙමි.+
5 ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+
14 ඔබ වෙන කිසි දෙවි කෙනෙක් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+
24 මන්ද ඇවිළෙන ගින්නක් හා සමාන වූ ඔබේ දෙවි වන යෙහෝවා+ වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිනවා.+
15 (මන්ද ඔබේ දෙවි වන යෙහෝවා වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින දෙවි කෙනෙක්.)+ ඔබ එසේ කළොත් යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී,+ ඔහු ඔබව දේශයෙන් තුරන් කර දමයි.+
19 එවිට යොෂුවා සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිට දිගටම නමස්කාර කරන්න ඔබට පුළුවන් වෙයිද? ඔහු ශුද්ධ දෙවි කෙනෙක්.+ ඔහුට නමස්කාර කරන අතරේදී වෙනත් දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කිරීම ඔහු දැඩි ලෙස හෙළාදකිනවා.+ ඔබ එසේ කළොත් ඔබේ පව්වලට දෙවිගෙන් සමාව ලැබෙන්නේ නැහැ.+
17 ඔහු ධර්මිෂ්ඨකම නමැති යුධ ඇඳුමෙන්ද+ ගැලවීම නමැති හිස්වැස්මෙන්ද සැරසී සිටියේය.+ ඔහු තම සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන පිණිස යුක්තිය වස්ත්‍රයක් මෙන්ද+ ඔහුගේ දැවෙන උදහස සළුවක් මෙන්ද පැළඳ ආවේය.+
25 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම දැන් වහල්භාවයේ සිටින යාකොබ්ගේ පෙළපතට අයත් සියලුදෙනාව නැවත ගෙනෙන්නෙමි.+ මෙසේ, මුළු ඊශ්‍රායෙල් ජාතියටම මම දයාව පෙන්වන්නෙමි.+ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම නැඟී සිටින්නෙමි.+