ලෙවී කතාව 26:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මම ඔබේ නුවරවල් කඩුවෙන් විනාශ වන්න ඉඩහැර+ ඔබේ ශුද්ධස්ථාන පාළු කරන්නෙමි.+ ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ඔබ මට ඔප්පු කරන පූජා මම පිළි නොගන්නෙමි.+ 1 රාජාවලිය 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මම ඊශ්‍රායෙල් ජාතියට දුන් දේශයෙන් ඔවුන්ව පන්නා දමන්නෙමි.+ මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා ගොඩනැඟූ මේ ගෘහයද මම අත්හරින්නෙමි.+ එවිට ඊශ්‍රායෙල් ජනයා අනිවාර්යයෙන්ම වෙනත් ජාතීන්ගේ නින්දා*+ අපහාසවලට ලක් වනු ඇත. ගීතාවලිය 69:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔවුන් ඉදි කළ කඳවුර පාළු වේවා!+කිසි වැසියෙක් ඔවුන්ගේ කූඩාරම්වල නොසිටීවා!+ යෙසායා 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබේ දේශය පාළුවට ගොස්+ ඔබේ නගර ගිනිබත් වී ඇත.+ විදේශිකයෝ+ ඔබේ ඇස් පනාපිටම ඔබේ දේශය නැති නාස්ති කළෝය.+ එය සතුරු ආක්‍රමණයට හසු වී පාළුවට ගිය දේශයක් මෙනි.+ යෙරෙමියා 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මගේ ගෘහය මම අත්හැරියෙමි.+ මගේ උරුමය වූ සෙනඟව තනි කර දැමුවෙමි.+ මගේ ප්‍රේමණීය තැනැත්තියව ඇගේ සතුරාගේ අතට භාර දුනිමි.+ යෙරෙමියා 22:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “යෙහෝවා දෙවි වන මම මෙසේද පවසමි. ‘මා පැවසූ ලෙස ඔබ ක්‍රියා නොකළොත් මේ මාලිගාව විනාශ වී පාළුවට යන බව+ මම මාගේ නාමයෙන් දිවුරා පවසමි.’+ මීකා 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ කරන මේ දේවල් නිසා කෙතක් හාන්නාක් මෙන් සියොන් නුවර නාස්ති කරනු ලබන්නේය. යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් මෙන් වන්නේය.
31 මම ඔබේ නුවරවල් කඩුවෙන් විනාශ වන්න ඉඩහැර+ ඔබේ ශුද්ධස්ථාන පාළු කරන්නෙමි.+ ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ඔබ මට ඔප්පු කරන පූජා මම පිළි නොගන්නෙමි.+
7 මම ඊශ්‍රායෙල් ජාතියට දුන් දේශයෙන් ඔවුන්ව පන්නා දමන්නෙමි.+ මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා ගොඩනැඟූ මේ ගෘහයද මම අත්හරින්නෙමි.+ එවිට ඊශ්‍රායෙල් ජනයා අනිවාර්යයෙන්ම වෙනත් ජාතීන්ගේ නින්දා*+ අපහාසවලට ලක් වනු ඇත.
7 ඔබේ දේශය පාළුවට ගොස්+ ඔබේ නගර ගිනිබත් වී ඇත.+ විදේශිකයෝ+ ඔබේ ඇස් පනාපිටම ඔබේ දේශය නැති නාස්ති කළෝය.+ එය සතුරු ආක්‍රමණයට හසු වී පාළුවට ගිය දේශයක් මෙනි.+
7 “මගේ ගෘහය මම අත්හැරියෙමි.+ මගේ උරුමය වූ සෙනඟව තනි කර දැමුවෙමි.+ මගේ ප්‍රේමණීය තැනැත්තියව ඇගේ සතුරාගේ අතට භාර දුනිමි.+
5 “යෙහෝවා දෙවි වන මම මෙසේද පවසමි. ‘මා පැවසූ ලෙස ඔබ ක්‍රියා නොකළොත් මේ මාලිගාව විනාශ වී පාළුවට යන බව+ මම මාගේ නාමයෙන් දිවුරා පවසමි.’+
12 ඔබ කරන මේ දේවල් නිසා කෙතක් හාන්නාක් මෙන් සියොන් නුවර නාස්ති කරනු ලබන්නේය. යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් මෙන් වන්නේය.