1 සාමුවෙල්
19 කලක් ගෙවුණු පසු දාවිත්ව මරා දැමිය යුතු බව සාවුල් රජ තම පුත් යොනාතාන්ටද තම සේවකයන්ටද කීවේය.+ 2 නමුත් යොනාතාන් දාවිත්ට බොහෝ සෙයින් ප්‍රේම කළ නිසා+ ඔහු දාවිත්ට මෙසේ කීවේය. “මගේ පියා ඔබව මරන්න හදනවා. ඔබ කල්පනාවෙන් කටයුතු කරන්න. හෙට උදෑසන කාටවත් නොපෙනී සැඟවී ඉන්න.+ 3 මම මගේ පියා සමඟ ඔබ සැඟවී ඉන්න කෙතට ඇවිත් ඔබ වෙනුවෙන් කතා කරන්නම්. පසුව මම ඔබ ළඟට ඇවිත් මගේ පියා පැවසූ සෑම දෙයක්ම ඔබට කියන්නම්.”+
4 පසුව යොනාතාන් දාවිත් වෙනුවෙන් කතා කරමින්+ සාවුල් රජුට මෙසේ කීවේය. “රජතුමනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධව කටයුතු කරන්න එපා. එය ඇත්තෙන්ම පාපයක්.+ ඔහු මේ දක්වාම ක්‍රියා කළේ ඔබේ යහපත වෙනුවෙන්. ඔහු ඔබට විරුද්ධව කිසි වරදක් කරලා නැහැ.+ 5 ඔහු තමන්ගේ ජීවිතය පරදුවට තබා+ අර පිලිස්තියාට පහර දුන්නා.+ යෙහෝවා දෙවි එදා ඔහු මාර්ගයෙන් ඊශ්‍රායෙල් සෙනඟට මහත් ගැලවීමක් ලබා දුන්නා.+ ඔබත් එය දැකලා ගොඩක් සතුටු වුණා නේද? ඉතින් කිසිම හේතුවක් නැතුව+ ඔබ දාවිත්ව මරලා දාන්න හදන්නේ ඇයි? නිර්දෝෂ මනුෂ්‍යයෙකුගේ ලේ වගුරුවලා ඔබ පාපයක් කරන්න හදන්නේ ඇයි?”+ 6 යොනාතාන් කියූ දේ පිළිගත් සාවුල් රජ ඔහුට මෙසේ පැවසුවේය. “මම දාවිත්ව මරන්නේ නැහැ කියලා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වෙනවා.”+ 7 පසුව යොනාතාන් සිදු වූ සියල්ල දාවිත්ට කීවේය. ඉන්පසු යොනාතාන් දාවිත්ව සාවුල් රජු ඉදිරියට ගෙන ගියේය. දාවිත් පෙර දවස්වලදී මෙන් සාවුල් රජු ඉදිරියේ සේවය කළේය.+
8 කල් යත්ම පිලිස්තිවරුන් සමඟ නැවත යුද්ධයක් ඇති විය. දාවිත් ඔවුන්ට විරුද්ධව යුද්ධ කරමින් පිලිස්තිවරුන් විශාල පිරිසක් මරා දැමූ අතර+ ඉතුරු වූ අය ඔහු වෙතින් පලා ගියෝය.+
9 දිනක් දාවිත් රජමාලිගාවේ සාවුල් රජු ඉදිරියේ සංගීතය වාදනය කරමින් සිටියේය. ඒ අවස්ථාවේදී සාවුල් රජු තුළ අවුල්සහගත සිතුවිලි* ඇති වීමට යෙහෝවා දෙවි ඉඩහැරියේය.+ සාවුල් රජුගේ අතේ හෙල්ලයක්ද තිබිණ. 10 දාවිත්ට මැරෙන්නම අනිනවා කියා සිතාගෙන සාවුල් රජ ඔහුට හෙල්ලයෙන් දමාගැසුවේය.+ නමුත් දාවිත් එතැනින් ඉවතට පැන්නේය.+ හෙල්ලය ගොස් බිත්තියේ රැඳුණේය. එදින රාත්‍රියේ දාවිත් සාවුල් රජුගේ නිවසින් පලා ගියේය.+ 11 දාවිත්ව පසුවදා උදෑසන මරා දමන ලෙස තම සේවකයන්ට අණ කරමින් සාවුල් රජ ඔවුන්ව ඔහුගේ නිවසට යැව්වේය.+ ඔවුහු උදෑසන වන තෙක්ම ඔහුව අල්ලාගැනීමට රැක සිටියෝය.+ දාවිත්ගේ භාර්යාව වන මීකල් දාවිත්ට මෙසේ අනතුරු ඇඟෙව්වාය. “ඔබ අද මෙහෙන් පැනලා යන්න. ඔබ ගියේ නැත්නම් හෙට ඔබව මරලා දායි.” 12 ඉන්පසු මීකල් දාවිත්ට කවුළුවෙන් බැස යෑමට උදව් කළාය. සාවුල් රජුගෙන් ගැලවෙන පිණිස දාවිත් පලා ගියේය.+ 13 පසුව මීකල් ටෙරෆිම් රූපයක්+ ගෙන එය දාවිත්ගේ ඇඳ මත තබා එළු රෝමවලින් සෑදූ රෙද්දක් රූපයේ හිස ළඟ තැබුවාය. ඉන්පසු ඇය රූපය රෙද්දකින් වැසුවාය.
14 පසුව දාවිත්ව අල්ලාගැනීමට සාවුල් රජුගේ සේවකයන් පැමිණි විට මීකල්, “ඔහුට සනීප නැහැ” කියා ඔවුන්ට කීවාය.+ 15 එය ඇසූ සාවුල් රජ ඔහුගේ සේවකයන්ට මෙසේ කීවේය. “ඇඳත් එක්කම ඔහුව මෙහාට අරගෙන එන්න! මමම ඔහුව මරලා දාන්නම්.”+ 16 සේවකයෝ දාවිත්ව රැගෙන යෑමට පැමිණි විට ඔහුගේ ඇඳේ ටෙරෆිම් රූපයක්ද හිස තබන තැන එළු රෝමවලින් සෑදූ රෙද්දක්ද තබා තිබෙන බව දුටුවෝය. 17 එය ආරංචි වූ සාවුල් රජ, “ඇයි ඔබ මාව මේ විදිහට රැවැට්ටුවේ?+ මගේ සතුරාට+ පැනලා යන්න ඔබ උදව් කළේ ඇයි” කියා මීකල්ගෙන් ඇසුවේය. එවිට මීකල් ඔහුට මෙසේ කීවාය. “‘මට දැන් යන්න දෙන්න. ඔබ මට යන්න දුන්නේ නැත්නම් මම ඔබව මරලා දානවා’ කියා දාවිත් මට තර්ජනය කළා.”
18 දාවිත් සාවුල් රජුගෙන් ගැලවී+ රාමාහි+ සාමුවෙල් සිටි ස්ථානයට ගොස් සාවුල් රජු තමාට කළ සියල්ල ගැන ඔහුට කීවේය. ඉන්පසු දාවිත්, සාමුවෙල් සමඟ නායොත්+ නම් ස්ථානය වෙත ගොස් එහි ජීවත් විය. 19 ටික කලකට පසු, “දාවිත් දැන් ඉන්නේ රාමාහි නායොත් කියන ස්ථානයේ” බව සාවුල් රජුට ආරංචි විය. 20 එවිට සාවුල් රජ විගස තම සේවකයන්ව එතැනට යැව්වේය. ඔවුහු එතැනට ගිය විට වයස්ගත අනාගතවක්තෘවරුන් කණ්ඩායමක් අනාවැකි කියමින් සිටියෝය. සාමුවෙල්ද ඔවුන් අතරේ පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටියේය. සාවුල් රජුගේ සේවකයන් එතැනට ගිය විට දෙවිගේ බලය+ ඔවුන් තුළ ක්‍රියාත්මක වී ඔවුහු වියරුවෙන්*+ හැසිරෙන්න පටන්ගත්තෝය.
21 මේ ගැන සාවුල් රජුට දැන්වූ විට ඔහු තවත් සේවකයන් කිහිපදෙනෙකුව ඒ ස්ථානයට යැව්වේය. ඔවුහුද වියරුවෙන් හැසිරෙන්න පටන්ගත්තෝය. පසුව සාවුල් රජ තුන්වෙනි වරටත් සේවකයන්ව යැව්වේය. ඔවුහුද එලෙසම හැසිරුණෝය. 22 අන්තිමට සාවුල් රජද රාමා බලා පිටත් විය. රජ සේකුහි තිබෙන විශාල පොකුණ ළඟට පැමිණ එතැන සිටි අයගෙන් මෙසේ ඇසුවේය. “සාමුවෙල් හා දාවිත් කොහෙද ඉන්නේ?” එවිට ඔවුහු, “ඔවුන් ඉන්නේ රාමාහි නායොත්+ කියන ස්ථානයේ” කියා ඔහුට පැවසුවෝය. 23 එබැවින් ඔහු එතැන සිට නායොත් බලා ගමන් කළේය. ඔහු ගමන් කරමින් සිටියදී ඔහු තුළත් දෙවිගේ බලය+ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය. ඒ නිසා රාමාහි නායොත් නම් ස්ථානයට පැමිණෙන තෙක්ම ඔහු වියරුවෙන් හැසිරුණේය. 24 සාවුල් රජ, සාමුවෙල් ඉදිරියේ තම වස්ත්‍ර ගලවා වියරුවෙන් හැසිරුණේය. පසුවදා උදෑසන වන තෙක්ම ඔහු නිර්වස්ත්‍රව බිම වැතිරී සිටියේය.+ “සාවුලුත් අනාගතවක්තෘ කෙනෙක්ද”+ යන කියමන ප්‍රසිද්ධ වූයේ ඒ නිසාය.