ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මම ආබ්‍රහම්ටද+ ඊසාක්ටද+ යාකොබ්ටද+ සියලු බලැති දෙවි ලෙස+ ප්‍රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින්+ මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.*+

  • නික්මයාම 33:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 දෙවි තවදුරටත් ඔහුට මෙසේ කීවේය. “නමුත් මාගේ මුහුණ දකින්න ඔබට නුපුළුවන. මන්ද මනුෂ්‍යයෙකුට මා දැක ජීවත් විය නොහැක.”+

  • ද්විතීය කතාව 6:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “ඊශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න. අපගේ දෙවි යෙහෝවා දෙවියි. යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි.+

  • මාක් 10:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඔබ මට යහපත් කියා පවසන්නේ ඇයි?+ යහපත් කියා හැඳින්විය හැක්කේ එක් කෙනෙකුව පමණයි. ඒ දෙවියි.+

  • යොහන් 4:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්.*+ ඔහු සිටින්නේ ස්වර්ගයේයි. දෙවිට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු ලබා දෙන මඟ පෙන්වීමට* හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි.”+

  • රෝම 1:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 දෙවිව නොපෙනුණත්+ ලෝකය සෑදූ දා පටන්+ ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි.+ එමගින් ඔහුගේ සදාතනික බලය+ හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය+ සියල්ලන්ටම පැහැදිලි වේ. එහෙයින් දෙවිව පිළි නොගෙන සිටීමට ඔවුන්ට කිසිම සාධාරණ හේතුවක් නැත.+

  • 1 කොරින්ති 8:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.

  • 1 තිමෝති 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නමුත් ඔවුන් විරුද්ධ වී සිටින එම ඉගැන්වීම් ප්‍රීතිමත්+ දෙවිගෙන් ලැබුණු තේජවත් ශුභාරංචියට එකඟය. ඒ ශුභාරංචිය මටද භාර දී ඇත.+

  • 1 තිමෝති 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඇත්තේ එක දෙවි කෙනෙක්ය.+ එමෙන්ම දෙවි+ සහ මිනිසුන් අතර+ සිටින්නේ එක මැදිහත්කරුවෙක්ය.+ එනම් මිනිසෙකු වූ ක්‍රිස්තුස් යේසුස්ය.+

  • හෙබ්‍රෙව් 9:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 මන්ද ක්‍රිස්තුස් සැබෑ දෙයෙහි ආකෘතියක්+ වන මිනිසුන් විසින් සාදන ලද+ අතිශුද්ධස්ථානයකට ඇතුල් වූයේ නැත. ඒ වෙනුවට ඔහු දැන් ස්වර්ගයට ඇතුල් වී+ ඇති අතර අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී සිටියි.+

  • 1 යොහන් 4:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දෙවි අපට පෙන්වන ප්‍රේමය ගැන අපට අවබෝධයක් ලැබී තිබෙනවා පමණක් නොව අපි ඒ ප්‍රේමය ගැන විශ්වාසයෙන්ද සිටිමු.+

      දෙවි ප්‍රේමයයි.+ එලෙසම දිගටම ප්‍රේමය පෙන්වන තැනැත්තා+ දෙවි සමඟ එකට බැඳී සිටියි. දෙවිද ඔහු සමඟ එකට බැඳී සිටියි.+

  • එළිදරව් 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ජීවීන් හතරදෙනාටම+ පියාපත් හය බැගින් තිබිණ.+ ඒ පියාපත් යටි පැත්තේද උඩු පැත්තේද එනම්, පියාපත් පුරාම ඇස් තිබිණ.+ කිසි විවේකයක් නොගනිමින් ඔවුහු රෑ දවල් මෙසේ පවසති. “සිටියාවූ, සිටින්නාවූ,+ මතු පැමිණෙන්නාවූ සියලු බලැති තැනැත්තාණන්+ වන යෙහෝවා+ දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න