ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+

  • ද්විතීය කතාව 4:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ස්වර්ගයේ හා පොළොවේ ජීවත් වන සියලුදෙනා මා දැන් මේ කියන්න යන දේට සාක්ෂිකරුවන්.+ ඔබ දෙවිව එසේ උදහස් කළොත් යොර්දාන් ගඟෙන් එගොඩ තිබෙන දේශයේ වැඩි කල් ජීවත් වෙන්න නම් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ දේශයෙන් නැත්තටම නැති වී යයි.+

  • ද්විතීය කතාව 28:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදුටු ජාතියක් ඔබව වහලුන් ලෙස රැගෙන යයි. යෙහෝවා දෙවි ඔබවත්+ ඔබ පත් කරගත් ඔබේ රජුවත්+ ඔවුන්ගේ අතට පත් කළ පසු ඔබට සිදු වෙන්නේ ලී සහ ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+

  • ද්විතීය කතාව 28:64
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 64 “යෙහෝවා දෙවි පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වාසය කරන ජාතීන් අතරට ඔබව විසුරුවාහරියි.+ එහිදී ඔබට සිදු වෙන්නේ ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදැන සිටි ලීවලින් හා ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+

  • 2 රාජාවලිය 23:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 යෙහෝවා දෙවි ඔවුන් ගැන මෙසේ කීවේය. “මාගේ අනුමැතිය ඉවත් කර මා ඊශ්‍රායෙල්වරුන්ව දේශයෙන් පන්නා දැමූ ලෙසම+ යූදාහි වැසියන්වද+ මම පන්නා දමන්නෙමි.+ මා තෝරාගත් මේ යෙරුසලම් නගරයද, ‘මාගේ නාමය මෙහි දිගටම පවතිනු ඇත’+ කියා මා පැවසූ මේ ගෘහයද මම ප්‍රතික්ෂේප කරන්නෙමි.”

  • යෙරෙමියා 24:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මම ඔවුන් පිටට ගෙනෙන විපත්තිය නිසා පොළොවේ සිටින සියලු රජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+ වෙනත් ජාතීන් අතරේ ඔවුහු නින්දාවටත් සමච්චලයටත් ලක් වනු ඇත. ඔවුන්ව විසුරුවාහරින ලද දේශවල වෙසෙන ජනයා+ ඔවුන්ට අපහාස කරමින්+ ශාප කරනු ඇත.+

  • යෙරෙමියා 25:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මුළු දේශයම පාළුවට යන්නේය. සියලුදෙනා එදෙස පුදුමයෙන් බලනු ඇත. මේ ජාතීන්ට වසර හැත්තෑවක් පුරා බැබිලෝනියේ රජුට සේවය කිරීමට සිදු වනු ඇත.”’+

  • එසකියෙල් 12:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ‘“කිව යුතු දේ යෙහෝවා වන මම ප්‍රකාශ කරන්නෙමි. එය අනිවාර්යයෙන්ම ඉටු වෙනවා ඇත.+ එය පමා නොවී නිසි කාලයේදී ඉටු වන්නේය.+ කැරලිකාර ජනයෙනි, ඔබ ජීවත්ව සිටින කාලයේදීම+ මා පවසන දේ ඉටු කරන්නෙමි.” එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.’”

  • එසකියෙල් 24:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මේ සියල්ල පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.+ මා කියූ විනාශය නිසැකවම පැමිණෙනු ඇත.+ එය ඉටු කිරීමට මම කිසිසේත් පසුබට නොවන්නෙමි.+ මම අනිවාර්යයෙන්ම පියවර ගන්නෙමි. ඒ ගැන මම කනගාටු වන්නේවත්+ පසුතැවිලි වන්නේවත් නැත.+ ඔබ කළ දේවලට අනුව ඔබව විනිශ්චය කරනු ලැබේ.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න