ලෙවී කතාව 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “‘නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන්+ හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක්+ දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි. ද්විතීය කතාව 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නඩු විභාගයකදී කිසිම කෙනෙකුගේ පැත්ත නොගන්න.+ තරාතිරම් නොබලා හැමෝටම එක හා සමානව සලකන්න.+ විනිශ්චය කරද්දී ඔබ නියෝජනය කරන්නේ දෙවිව බව හොඳින් මතක තබාගන්න.+ ඒ නිසා ඔබ මිනිසුන්ට භය විය යුතු නැහැ.+ ඔබට විසඳන්න අමාරු නඩු පමණක් මා වෙතට ගේන්න. මම ඒවා විභාග කරන්නම්.’+ ද්විතීය කතාව 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුන් අතින් කිසිම ආකාරයක අසාධාරණයක් සිදු නොවිය යුතුයි.+ සියල්ලන්ටම එක හා සමානව සැලකිය යුතු+ ඔවුන් අල්ලස් ගැනීමෙන්ද වැළකී සිටිය යුතුයි. මන්ද හොඳ විනිශ්චයක් දෙන ඥානවන්තයෙකුව පවා අල්ලසක් දී නම්මවාගත හැකියි.+ එයින් ධර්මිෂ්ඨ කෙනෙකු වුණත් තමා දුන් තීන්දුව වෙනස් කරන්න පෙලඹිය හැකියි. 2 ලේකම් 19:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ තුළ+ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි.+ මන්ද අපේ දෙවි වන යෙහෝවා අධර්මිෂ්ඨකම් නොකරන,+ අල්ලස් නොගන්නා+ දෙවි කෙනෙකි. ඔහු සියලුදෙනාටම සලකන්නේ එක හා සමානවයි.+ ඒ නිසා ඔබ සෑම කාරණයකදීම එය මතක තබාගන්න.”+ 1 තිමෝති 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දෙවිද ක්‍රිස්තුස් යේසුස්ද+ දෙවි තෝරාගෙන ඇති දේවදූතයන්ද ඉදිරියෙහි මා ඔබට ඉතා බැරෑරුම් ලෙස අණ කරන්නේ යම් තීරණයක් ගැනීමට පෙර සෑම දෙයක් ගැනම හොඳින් සෝදිසි කර බලන්න කියාය. එලෙසම කාගෙවත් පැත්ත ගෙන කිසිවක් නොකරන්න කියාය.+ යාකොබ් 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ අතරේ පන්ති භේද තිබෙනවා නොවේද?+ ඔබ දුෂ්ට ආකාරයකින් තීරණ ලබා දෙන+ විනිශ්චයකරුවන් බවට පත්ව සිටිනවා නොවේද?+ 1 පේතෘස් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මීට අමතරව සෑම කෙනෙකුටම තමන් කරන දේට අනුව සාධාරණ විනිශ්චයක් ලබා දෙන පියාණන්ට+ ඔබ කන්නලව් කරනවා නම් ඔබ මිහිපිට තාවකාලික පදිංචිකරුවන් ලෙස සිටින මේ කාලයේදී+ දේවගරුබියෙන් යුතුව ක්‍රියා කරන්න.+
15 “‘නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන්+ හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක්+ දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි.
17 නඩු විභාගයකදී කිසිම කෙනෙකුගේ පැත්ත නොගන්න.+ තරාතිරම් නොබලා හැමෝටම එක හා සමානව සලකන්න.+ විනිශ්චය කරද්දී ඔබ නියෝජනය කරන්නේ දෙවිව බව හොඳින් මතක තබාගන්න.+ ඒ නිසා ඔබ මිනිසුන්ට භය විය යුතු නැහැ.+ ඔබට විසඳන්න අමාරු නඩු පමණක් මා වෙතට ගේන්න. මම ඒවා විභාග කරන්නම්.’+
19 ඔවුන් අතින් කිසිම ආකාරයක අසාධාරණයක් සිදු නොවිය යුතුයි.+ සියල්ලන්ටම එක හා සමානව සැලකිය යුතු+ ඔවුන් අල්ලස් ගැනීමෙන්ද වැළකී සිටිය යුතුයි. මන්ද හොඳ විනිශ්චයක් දෙන ඥානවන්තයෙකුව පවා අල්ලසක් දී නම්මවාගත හැකියි.+ එයින් ධර්මිෂ්ඨ කෙනෙකු වුණත් තමා දුන් තීන්දුව වෙනස් කරන්න පෙලඹිය හැකියි.
7 ඔබ තුළ+ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි.+ මන්ද අපේ දෙවි වන යෙහෝවා අධර්මිෂ්ඨකම් නොකරන,+ අල්ලස් නොගන්නා+ දෙවි කෙනෙකි. ඔහු සියලුදෙනාටම සලකන්නේ එක හා සමානවයි.+ ඒ නිසා ඔබ සෑම කාරණයකදීම එය මතක තබාගන්න.”+
21 දෙවිද ක්‍රිස්තුස් යේසුස්ද+ දෙවි තෝරාගෙන ඇති දේවදූතයන්ද ඉදිරියෙහි මා ඔබට ඉතා බැරෑරුම් ලෙස අණ කරන්නේ යම් තීරණයක් ගැනීමට පෙර සෑම දෙයක් ගැනම හොඳින් සෝදිසි කර බලන්න කියාය. එලෙසම කාගෙවත් පැත්ත ගෙන කිසිවක් නොකරන්න කියාය.+
4 ඔබ අතරේ පන්ති භේද තිබෙනවා නොවේද?+ ඔබ දුෂ්ට ආකාරයකින් තීරණ ලබා දෙන+ විනිශ්චයකරුවන් බවට පත්ව සිටිනවා නොවේද?+
17 මීට අමතරව සෑම කෙනෙකුටම තමන් කරන දේට අනුව සාධාරණ විනිශ්චයක් ලබා දෙන පියාණන්ට+ ඔබ කන්නලව් කරනවා නම් ඔබ මිහිපිට තාවකාලික පදිංචිකරුවන් ලෙස සිටින මේ කාලයේදී+ දේවගරුබියෙන් යුතුව ක්‍රියා කරන්න.+