යෙසායා 60:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඔබේ දේශ සීමා තුළ බලහත්කාරකම්, කොල්ල කෑම් හා විපත් යළි කෙදිනකවත් සිදු වන්නේ නැත.+ ඔබේ පවුරු, ගැලවීම+ යන නමින්ද ඔබේ දොරටු, ප්‍රශංසාව යන නමින්ද හඳුන්වනු ලබයි. යෙසායා 65:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත. මාගේ සෙනඟ වෘක්ෂයක් මෙන් බොහෝ කල් ජීවත් වන්නෝය.+ මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.+ යෙරෙමියා 23:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු රජකම් කරන කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ ඊශ්‍රායෙල් සෙනඟ සුරක්ෂිතව වාසය කරන්නෝය.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් ඔහුව හඳුන්වනු ඇත.” එසකියෙල් 34:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරගන්නෙමි.+ දේශයේ සැරිසරන දරුණු වනමෘගයන්ව පන්නා දමන්නෙමි.+ එවිට මාගේ බැටළුවන්ට වනයේ සුරක්ෂිතව සැරිසරන්නත් කැලෑවල සුව සේ සැතපෙන්නත් හැකි වනු ඇත.+ හොෂෙයා 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ දවසේදී මම මාගේ සෙනඟ වෙනුවෙන් වනමෘගයන්ද+ ආකාශයේ පක්ෂීන්ද බඩ ගා යන සතුන්ද සමඟ ගිවිසුමක් ඇති කරගන්නෙමි. ඒ දේශයෙන් දුන්නද කඩුවද යුද්ධයද පහ කර,+ ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වීමට සලස්වන්නෙමි.+
18 “ඔබේ දේශ සීමා තුළ බලහත්කාරකම්, කොල්ල කෑම් හා විපත් යළි කෙදිනකවත් සිදු වන්නේ නැත.+ ඔබේ පවුරු, ගැලවීම+ යන නමින්ද ඔබේ දොරටු, ප්‍රශංසාව යන නමින්ද හඳුන්වනු ලබයි.
22 ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත. මාගේ සෙනඟ වෘක්ෂයක් මෙන් බොහෝ කල් ජීවත් වන්නෝය.+ මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.+
6 ඔහු රජකම් කරන කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ ඊශ්‍රායෙල් සෙනඟ සුරක්ෂිතව වාසය කරන්නෝය.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් ඔහුව හඳුන්වනු ඇත.”
25 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරගන්නෙමි.+ දේශයේ සැරිසරන දරුණු වනමෘගයන්ව පන්නා දමන්නෙමි.+ එවිට මාගේ බැටළුවන්ට වනයේ සුරක්ෂිතව සැරිසරන්නත් කැලෑවල සුව සේ සැතපෙන්නත් හැකි වනු ඇත.+
18 ඒ දවසේදී මම මාගේ සෙනඟ වෙනුවෙන් වනමෘගයන්ද+ ආකාශයේ පක්ෂීන්ද බඩ ගා යන සතුන්ද සමඟ ගිවිසුමක් ඇති කරගන්නෙමි. ඒ දේශයෙන් දුන්නද කඩුවද යුද්ධයද පහ කර,+ ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වීමට සලස්වන්නෙමි.+