ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 45
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 45:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 43:30
  • +ක්‍රියා 7:13

උත්පත්ති 45:2

හරස් යොමු දැක්වීම්

  • +රූත් 1:9

උත්පත්ති 45:3

හරස් යොමු දැක්වීම්

  • +මාක් 6:50

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1999, 30 පි.

උත්පත්ති 45:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:28; ක්‍රියා 7:9

උත්පත්ති 45:5

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 2:7
  • +උත් 47:25; 50:20; 1සාමු 2:6; ගීතා 33:19; 105:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1999, 30 පි.

උත්පත්ති 45:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:30; 47:18
  • +1කොරි 9:10

උත්පත්ති 45:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:26

උත්පත්ති 45:8

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:28
  • +විනි 17:10; යෝබ් 29:16; ගීතා 105:21

උත්පත්ති 45:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 45:26; ක්‍රියා 7:10; 1යොහ 4:14

උත්පත්ති 45:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:34; 47:1; නික් 8:22; 9:26

උත්පත්ති 45:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 47:12; හිතෝ 3:27; ක්‍රියා 7:14

උත්පත්ති 45:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 42:23

උත්පත්ති 45:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:4; 46:29

උත්පත්ති 45:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:27; 1සාමු 20:41; ලූක් 15:20

උත්පත්ති 45:16

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:36; එස්ත 1:21

උත්පත්ති 45:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 42:25; 43:18

උත්පත්ති 45:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:28; 47:6

උත්පත්ති 45:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:40
  • +උත් 45:27; 46:5; ගණන් 7:3; 1සාමු 6:14
  • +උත් 47:9

උත්පත්ති 45:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:6
  • +යෙසා 1:19

උත්පත්ති 45:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:14; 42:25

උත්පත්ති 45:22

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 5:5
  • +උත් 43:34

උත්පත්ති 45:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 42:21; ගීතා 133:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2017, 16-17 පි.

උත්පත්ති 45:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:21
  • +උත් 42:38; 44:28; ලූක් 24:11

උත්පත්ති 45:27

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 57:15; 1කොරි 16:18; 2කොරි 7:13

උත්පත්ති 45:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:30; ලූක් 2:29

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 45:1උත් 43:30
උත්. 45:1ක්‍රියා 7:13
උත්. 45:2රූත් 1:9
උත්. 45:3මාක් 6:50
උත්. 45:4උත් 37:28; ක්‍රියා 7:9
උත්. 45:52කොරි 2:7
උත්. 45:5උත් 47:25; 50:20; 1සාමු 2:6; ගීතා 33:19; 105:17
උත්. 45:6උත් 41:30; 47:18
උත්. 45:61කොරි 9:10
උත්. 45:7උත් 46:26
උත්. 45:8රෝම 8:28
උත්. 45:8විනි 17:10; යෝබ් 29:16; ගීතා 105:21
උත්. 45:9උත් 45:26; ක්‍රියා 7:10; 1යොහ 4:14
උත්. 45:10උත් 46:34; 47:1; නික් 8:22; 9:26
උත්. 45:11උත් 47:12; හිතෝ 3:27; ක්‍රියා 7:14
උත්. 45:12උත් 42:23
උත්. 45:14උත් 33:4; 46:29
උත්. 45:15නික් 4:27; 1සාමු 20:41; ලූක් 15:20
උත්. 45:162සාමු 3:36; එස්ත 1:21
උත්. 45:17උත් 42:25; 43:18
උත්. 45:18උත් 27:28; 47:6
උත්. 45:19උත් 41:40
උත්. 45:19උත් 45:27; 46:5; ගණන් 7:3; 1සාමු 6:14
උත්. 45:19උත් 47:9
උත්. 45:20උත් 46:6
උත්. 45:20යෙසා 1:19
උත්. 45:21උත් 21:14; 42:25
උත්. 45:222රාජා 5:5
උත්. 45:22උත් 43:34
උත්. 45:24උත් 42:21; ගීතා 133:1
උත්. 45:26ගීතා 105:21
උත්. 45:26උත් 42:38; 44:28; ලූක් 24:11
උත්. 45:27යෙසා 57:15; 1කොරි 16:18; 2කොරි 7:13
උත්. 45:28උත් 46:30; ලූක් 2:29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 45:1-28

උත්පත්ති

45 යූදා කී දේවල් ඇසූ විට යෝසෙප්ට තම හැඟීම් පාලනය කරගත නොහැකි විය.+ ඒ නිසා ඔහු, “හැමෝම මෙතැනින් යන්න” කියා තමා ඉදිරියේ සිටි සේවකයන්ට කීවේය. යෝසෙප් තම සහෝදරයන්ට තමා කවුද කියා හෙළි කළ විට වෙන කිසිවෙක් එතැන සිටියේ නැත.+

2 යෝසෙප් ඒ අවස්ථාවේදී හයියෙන් අඬන්න පටන්ගත්තේය.+ ඔහු අඬන ශබ්දය ඒ අවට සිටි ඊජිප්තුවරුන්ටත් ඇසිණ. පාරාවෝගේ ගෙයි වැසියන්ටත් ඒ ගැන ආරංචි විය. 3 අවසානයේදී යෝසෙප් තම සහෝදරයන්ට මෙසේ කීවේය. “මම යෝසෙප්! මගේ පියා තවමත් ජීවත් වෙනවාද?” එහෙත් ඔහුගේ සහෝදරයෝ ඔහු කී දේ නිසා කැලඹී ඔහුට උත්තරයක් දීමට නොහැකිව සිටියෝය.+ 4 එබැවින් යෝසෙප්, “මා ළඟට එන්න” කියා ඔවුන්ට කීවේය. ඔවුහුද ඔහු ළඟට ගියෝය.

ඉන්පසු ඔහු මෙසේ කීවේය. “මම යෝසෙප්. ඔබ ඊජිප්තුවට වික්ක ඔබේ සහෝදරයා මමයි!+ 5 ඔබ මාව විකුණූ නිසා දැන් දුක් වෙන්නවත්+ ඔබටම දොස් කියාගන්නවත් එපා. ඔබේ ජීවිත ආරක්ෂා කරන්නයි දෙවි මාව මේ දේශයට ගෙනාවේ.+ 6 දැන් අවුරුදු දෙකක් තිස්සේ පොළොව පුරාම සාගතය පවතිනවා.+ තව අවුරුදු පහක් යන තුරු බීජ වපුරන්නවත් අස්වැන්න නෙළාගන්නවත් ලැබෙන්නේ නැහැ.+ 7 ඔබ මේ දේශයට එන්න කලින්ම දෙවි මාව මෙතැනට ගෙනාවා. දෙවි එහෙම කළේ පුදුම ක්‍රියාවකින් ඔබේ ජීවිත බේරා ඔබේ පරම්පරාව දිගටම පොළොවේ පවතින්න සලස්වන්නයි.+ 8 මාව මෙතැනට එව්වේ ඔබ නොවෙයි,+ සැබෑ දෙවියි. මම දැන් පියෙකු වගේ පාරාවෝට මඟ පෙන්වනවා.+ ඔහුගේ සියලු ගෙයි වැසියන්ගේ ස්වාමියා ලෙස කටයුතු කරනවා. මුළු ඊජිප්තු දේශයම පාලනය කරනවා. ඒ සියල්ල සිදු වෙන්න සැලැස්සුවේ දෙවියි.

9 “දැන් ඉක්මනට මගේ පියා  ළඟට ගිහින් මෙහෙම කියන්න. ‘“දෙවි  මා ඊජිප්තු දේශයේ ස්වාමියා ලෙස පත් කර තිබෙනවා.+ දැන් ප්‍රමාද  නොවී මා ළඟට එන්න” කියා ඔබේ  පුත් යෝසෙප් ඔබට පණිවිඩයක් එව්වා. 10 “ඔබේ පුත්‍රයනුත් පුත්‍රයන්ගේ දරුවනුත් ඔබේ එළු බැටළු රැළ හා ගව රැළ ඇතුළු ඔබේ සියලු සතුනුත් රැගෙන ගෝෂෙන් දේශයට+ ඇවිත් මාත් එක්ක ජීවත් වෙන්න. 11 නැත්නම් ඔබට තියෙන හැම දෙයක්ම නැති වී ඔබත් ඔබේ ගෙයි වැසියනුත් අන්ත දුගී තත්වයට පත් වෙයි. සාගතය තව අවුරුදු පහක් පුරාම පවතිනවා. ඒ කාලයේදී මම ඔබට කන්න දෙන්නම්”+ කියා ඔබේ පුත් යෝසෙප් ඔබට කිව්වා.’ 12 දැන් ඔබත් එක්ක කතා කරන්නේ මමම කියා මගේ සහෝදර බෙන්ජමින්ටත් ඔබ සියලුදෙනාටත් තේරෙනවා ඇති.+ 13 ඊජිප්තුවේ මට ලැබුණු ගෞරවය හා ඔබ මෙහෙ දුටු හැම දෙයක්ම මගේ පියාට කියන්න. දැන් ඉක්මනට ගිහින් මගේ පියාව මේ දේශයට එක්කගෙන එන්න.”

14 එසේ කී පසු ඔහු තම සහෝදර බෙන්ජමින්ව බදාගෙන ඇඬුවේය.+ බෙන්ජමින්ද ඔහුව බදාගෙන ඇඬුවේය. 15 ඔහු අනික් සහෝදරයන්ව සිපගෙන ඔවුන්වද බදාගෙන ඇඬුවේය.+ ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කතා කළෝය.

16 “යෝසෙප්ගේ සහෝදරයන් ඇවිත් ඉන්නවා” කියා පාරාවෝගේ නිවසේ අයට ආරංචි වූ විට පාරාවෝද ඔහුගේ සේවකයෝද ඒ ගැන සතුටු වූහ.+ 17 පාරාවෝ යෝසෙප්ට මෙසේ කීවේය. “ඔබේ සහෝදරයන්ට මෙහෙම කියන්න. ‘ඔබේ සතුන් පිට බඩු පටවාගෙන කානාන් දේශයට යන්න.+ 18 ඔබේ පියාවත් ඔබේ ගෙයි වැසියන්වත් මගේ දේශයට එක්කගෙන එන්න. මම ඔබට ඊජිප්තු දේශයේ තියෙන හොඳම දේ දෙන්නම්. දේශයේ තියෙන හොඳම කෑම ඔබට කන්න පුළුවන්.’+ 19 ඔබ ඔවුන්ට මෙහෙමත් කියන්න.+ ‘ඊජිප්තු දේශයෙන් කරත්ත+ රැගෙන ඔබේ කුඩා දරුවන්වත් භාර්යාවන්වත් ඔබේ පියාවත් කැඳවාගෙන එන්න.+ 20 ඔබට අයිති බඩු බාහිරාදිය එහෙ දාලා එන එක ගැන කනගාටු වෙන්න එපා.+ ඔබට ඊජිප්තු දේශයේ සැප සම්පත් භුක්ති විඳින්න පුළුවන්.’”+

21 ඊශ්‍රායෙල්ගේ පුත්‍රයෝ පාරාවෝ කී දේට එකඟ වූහ. පාරාවෝ අණ කළ පරිදි යෝසෙප් ඔවුන්ට කරත්තද ගමනට අවශ්‍ය දේවල්ද දුන්නේය.+ 22 ඔවුන් එකිනෙකාට ඔහු ඇඳුම් කට්ටලය බැගින් දුන්නේය.+ නමුත් ඔහු බෙන්ජමින්ට රිදී ෂෙකෙල් තුන්සියයක්ද ඇඳුම් කට්ටල පහක්ද දුන්නේය.+ 23 ඔහු තම පියාට බූරුවන් දහදෙනෙකු පිට ඊජිප්තුවේ හොඳ දේවල්ද ඊජිප්තුව බලා එන ගමනට බූරුදෙනුන් දහදෙනෙකු පිට අවශ්‍ය ධාන්‍ය සහ කෑමද යැව්වේය. 24 ඔහු තම සහෝදරයන්ව පිටත් කර යැවූ අවස්ථාවේදී, “ගමන යන අතරතුරේදී රණ්ඩු වෙන්න එපා”+ කියා උපදෙස් දුන්නේය.

25 කල් යත්ම ඔවුහු කානාන් දේශයට පැමිණියෝය. ඔවුහු තමන්ගේ පියා වන යාකොබ් වෙතට ගොස් 26 මෙසේ කීවෝය. “යෝසෙප් තවමත් ජීවතුන් අතර ඉන්නවා! ඔහුව මුළු ඊජිප්තු දේශයේම පාලකයා ලෙස පත් කර තිබෙනවා.”+ නමුත් යාකොබ් ඔවුන් කී දේවල් විශ්වාස නොකළ නිසා ඒ ගැන කිසිම හැඟීමක් ඔහුට ඇති නොවීය.+ 27 ඉන්පසු ඔවුහු යෝසෙප් කී සියල්ල තම පියාට කීවෝය. යාකොබ් තමාව රැගෙන යෑමට යෝසෙප් එවා තිබූ කරත්ත දුටු විට ඔහුගේ සිත සතුටින් ඉපිල ගියේය.+ 28 ඊශ්‍රායෙල් ඉතා හැඟීම්බරව මෙසේ කීවේය. “අනේ මගේ පුතේ, යෝසෙප්, ඔබ ඇත්තටම තවමත් ජීවත් වෙනවාද? මගේ ඇස් පියවෙන්න කලින් ඔබේ මුහුණ දැකගන්න පුළුවන් නම් මට ඒ ඇති.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න