ගීතාවලිය
දාවිත් රචනා කරපු ගීතයක්.
108 දෙවියනි, ඔබ ගැන මගේ හිතේ තියෙන විශ්වාසය
පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ.
මම මුළු හදවතින්ම ඔබට ගී ගයමින් සංගීතය වාදනය කරනවා.+
2 මම මගේ තත් භාණ්ඩයෙත් වීණාවෙත් හඬ අවදි කරනවා.+
මගේ ගී තනුවලින් අරුණාලෝකයත් අවදි කරනවා.
4 මොකද ඔබේ නොසැලෙන ආදරේට නිමක් නැහැ.
ඒක ස්වර්ගය දක්වාම නැඟ යනවා.+
ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදිලා යනවා.
5 දෙවියනි, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලා
ස්වර්ගය පුරාම දකින්න සලස්වන්න!
ඔබේ තේජස පොළොව පුරාම විහිදුවන්න!+
7 ශුද්ධ දෙවියන්* මෙහෙම කිව්වා.
9 මෝවබ් මං අත පය හෝදගන්න භාජනයයි.+
මං මගේ පාවහන් ගලවලා ඒදොම් දෙසට වීසි කරනවා.+
පිලිස්තිවරුන්ව පරද්දලා ජය ඝෝෂා නඟනවා.”+
10 බලකොටුවලින් වට වුණ නුවර අල්ලගන්න මට උදව් කරන්නේ කවුද?
ඒදොම් වෙන කල්ම මාව අරගෙන යන්නේ කවුද?+
11 අපේ දෙවියනි, ඒ දේ කරන්නේ ඔබයි.
ඒත් ඔබ දැන් අපිව අත්හැරලා දාලා.
කලින් වගේ ඔබ අපේ හමුදාවට උදව් කරන්න එන්නෙත් නැහැ.+