ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 18:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඒ නිසා ඔබ මේ දේවලට කිසිසේත් සම්බන්ධ නොවී යෙහෝවා දෙවි ඉදිරියේ නිදොස්ව සිටිය යුතුයි.+

  • 1 රාජාවලිය 11:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 වයස්ගත වෙද්දී සලමොන් රජ+ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින්+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තේය.+ ඔහුගේ පියා වූ දාවිත්, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම+ තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැත.

  • 2 රාජාවලිය 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව,+ මුළු හදවතින්ම+ ඔබට සේවය කළ හැටිත්+ ඔබ යහපත්යයි සලකන දේ කළ හැටිත්+ සිහි කරන මෙන් බැගෑපත්ව ඔබෙන් අයැදිමි.”+ එසේ කියමින් හෙසකියා රජ බොහෝ සෙයින් හැඬුවේය.+

  • 1 ලේකම් 28:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මගේ පුත් සලමොන්, මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන+ ඔහුට ළං වන්න. ඔබේ මුළු හදවතින්ම,+ ප්‍රීතියෙන්+ ඔහුට සේවය කරන්න.+ යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා.+ සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා.+ ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි.+ නමුත් යම් ආකාරයකින් ඔබ ඔහුව අත්හැරියොත්+ ඔහු ඔබවත් සදහටම අත්හරියි.+

  • ගීතාවලිය 37:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 නිර්දෝෂව හා අවංකව කටයුතු කරන තැනැත්තා දෙස බලන්න.+

      සාමය පිරුණු අනාගතයක් ඔහුට ඇත.+

  • මතෙව් 22:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න