ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+

      නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+

      ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+

      ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+

  • 2 රාජාවලිය 7:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එවිට රජුගේ උපකාරයට සිටි නිලධාරියා,+ දෙවිගේ අනාගතවක්තෘට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අහසේ කවුළු ඇරියත්+ ඔබ කියන දේ වෙයි කියා විශ්වාස කරන්නේ කොහොමද?”+ එලිෂා මෙසේ කීවේය. “මා කියූ දේ අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඔබේ ඇස් දෙකෙන්ම ඔබට එය දැකගන්න ලැබුණත්+ ඔබට ඒ දේවල් කන්න ලැබෙන්නේ නැහැ.”+

  • 2 ලේකම් 36:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+

  • යෙසායා 5:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නීතිය ප්‍රතික්ෂේප කළෝය.+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ වචනයට ඔවුහු අගෞරව කර ඇත.+ ඒ නිසා, ගිනිදැල්ලට පිදුරු දැවී යන්නාක් මෙන්ද+ වියළී ගිය තණකොළ පොළොවටම අළු වී යන්නාක් මෙන්ද ඔවුහු විනාශ වෙති. ඔවුන්ගේ මුල දිරාපත් වී ගඳගසයි.+ ඔවුන්ගේ මල් වියළී දූවිලි මෙන් සුළඟට ගසාගෙන යයි.

  • යෙසායා 28:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ස්වර්ගයේ සේනාවල අධිපතිද විශ්වයේ පාලකයාණන්ද+ වන යෙහෝවා දෙවි මේ මුළු දේශයම+ විනාශ කිරීමට තීරණය කර ඇති බව මට දන්වා තිබේ. ඒ නිසා, දැන් සමච්චල්+ නොකරන්න. මන්ද එසේ කළොත් ඔබට දමන විලංගු තව තවත් තද කරනු ලබයි.

  • නාහුම් 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින දෙවි කෙනෙකි.+ යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කරන්නේය.+ ඔහු තම සතුරන්ගේ දුෂ්ට ක්‍රියා අමතක නොකර ඔවුන්ට විරුද්ධව මහත් උදහසකින් යුක්තව ක්‍රියා කරන්නේය.+ යෙහෝවා දෙවි තම සතුරන්ට+ නිසි දඬුවම් දෙන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න