ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඒ දවසේදී, යෙහෝවා දෙවි හටගන්න සලස්වන අංකුරය+ හොඳින් වැඩී දේශය අලංකාරවත් කර ගෞරවයට පත් කරන්නේය.+ දේශයෙන් ලැබෙන පලදාව ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඉතුරු වූ අයට ඉතා අලංකාර දසුනක් වනු ඇත.+ ඔවුහු ඒ ගැන බොහෝ සෙයින් ආඩම්බර වන්නෝය.+

  • යෙසායා 11:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙස්සේගේ+ කඳෙන් අංකුරයක්+ හටගන්නේය. ඔහුගේ මුල්වලින් පැළෑටියක්+ හටගෙන පල දරන්නේය.+

  • යෙසායා 53:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු අංකුරයක්+ මෙන්ද වියළි බිමක මතු වන මුලක් මෙන්ද ජනයා ඉදිරියේ වැඩෙයි. ඔහුට සිත් ඇදගන්නා, තේජවත් පෙනුමක් නැත.+ අප ඔහු දෙස බැලුවත් සිත ආකර්ෂණය කරගන්නා කිසිවක් ඔහු තුළ දක්නට නොලැබෙයි.+

  • යෙරෙමියා 33:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකුව ඒ කාලයේදී මම බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨකමින් දේශය පාලනය කරනු ඇත.+

  • සෙකරියා 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘උත්තම පූජක යොෂුවා, මා දැන් ඔබට කියන දේට ඇහුම්කන් දෙන්න. යොෂුවා ඉදිරියේ වාඩි වී සිටින පුරුෂයෙනි, අනාගතයේ සිදු වීමට නියමිත දෙයක් ඔබෙන් නියෝජනය කරයි.+ එබැවින් ඔබත් මට සවන් දෙන්න. ඉදිරියේදී අංකුරය ලෙස හඳුන්වන+ මාගේ සේවකයාව මම එවන්නෙමි.+

  • මතෙව් 2:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 නාසරෙත් නම් නගරයට+ පැමිණ එහි වාසය කළේය. එසේ වූයේ, ‘ඔහුව නාසරෙත්හි වැසියෙක්යයි හඳුන්වනු ලබන්නේය’+ කියා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේ ඉටු වීම සඳහාය.

  • යොහන් 1:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 ෆිලිප් නතානියෙල්ව+ හමු වී, “අපිට නාසරෙත් නුවරින් පැමිණි යේසුස් නම් කෙනෙක්ව හමු වුණා. ඔහුගේ පියා යෝසෙප්.+ මෝසෙස්ට දෙන ලද නීතියෙත්+ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත්+ සඳහන් තැනැත්තා ඔහුයි” කියා කීවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න