-
යෙසායා 26:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 “ජනයෙනි, මරණ නින්දෙහි සැතපී සිටින ඔබේ සෙනඟ යළි නැඟිටින්නෝය.+ මාගේ දේශයේ මිය ගිය අය නැවත ජීවත් වනු ඇත.+ දූවිල්ලෙහි සැතපී සිටින ජනයෙනි, අවදි වී ප්‍රීති ඝෝෂා නඟන්න!+ මන්ද ගස් වැල් මත පිනි බිඳු වැටෙන්නාක් මෙන්+ ඔබත් පින්නෙන් නැහැවී යන්නහුය.+ දරුවන් බිහි කරන්නාක් මෙන් පොළොව එහි මිය ගිය අයව පිටතට දමනු ඇත.+
-
-
එළිදරව් 20:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඉන්පසුව මිය ගිය සියලු තරාතිරම්වල අය+ සිංහාසනය ඉදිරියෙහි සිටගෙන සිටින ආකාරය දැකගැනීමට මට හැකි විය. ඒ අවස්ථාවේදී අකුළා තිබුණු ලියවිලි දිගහරින ලදි. දිගහරිනු ලැබූ තවත් ලියවිල්ලක් වූයේ ජීවන ලියවිල්ලය.+ මිය ගොස් සිටි අයව ඒ ලියවිලිවල සටහන් කර තිබූ දේවලට අනුවද ඔවුන්ගේ ක්‍රියාවලට අනුවද විනිශ්චය කරනු ලැබීය.+
-