ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 17:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එලියා මාර්ගයෙන් යෙහෝවා දෙවි කී ලෙස ඇය ළඟ තිබූ පිටිවත් තෙල්වත් ඉවර වුණේ නැත.+

  • 1 රාජාවලිය 17:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ටික වේලාවකින් පසුව යෙහෝවා දෙවි එලියාගේ ඉල්ලීමට එකඟව+ දරුවාව නැවත ජීවත් කෙරෙව්වේය.+

  • 1 රාජාවලිය 18:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ධාන්‍ය පූජාව ඔප්පු කරන වේලාවේදී+ පමණ අනාගතවක්තෘ එලියා යාච්ඤා කර මෙසේ කීවේය. “ආබ්‍රහම්ගේද+ ඊසාක්ගේද+ ඊශ්‍රායෙල්ගේද+ දෙවි වන යෙහෝවා, මුළු ඊශ්‍රායෙල්හිම දෙවි ඔබ බව අද සියලුදෙනාටම පැහැදිලිව පෙන්වන්න.+ මා ඔබේ සේවකයා බවත් මා කරන කියන සියල්ල සිදු වෙන්නේ ඔබේ වචනයට අනුව බවත් ඔවුන්ට දැනගන්න සලස්වන්න.+

  • 1 රාජාවලිය 18:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 නමුත් එලියා කැසපට ගසාගෙන+ ආහබ් රජුට කලින් යෙෂ්‍රෙයෙල් නගරයට දිව ගියේය.+ ඔහුට එසේ යෑමට හැකි වූයේ යෙහෝවා දෙවිගේ උපකාරයෙනි.+

  • 2 රාජාවලිය 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එවිට එලියා තම නිල වස්ත්‍රය+ ගලවා එයින් වතුරට ගැසුවේය. වතුර ටිකෙන් ටික දෙබෑ වූ පසු ඔවුහු වියළි බිමෙන් එගොඩ වූහ.+

  • 2 රාජාවලිය 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔවුන් දෙදෙනා කතා කරමින් යන විට එකපාරටම යුධ රථයක්ද+ අශ්වයෝද ඔවුන් අතරට පැමිණ ඔවුන් දෙදෙනාව වෙන් කළෝය. රථයද අශ්වයන්ද ගින්නෙන් ඇවිළෙන්නාක් මෙන් තිබිණ. ඒ සමඟම හැමූ තද සුළඟකින් එලියාව අහසට ඔසවාගන්නා ලදි.+

  • 2 ලේකම් 21:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 කල් යත්ම අනාගතවක්තෘ එලියාගෙන්+ ඔහුට ලියවිල්ලක් ලැබිණ.+ එහි මෙසේ සඳහන් විය. “ඔබේ මුතුන්මිත්තා වූ දාවිත්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවේය. ‘ඔබ ඔබේ පියා වූ යෙහෝෂපාට් ක්‍රියා කළ ආකාරයවත්+ යූදාහි රජු වූ ආසා ක්‍රියා කළ ආකාරයවත්+ අනුගමනය නොකර

  • ලූක් 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔහුගේ පැවරුම වන්නේ යෙහෝවා දෙවි වෙනුවෙන්+ සෙනඟක් සූදානම් කිරීමයි.+ ඒ සඳහා ඔහු එලියා මෙන්+ මහත් උද්‍යෝගයකින් සේවය කරන අතර එලියාට ලැබුණු බලයද ඔහුට ලැබෙයි. ප්‍රතිඵලයක් ලෙස පියවරුන්ගේ සිත්+ දරුවන්ගේ සිත් හා සමාන වෙයි. අකීකරු අය ප්‍රඥාවෙන් කටයුතු කරන ධර්මිෂ්ඨයන් බවටත් හැරෙයි.”

  • යොහන් 1:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එවිට ඔවුහු, “එහෙමනම් ඔබ කවුද? ඔබ එලියාද”+ කියා ඔහුගෙන් ඇසූහ. එවිට ඔහු, “මම එලියා නොවෙයි” කියා පිළිතුරු දුන්නේය. “එන්න සිටින අනාගතවක්තෘවරයා ඔබද”+ කියාත් ඔවුහු ඇසුවෝය. එයටත් ඔහු, “නැහැ” කියා පිළිතුරු දුන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න