ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්‍රයෙකු දෙන ලද්දේය.+ රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත.

  • යෙසායා 11:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒ දවසේදී+ යෙස්සේගේ පෙළපතින් මුලක්+ හටගනු ඇත. සියලු ජනයාට ලකුණක් පිණිස ඔහුව කොඩියක් සේ සිටවනු ලබන්නේය.+ විවිධ ජාතීහු ඔහුගෙන් මඟ පෙන්වීම පතන්නෝය.+ ඔහුගේ වාසස්ථානය තේජසින් පිරී යන්නේය.+

  • යෙසායා 52:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් නැවත වතාවක් මිනිස්සු ඔහු දෙස බලා පුදුමයට පත් වෙති. ජාතීහු විස්මයට පත් වන්නෝය.+ රජවරු ඔහු ඉදිරියෙහි නිහඬ වන්නෝය.+ මන්ද මීට කලින් නොඇසූ දේවල් ඔවුන්ට අහන්න, දකින්න සිදු වෙයි.+

  • යෙරෙමියා 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකු* බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු නුවණැතිව රජකම් කරනු ඇත.+ යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨ ලෙස පාලනය කරනු ඇත.+

  • මීකා 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “‘යූදාහි නගර අතරින් කුඩාම නගරය+ වන බෙත්ලෙහෙම් එෆ්‍රාතා!+ ඊශ්‍රායෙල් පාලනය කිරීමට නියමිත තැනැත්තා+ පැමිණෙන්නේ ඔබගෙන්ය.+ ඔහු පාලනය කරන්නේ මාගේ කැමැත්තට අනුවය. ඔහුගේ පටන්ගැන්ම ඈත අතීතයට දිව යයි.’+

  • සෙකරියා 13:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කඩුව, දැන් නැඟිට මා පත් කළ එඬේරාට+ පහර දෙන්න. මා සමඟ කිට්ටුවෙන් වැඩ කළ තැනැත්තාට+ පහර දෙන්න. එඬේරාට පහර දෙන්න.+ එවිට රැළේ බැටළුවෝ සීසීකඩ විසිරී යනු ඇත.+ නමුත් සමාජයේ පහත්යයි සලකන අයට මම අනුකම්පා කර මාගේ ප්‍රේමය පෙන්වන්නෙමි.”+

  • මලාකි 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “මම මාගේ පණිවිඩකරුව මා ඉදිරියෙන් යවන්නෙමි.+ ඔහු මට කලින් ගොස් මාර්ගය සූදානම් කරනු ඇත.+ සැබෑ ස්වාමීන්*+ තම ගෘහයට පැමිණෙනු ඇත.+ ඔබ මඟ පෙන්වීම් පතන ඒ තැනැත්තා ඔබ නොසිතන වේලාවක පැමිණෙන්නේය. ඔබ ආශාවෙන් බලා සිටින තැනැත්තා+ වන ගිවිසුමට+ සම්බන්ධ දූතයාද+ ඔහු සමඟ පැමිණෙන්නේය. ඔහු නිසැකවම පැමිණෙනු ඇත.” ඒ දේ දන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.+

  • ලූක් 24:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 ඉන්පසු යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “මා ඔබ සමඟ සිටියදී ඔබට පැවසූ දේවල් ඔබට මතක ඇති.+ එනම් මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත්+ ගීතාවලියෙත්+ මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතු බවයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න