17 “මාගේ සිත බිඳී ගියේය.+ මම දැන් මරණාසන්නව සිටිමි.
මිනී වළද මා එන තුරු බලා සිටින්නේය.+
2 සමච්චල් කරන්නෝ මා වට කර සිටිති.+
මාගේ දෑසට පෙනෙන්නේ ඔවුන්ගේ කැරලිකාරකම පමණි.
3 ‘දෙවියනි, මා වෙනුවෙන් ඇප වන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි.+
ඔබ හැර මා වෙනුවෙන් ඇප වීමට+ වෙන කවරෙකු සිටීද?
4 නුවණ නොලබන පිණිස ඔබ ඔවුන්ගේ සිත් වසා ඇත.+
ඔවුන් ජය නොලබන්නේ ඒ නිසාය.
5 ඔවුහු තම මිතුරන්ට හඬගසා තමන්ට හිමි උරුමයෙන් කොටසක් ගන්න කියා ආරාධනා කරති.
නමුත් ඔවුන්ගේ පුත්‍රයෝ අන්ධයන් බවට පත් වනු ඇත.’+
6 දෙවි මා උපහාසයට+ ලක් කරන්න මනුෂ්‍යයන්ට ඉඩහැරියේය.
ඔවුහු මාගේ මුහුණට කෙළ ගැසුවෝය.+
7 ශෝකයෙන් මාගේ දෙනෙත් අඳුරු වී ඇත.+
මාගේ සිරුර පහ වී යන සෙවණැල්ලක් මෙනි.
8 ප්‍රතිපත්තිගරුක අය මා දෙස බලා පුදුම වෙති.
දෙවිට ද්‍රෝහි වූ අයගේ ක්‍රියා දැක නිර්දෝෂ අය කලබල වන්නෝය.
9 ධර්මිෂ්ඨයා කෙදිනකවත් යහමඟෙන් ඉවතට නොහැරෙයි.+
නිර්දෝෂ+ තැනැත්තාගේ ශක්තිය දිනෙන් දින වැඩි වෙයි.+
10 ඔබ සියල්ලෝම දිගටම මා සමඟ වාද කරන්න.
ඔබ කොතෙකුත් දේවල් පැවසුවත් ඔබ අතරේ එක් ප්රඥාවන්තයෙකුවත් මට සොයාගත නොහැකිය.+
11 මාගේ දිවි ගමන කෙළවර වී ඇත.+ මාගේ සැලසුම් සියල්ලම අසාර්ථක වී ඇත.+
මාගේ සිතේ ප්‍රාර්ථනා ඉටු නොවීය.
12 ‘ආලෝකය උදා වෙන්න ආසන්නයි’ කියමින් මාගේ මිතුරෝ බොරු කියති.
එහෙත් දසත විහිදී ඇත්තේ අඳුර පමණි.+
13 බලාපොරොත්තුවක් ඇතත් ඒ මිනී වළ ගැන පමණය.+
අන්ධකාරයෙහි+ මම සැතපෙන්නෙමි.
14 මම මිනී වළට,+ ‘මාගේ පියාණෙනි’ කියා අමතමි.
පණුවන්ට,+ ‘මාගේ මෑණියෙනි’ කියාද ‘මාගේ නැඟණියෙනි’ කියාද අමතමි.
15 එසේනම් මා බලාපොරොත්තු වූ සියල්ලට සිදු වූයේ කුමක්ද?+
මට කිසිදු බලාපොරොත්තුවක් ඇතැයි කියා කවරෙකු හෝ සිතයිද?
16 මිනී වළට මා බැස යන විට මාගේ සියලු බලාපොරොත්තුද මා සමඟම නැති වී යනු ඇත.
මාගේ සියලු ප්‍රාර්ථනා සමඟම මම දූවිල්ලට හැරී යන්නෙමි.”+