ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 41
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • ඉෂ්මායෙල් ගෙදලියාව මරලා දායි (1-10)

      • යෝහානාන් ඉෂ්මායෙල් පස්සේ පන්නගෙන යයි (11-18)

යෙරෙමියා 41:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:23; යෙරෙ 40:14
  • +2රාජා 25:25

යෙරෙමියා 41:5

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:1
  • +යොෂු 18:1
  • +1රාජා 16:23, 24
  • +ලෙවී 19:27, 28; ද්වි 14:1
  • +ලෙවී 2:1

යෙරෙමියා 41:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:22; 2ලේක 16:6

යෙරෙමියා 41:10

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 40:12
  • +යෙරෙ 40:7
  • +යෙරෙ 40:14

යෙරෙමියා 41:11

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 40:13; 43:2

යෙරෙමියා 41:12

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “විශාල පොකුණ.”

යෙරෙමියා 41:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 40:6

යෙරෙමියා 41:16

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 41:2

යෙරෙමියා 41:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:19
  • +2රාජා 25:26; යෙරෙ 42:14; 43:7

යෙරෙමියා 41:18

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 41:2

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 41:12රාජා 25:23; යෙරෙ 40:14
යෙරෙ. 41:12රාජා 25:25
යෙරෙ. 41:51රාජා 12:1
යෙරෙ. 41:5යොෂු 18:1
යෙරෙ. 41:51රාජා 16:23, 24
යෙරෙ. 41:5ලෙවී 19:27, 28; ද්වි 14:1
යෙරෙ. 41:5ලෙවී 2:1
යෙරෙ. 41:91රාජා 15:22; 2ලේක 16:6
යෙරෙ. 41:10යෙරෙ 40:12
යෙරෙ. 41:10යෙරෙ 40:7
යෙරෙ. 41:10යෙරෙ 40:14
යෙරෙ. 41:11යෙරෙ 40:13; 43:2
යෙරෙ. 41:14යෙරෙ 40:6
යෙරෙ. 41:16යෙරෙ 41:2
යෙරෙ. 41:17උත් 35:19
යෙරෙ. 41:172රාජා 25:26; යෙරෙ 42:14; 43:7
යෙරෙ. 41:18යෙරෙ 41:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 41:1-18

යෙරෙමියා

41 හත්වෙනි මාසේදී එලිෂාමාගේ පුතා වුණ නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්+ මිනිස්සු දහදෙනෙක් එක්ක මිෂ්පාවල හිටපු අහිකාම්ගේ පුතා වුණ ගෙදලියාව හම්බ වෙන්න ආවා.+ ඉෂ්මායෙල් කියන්නේ රජ පවුලට අයිති, රජගේ ප්‍රධාන නිලධාරියෙක්. ඒ හැමෝම මිෂ්පාවල එකට කෑම කෑවා. 2 කෑම කකා ඉද්දී නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් සහ එයා එක්ක ආව මිනිස්සු දහදෙනා නැඟිටලා ෂාපාන්ගේ පුතා වුණ අහිකාම්ගේ පුත් ගෙදලියාට කඩුවෙන් පහර දීලා එයාව මරලා දැම්මා. ඒ විදිහට බැබිලෝනියේ රජ දේශය බලාගන්න පත් කරපු කෙනාව ඉෂ්මායෙල් මරලා දැම්මා. 3 එයා ගෙදලියා එක්ක මිෂ්පාවල හිටපු යුදෙව්වන් හැමෝවමත් එහේ හිටපු කල්දිවරුන්ගේ සෙබළුන්වත් මරලා දැම්මා.

4 ඊළඟ දවස වෙන කල්ම ගෙදලියාව මරලා දාලා කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. එදා 5 ෂීකෙම්,+ ෂීලෝ+ සහ සමාරියේ+ ඉඳන් මිනිස්සු 80දෙනෙක් ආවා. එයාලා හිටියේ රැවුල් සම්පූර්ණයෙන්ම කපලා, ඇඳුම් ඉරාගෙන, ඇඟ කපාගෙන.+ එයාලා යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගෙනියන්න ධාන්‍ය පූජා සහ කට්ටකුමංජල්+ අරන් ඇවිත් තිබුණා. 6 එයාලව හම්බ වෙන්න නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් මිෂ්පාවල ඉඳන් අඬඅඬ ඇවිදගෙන ගියා. එයාලව මුණගැහුණාම එයා මෙහෙම කිව්වා. “අහිකාම්ගේ පුතා වුණ ගෙදලියා ඉන්න තැනට එන්න.” 7 ඒ අය නගරයට ඇතුල් වුණාට පස්සේ නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් සහ එයා එක්ක හිටපු මිනිස්සු ඒ අයව මරලා වතුර වළකට වීසි කළා.

8 ඒ අයගෙන් දහදෙනෙක් ඉෂ්මායෙල්ට මෙහෙම කිව්වා. “අනේ, අපිව මරන්න එපා. අපි තිරිඟුයි, බාර්ලියි, තෙලුයි, මීපැණියි ඉඩමක හංගලා තියෙනවා.” ඉතින් ඉෂ්මායෙල් ඒ අයව එයාලාගේ සහෝදරයන් එක්ක මරලා දැම්මේ නැහැ. 9 ඉෂ්මායෙල්, එයා මරපු හැමෝවම ලොකු වතුර වළකට වීසි කරලා දැම්මා. ඒ වළ හදලා තිබුණේ ආසා රජ. එයා ඒක හැදුවේ ඊශ්‍රායෙල්වල රජ වුණ බාෂා එක්ක සටන් කරපු කාලේදී.+ ඒ වළ තමයි නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් මළ කඳන්වලින් පිරෙව්වේ.

10 ඊටපස්සේ ඉෂ්මායෙල් මිෂ්පාවල ඉතුරු වෙලා හිටපු හැමෝවම+ ඒ කියන්නේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්, අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර දුන්න හැමෝවමයි,+ රාජ කුමාරිකාවන්වයි වහලුන් විදිහට අල්ලගත්තා. නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් ඒ හැමෝවම අරගෙන අම්මොන්වරුන්ගේ දේශයට යන්න පිටත් වුණා.+

11 නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් කරපු ඒ හැම දුෂ්ට වැඩක් ගැනම කාරියාගේ පුතා වුණ යෝහානාන්ටත්+ එයා එක්ක හිටපු හමුදාවේ ප්‍රධානීන්ටත් ආරංචි වුණා. 12 එතකොට එයාලා, එයාලත් එක්ක හිටපු පුරුෂයන් හැමෝවම එකතු කරගෙන නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල්ට විරුද්ධව සටන් කරන්න ගියා. එයාලා ගිබියොන්වල විශාල ජලාශය* ළඟදී ඉෂ්මායෙල්ව හොයාගත්තා.

13 ඉෂ්මායෙල් අරගෙන ගිය සෙනඟ කාරියාගේ පුතා වුණ යෝහානාන්වයි, එයා එක්ක හිටපු හමුදාවේ ප්‍රධානීන්වයි දැක්කාම ගොඩක් සතුටු වුණා. 14 මිෂ්පාවල ඉඳන් ඉෂ්මායෙල් වහලුන් විදිහට අල්ලගෙන ගිය+ ඒ සෙනඟ එයාගෙන් බේරිලා කාරියාගේ පුතා වුණ යෝහානාන් ළඟට ආවා. 15 ඒත් නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් සහ එයාත් එක්ක හිටපු මිනිස්සු අටදෙනෙක් යෝහානාන්ගෙන් බේරිලා අම්මොන්වරු ළඟට පැනලා ගියා.

16 නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් අහිකාම්ගේ පුතා වුණ ගෙදලියාව මැරුවාට පස්සේ+ මිෂ්පාවලින් අරගෙන ගිය සෙනඟව කාරියාගේ පුතා වුණ යෝහානාන් සහ එයා එක්ක හිටපු හමුදාවේ ප්‍රධානීන් ආපහු අරගෙන ආවා. යෝහානාන් සහ එයා එක්ක හිටපු කට්ටිය පුරුෂයන්වයි, සෙබළුන්වයි, ස්ත්‍රීන්වයි, දරුවන්වයි, රජගේ නිලධාරීන්වයි බේරගෙන ගිබියොන්වල ඉඳන් අරගෙන ආවා. 17 ඒ කට්ටිය බෙත්ලෙහෙම+ ළඟ තිබුණ කිම්හාම්ගේ නවාතැනේ නතර වුණා. එයාලා අදහස් කරගෙන හිටියේ ඊජිප්තුවට යන්නයි.+ 18 මොකද එයාලා හිටියේ කල්දිවරුන්ට බයෙන්. බැබිලෝනියේ රජ දේශය බලාගන්න පත් කරපු අහිකාම්ගේ පුතා වුණ ගෙදලියාව නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් මරලා දාපු නිසා ඒ කට්ටියට කල්දිවරුන් ගැන ලොකු බයක් දැනුණා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න