ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සලමොන්ගේ ගීතිකාව පොතේ සාරාංශයක්

    • යෙරුසලමේ ඉන්න ෂූලම්මීය තරුණිය (3:6–8:4)

සලමොන්ගේ ගීතිකාව 6:2

හරස් යොමු දැක්වීම්

  • +සල 1:7; 2:16

සලමොන්ගේ ගීතිකාව 6:3

හරස් යොමු දැක්වීම්

  • +සල 7:10
  • +සල 2:16

සලමොන්ගේ ගීතිකාව 6:4

පාදසටහන්

  • *

    හෝ, “ප්‍රියකරු නගරය.”

හරස් යොමු දැක්වීම්

  • +සල 1:9
  • +1රාජා 14:17; 15:33
  • +ගීතා 48:2
  • +සල 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 19-20 පි.

සලමොන්ගේ ගීතිකාව 6:5

හරස් යොමු දැක්වීම්

  • +සල 1:15; 4:9; 7:4
  • +සල 4:1-3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 19 පි.

සලමොන්ගේ ගීතිකාව 6:7

පාදසටහන්

  • *

    හෝ, “නළල් දෙකෙළවර.”

සලමොන්ගේ ගීතිකාව 6:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2011, 11 පි.

සලමොන්ගේ ගීතිකාව 6:9

පාදසටහන්

  • *

    මූ.අ., “නිර්මල.”

හරස් යොමු දැක්වීම්

  • +සල 2:14

සලමොන්ගේ ගීතිකාව 6:10

හරස් යොමු දැක්වීම්

  • +සල 6:4

සලමොන්ගේ ගීතිකාව 6:11

පාදසටහන්

  • *

    හෝ, “මල් පොහොට්ටු ඇවිල්ලා.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:5

සලමොන්ගේ ගීතිකාව 6:12

පාදසටහන්

  • *

    හෝ, “වැඩ කරන්න කැමැත්තෙන් ඉන්න.”

සලමොන්ගේ ගීතිකාව 6:13

පාදසටහන්

  • *

    හෝ, “මහනායිම්වල කරන නැටුමක්.”

හරස් යොමු දැක්වීම්

  • +සල 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 20 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සල. 6:2සල 1:7; 2:16
සල. 6:3සල 7:10
සල. 6:3සල 2:16
සල. 6:4සල 1:9
සල. 6:41රාජා 14:17; 15:33
සල. 6:4ගීතා 48:2
සල. 6:4සල 6:10
සල. 6:5සල 1:15; 4:9; 7:4
සල. 6:5සල 4:1-3
සල. 6:81රාජා 11:1
සල. 6:9සල 2:14
සල. 6:10සල 6:4
සල. 6:11දේශ 2:5
සල. 6:13සල 1:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සලමොන්ගේ ගීතිකාව 6:1-13

සලමොන්ගේ ගීතිකාව

6 “ළඳුන් අතරේ ඉන්න ලස්සනම තරුණිය,

ඔබේ පෙම්වතා කොහෙද?

ඔහු ගියේ කොහෙටද?

ඔහුව හොයන්න අපිත් ඔබ එක්ක එන්නම්.”

 2 “මගේ පෙම්වතා සුවඳ පැළෑටි පිරුණු පාත්ති තියෙන

ඔහුගේ උයනට ගිහින්.

උයන් අතරේ ඉන්න බැටළුවන්ව රැකබලා ගන්න ගිහින්.

ලිලී මල් කඩාගන්න ගිහින්.+

 3 මගේ හිමිකරු මගේ පෙම්වතායි.

ඔහුගේ හිමිකාරිය මමයි.+

ලිලී මල් පිපුණු තණබිමක ඔහු බැටළුවන්ව බලාගන්නවා.”+

 4 “මගේ සොඳුරිය,+ ඔබ තිර්ෂා*+ වගේ ලස්සනයි.

යෙරුසලම තරම්ම අලංකාරයි.+

කොඩි අරගෙන රැස් වෙලා ඉන්න හමුදාවන් වගේ ඔබ තේජාන්විතයි.+

 5 ඔබේ දෙනෙත් මගෙන් ඉවතට ගන්න.+

ඔබ මං දිහා බලද්දී මගේ හද ගැස්ම වැඩි වෙනවා.

ඔබේ වරලස හරියට ගිලියද් කඳු බෑවුම් දිගේ

බැහැගෙන එන එළු රංචුවක් වගෙයි.+

 6 ඔබේ දත් හරියට බැටළු රැළක් වගෙයි.

නාවපු බැටළු රැළක් වගෙයි.

ඒවා එකකට එකක් ගැළපෙන විදිහට

එකක්වත් අඩු නැතුව පිළිවෙළට තියෙනවා.

 7 මුහුණු වැස්ම අතරින් පේන ඔබේ දෙකොපුල්*

හරියට දෙළුම් පළු දෙකක් වගෙයි.

 8 මට බිසෝවරු 60දෙනෙකුත්

උපභාර්යාවෝ 80දෙනෙකුත් ඉන්නවා.

තවත් තරුණියන් අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවකුත් ඉන්නවා.+

 9 ඒත් මට ඉන්න එකම එක නිකැළැල් පුංචි කොබෙයියා ඔබයි.+

ඇය ඇගේ මවට විශේෂ දියණියක්.

ඇයව බිහි කළ තැනැත්තියගේ ප්‍රියතම* දියණිය ඇයයි.

තරුණියන් ඇයව දැකලා ඇගේ ගුණ වර්ණනා කරනවා.

බිසෝවරු සහ උපභාර්යාවන් ඇයට ප්‍රශංසා කරනවා.

10 ‘අලුයම් ආලෝකය වගේ බැබළෙන,

පුරහඳ වගේ ලස්සන ඇය කවුද?

හිරු කිරණ වගේ පවිත්‍ර,

කොඩි අරගෙන රැස් වෙලා ඉන්න හමුදාවන් වගේ තේජාන්විත ඇය කවුද?’”+

11 “මම පලතුරු ගස් පිරුණු උයනට ගියා.+

නිම්නයේ දලු දාලා තියෙන ගස් වැල් බලන්න ගියා.

මිදිවැලේ දලු ලියලලා* තියෙනවාද කියලත්

දෙළුම් ගස්වල මල් පීදිලා තියෙනවාද කියලත් බලන්න මම ගියා.

12 ඒ දේවල් දැකගන්න ආසාවෙන් ඇවිදගෙන ගිය මම

දන්නෙම නැතුව

මගේ වංශවත්* සෙනඟගේ රථ ළඟට ආවා.”

13 “ෂූලම්මීය ළඳේ, ආපහු එන්න.

හැරිලා එන්න.

අපිට ඔබව ආයෙත් දැක බලා ගන්න ආපහු එන්න.”

“ෂූලම්මීය ළඳක් දිහා ඔබ බලන්නේ මොකටද?”+

“ඇය හරියට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කරන නැටුමක්* වගෙයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න