ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා දෙවි ඔබට දෙන ලකුණ මෙයයි. තරුණිය+ ගැබ්ගෙන+ පුතෙකු බිහි කරන්නීය.+ ඇය ඔහුට එම්මානුවෙල්* යන නම තබනු ඇත.

  • යෙසායා 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්‍රයෙකු දෙන ලද්දේය.+ රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත.

  • යෙරෙමියා 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකු* බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු නුවණැතිව රජකම් කරනු ඇත.+ යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨ ලෙස පාලනය කරනු ඇත.+

  • එසකියෙල් 34:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මම උන් වෙනුවෙන් එක එඬේරෙකුව පත් කරන්නෙමි.+ මාගේ සේවක දාවිත්*+ උන්ගේ එඬේරා වන්නේය.+ ඔහු උන්ව පෝෂණය කර රැකබලා ගනු ඇත.

  • දානියෙල් 9:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 “ඔබේ සෙනඟ+ හා ඔබේ ශුද්ධ නුවර+ වෙනුවෙන් සති හැත්තෑවක් නියම කර තිබේ. එම කාලය නියම කර තිබෙන්නේ අපරාධ තුරන් කිරීමට,+ පාපය ඉවත් කිරීමට,+ වැරදිවලට සමාව ලබා දීමට+ හා ධර්මිෂ්ඨකම සදහටම පිහිටුවීමටයි.+ දර්ශනය හා අනාවැකිය ස්ථිර කිරීමට+ හා අතිශුද්ධස්ථානය කැප කිරීමටද එම කාලය වෙන් කර තිබේ.+

  • මීකා 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “‘යූදාහි නගර අතරින් කුඩාම නගරය+ වන බෙත්ලෙහෙම් එෆ්‍රාතා!+ ඊශ්‍රායෙල් පාලනය කිරීමට නියමිත තැනැත්තා+ පැමිණෙන්නේ ඔබගෙන්ය.+ ඔහු පාලනය කරන්නේ මාගේ කැමැත්තට අනුවය. ඔහුගේ පටන්ගැන්ම ඈත අතීතයට දිව යයි.’+

  • මලාකි 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “මම මාගේ පණිවිඩකරුව මා ඉදිරියෙන් යවන්නෙමි.+ ඔහු මට කලින් ගොස් මාර්ගය සූදානම් කරනු ඇත.+ සැබෑ ස්වාමීන්*+ තම ගෘහයට පැමිණෙනු ඇත.+ ඔබ මඟ පෙන්වීම් පතන ඒ තැනැත්තා ඔබ නොසිතන වේලාවක පැමිණෙන්නේය. ඔබ ආශාවෙන් බලා සිටින තැනැත්තා+ වන ගිවිසුමට+ සම්බන්ධ දූතයාද+ ඔහු සමඟ පැමිණෙන්නේය. ඔහු නිසැකවම පැමිණෙනු ඇත.” ඒ දේ දන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.+

  • යොහන් 1:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 ෆිලිප් නතානියෙල්ව+ හමු වී, “අපිට නාසරෙත් නුවරින් පැමිණි යේසුස් නම් කෙනෙක්ව හමු වුණා. ඔහුගේ පියා යෝසෙප්.+ මෝසෙස්ට දෙන ලද නීතියෙත්+ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත්+ සඳහන් තැනැත්තා ඔහුයි” කියා කීවේය.

  • ක්‍රියා 10:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ඔහු කෙරෙහි විශ්වාසය තබන සියලුදෙනාටම ඔහුගේ නාමයෙන් තම පව්වලට සමාව ලබාගත හැකියි.+ ඒ ගැන සියලුම අනාගතවක්තෘවරුන් සාක්ෂි දරනවා.”+

  • ක්‍රියා 26:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 නමුත් මට දෙවිගේ උපකාරය ලැබුණු නිසා+ මෙදින දක්වා සෑම තරාතිරමකම සිටින අයට සාක්ෂි දරන්න මට හැකි වී තිබෙනවා. මම ඔවුන්ට පවසන්නේ සිදු වන බවට අනාගතවක්තෘවරුන්+ සහ මෝසෙස්+ පැවසූ දේවල් පමණයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න