ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • බොරු අනාගතවක්තෘවරුන්ට විරුද්ධව අනාවැකි කියයි (1-16)

        • සුදු හුණු ගාපු බිත්ති කඩන් වැටෙයි (10-12)

      • බොරු අනාවැකි කියන ස්ත්‍රීන්ට විරුද්ධව අනාවැකි කියයි (17-23)

එසකියෙල් 13:2

පාදසටහන්

  • *

    හෝ, “අනාවැකි ගොතලා කියන අයට.”

හරස් යොමු දැක්වීම්

  • +මීකා 3:5; ශෙප 3:4
  • +යෙරෙ 14:14; 23:16

එසකියෙල් 13:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 23:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1999, 13-14 පි.

    5/1/1997, 8-9 පි.

එසකියෙල් 13:5

හරස් යොමු දැක්වීම්

  • +එස 22:30
  • +යෙසා 2:12; යෝවෙ 1:15

එසකියෙල් 13:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 29:31, 32

එසකියෙල් 13:8

හරස් යොමු දැක්වීම්

  • +එස 22:28

එසකියෙල් 13:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:14; 28:15, 16; 29:8, 9
  • +එස 6:13; 11:10

එසකියෙල් 13:10

පාදසටහන්

  • *

    ඒ කියන්නේ කිසිම ශක්තියක් නැති බිත්තියක් බැඳලා ඒකට සුදු හුණු ගාලා ඒක ශක්තිමත් කියලා පෙන්නන්න හදනවා.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:13, 14
  • +යෙසා 30:10; එස 22:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1999, 13-14 පි.

එසකියෙල් 13:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 27:8

එසකියෙල් 13:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 37:19

එසකියෙල් 13:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:12, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 8-9 පි.

එසකියෙල් 13:16

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:13, 14; 28:1-4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 8-9 පි.

එසකියෙල් 13:18

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මන්තර ගුරුකමක් විදිහට වැලමිටේ නැත්නම් මැණික් කටුවේ බැන්ද පටි.

එසකියෙල් 13:19

හරස් යොමු දැක්වීම්

  • +මීකා 3:11
  • +යෙරෙ 23:14

එසකියෙල් 13:21

හරස් යොමු දැක්වීම්

  • +එස 6:13

එසකියෙල් 13:22

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 27:14
  • +යෙරෙ 23:14
  • +යෙරෙ 23:16, 17

එසකියෙල් 13:23

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 18:10, 14; යෙරෙ 27:9; මීකා 3:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 13:2මීකා 3:5; ශෙප 3:4
එස. 13:2යෙරෙ 14:14; 23:16
එස. 13:3යෙරෙ 23:32
එස. 13:5එස 22:30
එස. 13:5යෙසා 2:12; යෝවෙ 1:15
එස. 13:6යෙරෙ 29:31, 32
එස. 13:8එස 22:28
එස. 13:9යෙරෙ 14:14; 28:15, 16; 29:8, 9
එස. 13:9එස 6:13; 11:10
එස. 13:10යෙරෙ 6:13, 14
එස. 13:10යෙසා 30:10; එස 22:28
එස. 13:11යෙසා 27:8
එස. 13:12යෙරෙ 37:19
එස. 13:15යෙසා 30:12, 13
එස. 13:16යෙරෙ 6:13, 14; 28:1-4
එස. 13:19මීකා 3:11
එස. 13:19යෙරෙ 23:14
එස. 13:21එස 6:13
එස. 13:22යෙරෙ 27:14
එස. 13:22යෙරෙ 23:14
එස. 13:22යෙරෙ 23:16, 17
එස. 13:23ද්වි 18:10, 14; යෙරෙ 27:9; මීකා 3:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 13:1-23

එසකියෙල්

13 යෙහෝවා දෙවියන් ආපහු සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 2 “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් දේශයේ ඉන්න අනාගතවක්තෘවරුන්ට විරුද්ධව අනාවැකි කියන්න.+ තමන්ගෙම අදහස් අනාවැකි විදිහට කියන අයට*+ මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. 3 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “මෝඩ අනාගතවක්තෘවරුන්ට මුහුණ දෙන්න වෙන්නේ මොන තරම් දරුණු විපතකටද! ඔවුන් කිසිම දර්ශනයක් දැක්කේ නැතත් තමන්ගේ අදහස් අනාවැකි විදිහට කියනවා.+ 4 ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබේ අනාගතවක්තෘවරු හරියට නටබුන් අතරේ ලගින නරි වගෙයි. 5 අනාගතවක්තෘවරුනි, ඔබ පවුර කැඩුණු බිඳුණු තැන්වලට ගිහින් ඊශ්‍රායෙල් සෙනඟගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ තැන් ආයේ හදන්නේ නැහැ.+ ඒ නිසා යෙහෝවාගේ දවසේදී සිද්ධ වෙන සටනට දිගටම මුහුණ දෙන්න ඊශ්‍රායෙල් සෙනඟට බැරි වෙනවා.”+ 6 “ඔවුන් බොරු දර්ශන දැකලා අනාවැකි විදිහට බොරු කියනවා. යෙහෝවා ඔවුන්ව එව්වේ නැති වුණත් ඔවුන් ‘යෙහෝවා මෙහෙම කියනවා’ කියලා කියනවා. ඒ මදිවට ඔවුන් කියපු දේවල් ඔහු ඉටු කරයි කියලා බලාගෙන ඉන්නවා.+ 7 මම ඔබට කිසිම දෙයක් කිව්වේ නැතත් ‘යෙහෝවා මෙහෙම කියනවා’ කියලා ඔබ කියන්නේ ඔබ දැක්ක බොරු දර්ශන ගැන නෙමෙයිද? ගොතපු බොරු අනාවැකි ගැන නෙමෙයිද?”’

8 “‘දැන් ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “‘ඔබ බොරු දේවල් කියන නිසාත් බොරු දර්ශන දකින නිසාත් මම ඔබේ සතුරෙක් වෙනවා.’ එහෙම කියන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවායි.”+ 9 බොරු දර්ශන දකින, බොරු අනාවැකි කියන අනාගතවක්තෘවරුන්ට විරුද්ධව මම මගේ අත දික් කරනවා.+ මම යාළුවන් විදිහට සලකන අය අතරේ ඔවුන් ඉන්නේ නැහැ. ඔවුන්ගේ නම් ඊශ්‍රායෙල් සෙනඟගේ නම් තියෙන ලියවිල්ලේ ලියන්නේ නැහැ. ඔවුන් ඊශ්‍රායෙල් දේශයට ආපහු එන්නෙත් නැහැ. ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මමයි කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.+ 10 ඔවුන්ට එහෙම වෙන්නේ ඇත්තටම කිසිම සාමයක් නැති කාලෙකදී “සාමය උදා වෙලා” කියලා කියකිය ඔවුන් මගේ සෙනඟව නොමඟ යවපු නිසයි.+ කිසිම සවිශක්තියක් නැති බිත්තියක් බැන්දාම ඔවුන් ඒක කපරාරු කරලා සුදු හුණු ගානවා.’*+

11 “බිත්තිය කපරාරු කරලා සුදු හුණු ගාන අයට කියන්න ඒක කඩන් වැටෙනවා කියලා. ධාරානිපාත වැස්සක් එනවා. හිම කැට වර්ෂාවක් කඩන් වැටෙනවා. සුළි කුණාටුවක් ඇවිත් ඒක කඩලා දානවා.+ 12 ‘ඔබ බිත්තිය කපරාරු කළාට ඒකෙන් වැඩක් වුණාද’ කියලා ඒක කඩන් වැටුණාම ඔබෙන් අහයි.+

13 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම හරිම කේන්තියෙන් සුළි කුණාටුවකුත් ධාරානිපාත වැස්සකුත් ගේනවා. දරුණු හිම කැට වර්ෂාවක් එවලා බිත්තිය විනාශ කරලා දානවා. 14 ඔබ කපරාරු කරලා සුදු හුණු ගාපු බිත්තිය මම කඩලා බිමටම සමතලා කරනවා. එතකොට ඒකේ අත්තිවාරමත් හැමෝටම පෙනෙයි. නගරය විනාශ වෙද්දී ඒකත් එක්කම ඔබත් විනාශ වෙයි. මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.’

15 “‘බිත්තියටත් ඒක කපරාරු කරලා සුදු හුණු ගාපු අයටත් විරුද්ධව මං මගේ කේන්තිය සම්පූර්ණයෙන්ම පිට කළාම මම ඔබට මෙහෙම කියනවා. “බිත්තිය විනාශ වෙලා ගියා. ඒක කපරාරු කරපු අයත් විනාශ වෙලා ගියා.+ 16 ඊශ්‍රායෙල් දේශයේ අනාගතවක්තෘවරු නැති වෙලා ගිහින්. යෙරුසලම ගැන අනාවැකි කියපු, සාමයක් නැති කාලෙකදී නගරයට සාමය උදා වෙනවා කියලා දර්ශන දැක්ක අනාගතවක්තෘවරු දැන් නැති වෙලා ගිහින්”’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

17 “මනුෂ්‍ය පුත්‍රය, තමන්ගෙම අදහස් අනාවැකි විදිහට කියන ඔයාගේ සෙනඟ අතරේ ඉන්න ස්ත්‍රීන් දිහාවට ඔයාගේ මූණ හරවගන්න. ඒ ස්ත්‍රීන්ට විරුද්ධව අනාවැකි කියන්න. 18 ඒ අයට කියන්න ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා කියලා. “අත්වල බඳින්න පටි* මහන, උස මිටි හැමෝම වෙනුවෙන් හිස් ආවරණ හදන ස්ත්‍රීන් මොන තරම් දරුණු විපතකට මුහුණ දෙයිද! ඔවුන් ඒවා හදන්නේ මිනිස්සුන්ව දඩයම් කරගන්නයි. ඔබ මගේ සෙනඟව දඩයම් කරන ගමන් ඔබේ ජීවිත බේරගන්නද උත්සාහ කරන්නේ? 19 ඔබ බාර්ලි මිටකුයි, රොටි කෑල්ලකුයි වෙනුවෙන් මගේ සෙනඟ අතරේ මාව නින්දාවට පත් කරනවාද?+ ඔබේ බොරුවලට සවන් දෙන මගේ සෙනඟට ඔබ බොරු කියනවා.+ එහෙම කියලා වරදක් නොකරපු අයව මරලා දානවා. මරලා දාන්න ඕනෙ අයව බේරගන්නවා.”’

20 “ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘කාන්තාවෙනි, ඔබ කුරුල්ලන්ව දඩයම් කරනවා වගේ මිනිස්සුන්ව දඩයම් කරගන්න හදන පටි මට පිළිකුල්. මම ඒවා ඔබේ අත්වලින් ගලවලා දාලා ඔබ දඩයම් කරගන්න අයව නිදහස් කරනවා. 21 ඔබ හදන හිස් ආවරණ ඉරලා දාලා මම මගේ සෙනඟව ඔබේ අතින් ගලවගන්නවා. ඔවුන්ව ආයෙත් දඩයම් කරගන්න ඔබට ලැබෙන්නේ නැහැ. මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.+ 22 හරි දේ කරන කෙනාව මම අධෛර්යයට පත් කළේ නැහැ. ඒත් ඔබ බොරු දේවල් කියලා ඔවුන්ව අධෛර්යය කළා,+ දුෂ්ටයන්ට උදව් කළා.+ ඒ නිසා දුෂ්ටයන් ඔවුන් ගිය වැරදි පාරෙන් හැරිලා ආවේ නැහැ. ඒකෙන් වෙන්නේ ඔවුන්ට ජීවිතේ රැකගන්න බැරි වෙන එකයි.+ 23 ඒ නිසා කාන්තාවෙනි, ඔබ තවත් බොරු දර්ශන දකින්නෙවත් පේන කියන්නෙවත් නැහැ.+ මම මගේ සෙනඟව ඔබේ අතින් ගලවගන්නවා. මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න