ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. ගිටිත්* සඳහා. ආසාෆ් රචනා කරපු ගීතයක්.+
81 ජනයෙනි, අපේ ශක්තිය වන දෙවියන් ඉස්සරහා ප්රීති ඝෝෂා නඟන්න.+
යාකොබ්ගේ දෙවියන්ට ජය නාද නඟන්න.
2 රබානත් තත් භාණ්ඩයත් මිහිරි නාදයක් නික්මෙන වීණාවත් අරන් වයන්න.
නොදන්න කටහඬක්* මෙහෙම කියනවා මට ඇහුණා.
ගිගුරුම් හඬ මැදින් මම ඔබට උත්තර දුන්නා.+
මෙරිබා* දිය පහර ළඟදී මම ඔබේ හිත් සෝදිසි කළා.+ (සීලාහ්)
8 මගේ ජනයෙනි, මං දැන් ඔබට විරුද්ධව සාක්ෂි දෙන්නයි යන්නේ.
ඉතින් මට ඇහුම්කන් දෙන්න. අනේ ඊශ්රායෙල්, ඔබ මං කියන දේ අහනවා නම්!+
9 එතකොට ඔබ අතරේ වෙන කිසිම දෙවි කෙනෙක් දකින්න ලැබෙන්නේ නැහැ.
ඔබ වෙනත් දෙවි කෙනෙක්ට නමස්කාර කරන්නෙත් නැහැ.+
ඔබේ කට හොඳට අරින්න. මම ඔබට ඇති තරම් කන්න දෙන්නම්.+
14 මම ඔවුන්ගේ සතුරන්ව ඉක්මනින්ම ඔවුන්ට යටත් කරලා දෙනවා.
ඔවුන්ගේ විරුද්ධවාදීන්ට විරුද්ධව මම අත ඔසවනවා.+
15 යෙහෝවාට වෛර කරන අය ඔහුව දැක්කාම බයෙන් වෙවුලයි.
ඔවුන් සදහටම විනාශ වෙලා යයි.