යෝබ්
24 “විනිශ්චය කරන්න සියලු බලැති දෙවියන් දවසක් නියම කරන්නේ නැත්තේ ඇයි?+
ඔහුව දන්න අඳුරන අයට ඒ දවස දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි?
5 පාළුකරයේ ඉන්න බූරුවෙක් වගේ දුප්පතුන් කෑම හොයාගෙන යනවා.+
එයාලාගේ දරුදැරියන්ට කෑම හොයහොය කාන්තාරයේ ඇවිදිනවා.
6 එයාලට සිද්ධ වෙන්නේ අනුන්ගේ කෙත්වල පලදාව නෙළාගන්නයි.
දුෂ්ටයන්ගේ මිදිවතුවල ඉතුරු වෙලා තියෙන මිදි කඩාගන්නයි.
8 වැස්සට තෙමිතෙමී එයාලා කඳුකරයේ ඒ මේ අත ඇවිදිනවා.
යන්න තැනක් නැතුව පර්වතවලට මුවා වෙලා ඉන්නවා.
9 දුෂ්ටයා පියා නැති දරුවාව මව් තුරුලෙන් උදුරගනියි.+
දුප්පතා ඇඳගෙන ඉන්න ඇඳුමත් ඇපයක් විදිහට පැහැරගනියි.+
10 ඒ නිසා දුප්පතුන්ට යන්න වෙන්නේ ඇඟ වහගන්න ඇඳුමක්වත් නැතුවයි.
කෙතේ ධාන්‍ය මිටි උස්සගෙන යන්නේ එයාලාගේ කුසට කෑමක්වත් නැතුවයි.
11 එයාලා මහ දවාලෙත් විවේකයක් නොගෙන වතුවල තියෙන ගල්බැමි ළඟ වැඩ කරනවා.*
වයින් හදන්න මිදි පෑගුවත් පිපාසය නිවාගන්න කිසිම දෙයක් එයාලට ලැබෙන්නේ නැහැ.+
12 මරණාසන්නව ඉන්න අයගේ කෙඳිරිලි හඬ නගරයෙන් ඇහෙයි.
දරුණු තුවාල ලබපු අය කෑගහලා උදව් ඉල්ලයි.+
ඒත් ඒ කිසිම දෙයක් ගැන දෙවියන්ට ගාණක්වත් නැහැ.*
13 ආලෝකය හෙළා දකින අය ඉන්නවා.
ආලෝකයේ මඟ හඳුනගන්න එයාලට කිසි වුවමනාවක් නැහැ.+
එයාලා ඒ මඟේ අඩිය තියන්නෙවත් නැහැ.
15 අනාචාරයට* ලොල් වුණ අය අඳුර වැටෙන කල් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.+
එයාලා තමන්ගේ මූණ වහගෙන,
‘කවුරුත් මාව දකින්නේ නැහැ’+ කියලා කියනවා.
16 සොරුන් රාත්රියේදී ගෙවල් බිඳියි.
දවල් කාලයේදී හැංගිලා ඉඳියි.
එයාලා ආලෝකයට කොහෙත්ම කැමති නැහැ.+
17 එයාලා හිමිදිරිය දකින්නෙත් ගන අඳුරෙන් වැහුණු භයානක රාත්‍රියක් වගේ.
ඒත් ගන අඳුරේ සිද්ධ වෙන අපරාධ එයාලට හොඳට හුරුයි.
18 දුෂ්ටයන්ගේ ජීවිත හරියට වතුරට ගහගෙන යන කොළයක් වගේ.
එයාලාගේ ඉඩකඩම් නැති නාස්ති වෙලා යයි.+
එයාලට ආයෙත් කවදාවත් තමන්ගේ මිදිවතු දකින්න ලැබෙන්නේ නැහැ.
20 එයාගේ අම්මාටත්* එයාව අමතක වෙයි.
පණුවන්ට එයා රජ බොජුනක් වෙයි.
එයාව හැමදාටම මතකයෙන් පහ වෙලා යයි.+
ගහක් කඩන් වැටෙනවා වගේ එයාගේ දුෂ්ටකම් අවසන් වෙයි.
21 දුෂ්ටයා මාන බලන්නේ වඳ ස්ත්‍රියට හානියක් කරන්නයි.
වැන්දඹුවට හිරිහැර කරන්නයි.
23 දුෂ්ටයා තමන් ගැන ලොකු විශ්වාසයකින්, සුරක්ෂිතව කල් ගෙවයි.+
දෙවියනුත් ඒකට ඉඩහරියි. ඒත් එයාලා කරන හැම දෙයක් දිහාම දෙවියන් බලන් ඉන්නවා.+
24 දුෂ්ටයාව කෙටි කාලයකට උසස් කළත් එයා සැණෙකින් නැති වෙලා යනවා.+
එයාව පහතටම ඇදලා දානවා.+ අනිත් හැමෝම වගේ එයාත් දවසක මිය යනවා.
ධාන්‍ය කරල් වගේ එයාවත් කපලා දානවා.
25 මං බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න පුළුවන් කාටද?
මං කියන දේවල් වැරදියි කියලා කියන්න පුළුවන් කාටද?”