ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව පොතේ සාරාංශයක්

      • පූජකයන් අපවිත්‍ර නොවී ශුද්ධව ඉන්න ඕනේ (1-9)

      • උත්තම පූජකයා අපවිත්‍ර නොවී ඉන්න ඕනේ (10-15)

      • පූජකයෙක්ගේ ශරීරයේ දෝෂ තියෙන්න බැහැ (16-24)

ලෙවී කතාව 21:1

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ පූජකයාගේ පවුලේ අය ගැන හරි ගෝත්‍රය ගැන හරි වෙන්න පුළුවන්.

  • *

    මැරුණ කෙනාව අල්ලන එකෙන් සහ එයා වෙනුවෙන් වැලපෙන එකෙන් පූජකයන් අපවිත්‍ර වෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 19:14

ලෙවී කතාව 21:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 14:1
  • +ලෙවී 19:27, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2021, 1 පි.

ලෙවී කතාව 21:6

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ පූජා ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:44
  • +ලෙවී 18:21; 19:12; 22:32
  • +යෙසා 52:11; 1පේතෘ 1:15, 16

ලෙවී කතාව 21:7

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:29
  • +ද්වි 24:1; එස 44:22

ලෙවී කතාව 21:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:41
  • +නික් 28:36; ලෙවී 11:45; 20:7, 8

ලෙවී කතාව 21:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:14

ලෙවී කතාව 21:10

පාදසටහන්

  • *

    හෝ, “අත්වලට බලය ලබා දීලා තියෙන්නේ ඔහුටයි.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:12
  • +උත් 37:34; ලෙවී 10:6
  • +නික් 28:2; 29:29; ලෙවී 16:32

ලෙවී කතාව 21:11

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් මෙතන තියෙන්නේ නෙෆෙෂ් කියන වචනය. මෙතන ඒකෙන් අදහස් කරන්නේ මැරුණ කෙනෙක්.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 6:7; 19:11, 14

ලෙවී කතාව 21:12

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:7
  • +ලෙවී 8:12

ලෙවී කතාව 21:13

හරස් යොමු දැක්වීම්

  • +එස 44:22

ලෙවී කතාව 21:15

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ පූජකයන්ගේ පවුලේ අය ගැන හරි ගෝත්‍රය ගැන හරි වෙන්න පුළුවන්.

  • *

    ඒකෙන් අදහස් කරන්නේ පූජකයන්ගේ පවුල්වල අයට තිබුණ සමහර වගකීම් ඉටු කරන්න එයාලා සුදුසු නැහැ කියලා.

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 9:2

ලෙවී කතාව 21:18

පාදසටහන්

  • *

    හෝ, “නහය.”

ලෙවී කතාව 21:20

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “අසනීපයක් නිසා අසාමාන්‍ය විදිහට කෙට්ටු වුණ, දුර්වල වුණ කෙනෙක්ව අදහස් කරන්න පුළුවන්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:1

ලෙවී කතාව 21:22

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 22:10; ගණන් 18:19
  • +ලෙවී 2:10; 6:14, 16; 24:8, 9; ගණන් 18:9

ලෙවී කතාව 21:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:6
  • +නික් 38:1
  • +නික් 25:8
  • +නික් 28:41

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ලෙවී. 21:1ගණන් 19:14
ලෙවී. 21:5ද්වි 14:1
ලෙවී. 21:5ලෙවී 19:27, 28
ලෙවී. 21:6නික් 29:44
ලෙවී. 21:6ලෙවී 18:21; 19:12; 22:32
ලෙවී. 21:6යෙසා 52:11; 1පේතෘ 1:15, 16
ලෙවී. 21:7ලෙවී 19:29
ලෙවී. 21:7ද්වි 24:1; එස 44:22
ලෙවී. 21:8නික් 28:41
ලෙවී. 21:8නික් 28:36; ලෙවී 11:45; 20:7, 8
ලෙවී. 21:9ලෙවී 20:14
ලෙවී. 21:10ලෙවී 8:12
ලෙවී. 21:10උත් 37:34; ලෙවී 10:6
ලෙවී. 21:10නික් 28:2; 29:29; ලෙවී 16:32
ලෙවී. 21:11ගණන් 6:7; 19:11, 14
ලෙවී. 21:12ලෙවී 10:7
ලෙවී. 21:12ලෙවී 8:12
ලෙවී. 21:13එස 44:22
ලෙවී. 21:15එස්රා 9:2
ලෙවී. 21:20ද්වි 23:1
ලෙවී. 21:22ලෙවී 22:10; ගණන් 18:19
ලෙවී. 21:22ලෙවී 2:10; 6:14, 16; 24:8, 9; ගණන් 18:9
ලෙවී. 21:23නික් 30:6
ලෙවී. 21:23නික් 38:1
ලෙවී. 21:23නික් 25:8
ලෙවී. 21:23නික් 28:41
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 21:1-24

ලෙවී කතාව

21 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “පූජකයන් වන ආරොන්ගේ පුතාලට මෙහෙම කියන්න. ‘සෙනඟ අතරින්* කෙනෙක් මැරුණොත් ඒ කෙනා ළඟට ගිහින් පූජකයෙක් අපවිත්‍ර නොවිය යුතුයි.*+ 2 ඒත් ඔහුගේ ලේ නෑයෙක් මැරුණොත් ඒ කෙනා ළඟට යන්න ඔහුට පුළුවන්. ඒ කියන්නේ ඔහුගේ මව හරි පියා හරි පුතා හරි දුව හරි සහෝදරයා හරි 3 ඔහුගේ ගෙදර හිටපු කන්‍යාවක් වන සහෝදරිය හරි මැරුණොත් ඒ කෙනා නිසා අපවිත්‍ර වෙන්න ඔහුට අවසර තියෙනවා. 4 ඒත් සෙනඟ අතර හිටපු විවාහක ස්ත්‍රියක් මැරුණොත් ඇය නිසා ඔහු අපවිත්‍ර නොවිය යුතුයි. 5 පූජකයන්ට තමන්ගේ ඔළුව බූ ගාන්නවත්+ කම්මුල් දෙපස තියෙන රැවුල කොටට කපන්නවත් අවසර නැහැ. ඔවුන් තමන්ගේ ශරීරය කපා නොගත යුතුයි.+ 6 ඔවුන්ගේ දෙවියන් ඉස්සරහා ඔවුන් ශුද්ධව සිටිය යුතුයි.+ ඔවුන්ගේ දෙවියන්ගේ නමට නින්දා නොකළ යුතුයි.+ මොකද ඔවුන්ගේ දෙවි වන යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජා ඒ කියන්නේ දෙවියන්ට අයිති ආහාර* ඔප්පු කරන්නේ ඔවුන්. ඒ නිසා ඔවුන් ශුද්ධව සිටිය යුතුයි.+ 7 පූජකයන් ගණිකාවක් එක්ක+ හරි නින්දාවට පත් වුණ ස්ත්‍රියක් එක්ක හරි දික්කසාද වුණ ස්ත්‍රියක් එක්ක+ හරි විවාහ නොවිය යුතුයි. මොකද ඔවුන්ගේ දෙවියන් ඔවුන්ව සලකන්නේ ශුද්ධ අය විදිහට. 8 ඊශ්‍රායෙල් සෙනඟ වන ඔබ පූජකයන්ව ශුද්ධ අය විදිහට සැලකිය යුතුයි.+ මොකද ඔබේ දෙවියන්ට අයිති ආහාර ඔප්පු කරන්නේ ඔවුන්. ඔබව ශුද්ධ සෙනඟක් හැටියට වෙන් කරලා තියෙන යෙහෝවා වන මම ශුද්ධයි.+ ඒ නිසා ඔබ පූජකයන්වත් ශුද්ධ අය විදිහට සැලකිය යුතුයි.

9 “‘පූජකයෙක්ගේ දුවෙක් ගණිකාවක් විදිහට හැසිරිලා නින්දාවට පත් වුණොත් ඇය ඇගේ පියාව නින්දාවට පත් කරනවා. ඇයව මරලා ගින්නෙන් පිලිස්සිය යුතුයි.+

10 “‘පූජකයන් අතරින් හිසට ශුද්ධ තෛලය වක් කරලා+ උත්තම පූජකයා විදිහට අභිෂේක කරලා ඉන්න කෙනා තමන්ගේ හිසකෙස් අවුල් වෙන්න ඉඩ නොදිය යුතුයි. ඇඳුම් ඉරාගැනීමෙනුත් වැළකී සිටිය යුතුයි.+ නිලඇඳුම් ඇඳලා පූජකයෙක් විදිහට සේවය කරන්න අභිෂේක කරලා තියෙන්නේ ඔහුවයි.*+ 11 කිසිම මළ සිරුරක්* ළඟට යන්න ඔහුට අවසර නැහැ.+ මැරුණු කෙනා ඔහුගේ පියා වුණත් මව වුණත් ඔවුන් නිසා ඔහු අපවිත්‍ර නොවිය යුතුයි. 12 මැරුණු කෙනා වෙනුවෙන් කරන දේවලට සහභාගි වෙන්න ඔහු ශුද්ධස්ථානයෙන් පිටතට නොයා යුතුයි.+ එහෙම කළොත් ඔහු තම දෙවියන්ගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කරනවා. මොකද තමන්ගේ දෙවියන්ට කැප වෙලා ඉන්නවා කියලා පෙන්නන ශුද්ධ සංකේතය වන ශුද්ධ තෛලයෙන් ඔහුව අභිෂේක කරලයි තියෙන්නේ.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

13 “‘ඔහු විවාහ වෙන්න ඕනෙ කන්‍යාවක් එක්ක විතරයි.+ 14 ඔහුට වැන්දඹුවක් එක්ක හරි දික්කසාද වුණ ස්ත්‍රියක් එක්ක හරි නින්දාවට පත් වුණ ස්ත්‍රියක් එක්ක හරි ගණිකාවක් එක්ක හරි විවාහ වෙන්න අවසර නැහැ. ඔහු තමන්ගේ සෙනඟ අතරින් බිරිඳක් විදිහට තෝරගන්න ඕනෙ කන්‍යාවක්වයි. 15 එහෙම කළේ නැත්නම් ඔහුගේ දරුවන්ව සෙනඟ අතරේ* අපවිත්‍ර අය* හැටියට සලකනවා.+ මොකද පරිශුද්ධ සේවය සඳහා ඔහුව වෙන් කරලා තියන්නේ යෙහෝවා වන මමයි.’”

16 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 17 “ආරොන්ට මෙහෙම කියන්න. ‘ඔබෙන් පැවතෙන අයගෙන් ශරීරයේ යම් දෝෂයක් තියෙන කිසිම කෙනෙක්ට තමන්ගේ දෙවියන්ට අයිති ආහාර ඔප්පු කරන්න පූජාසනය ළඟට එන්න අවසර නැහැ. ඒක ඔබේ හැම පරම්පරාවකටම අදාළයි. 18 ශරීරයේ මේ වගේ දෝෂ තියෙන අය පූජාසනයට ළං නොවිය යුතුයි. අන්ධ කෙනෙක්, කොර කෙනෙක්, මුහුණ* විකෘති වුණ කෙනෙක්, එක අතක් හරි කකුලක් හරි අනිත් එකට වඩා දිග වැඩි කෙනෙක්, 19 අත පය කැඩුණු කෙනෙක්, 20 කුදු කෙනෙක්, කුරු කෙනෙක්,* ඇස්වල දෝෂයක් ඇති කෙනෙක්, දදයක් ඇති කෙනෙක්, වට පණු රෝගය ඇති කෙනෙක් සහ වෘෂණ කෝෂ තැළුණු කෙනෙක්.+ 21 පූජක ආරොන්ගෙන් පැවතෙන කෙනෙක්ට ශරීරයේ ඒ වගේ දෝෂයක් තියෙනවා නම් ගින්නෙන් පූජා ඔප්පු කරන්න යෙහෝවා ඉස්සරහට එන්න ඔහුට අවසර නැහැ. ඔහුගේ ශරීරයේ දෝෂයක් තියෙන නිසා ඔහු තමන්ගේ දෙවියන්ට අයිති ආහාර ඔප්පු කරන්න පූජාසනයට ළං නොවිය යුතුයි. 22 ඒත් ශුද්ධ දෙයින්+ සහ ඉතා ශුද්ධ දෙයින්+ ගත්ත තමන්ගේ දෙවියන්ට අයිති ආහාරවලින් කොටසක් ඔහුට කන්න පුළුවන්. 23 ඒත් තිරය ළඟට යන්නවත්+ පූජාසනය ළඟට යන්නවත්+ ඔහුට අවසර නැහැ. මොකද ඔහුගේ ශරීරයේ දෝෂයක් තියෙනවා. ඔහු මගේ ශුද්ධස්ථානය අපවිත්‍ර නොකළ යුතුයි.+ මොකද පරිශුද්ධ සේවය සඳහා පූජකයන්ව වෙන් කරලා තියන්නේ යෙහෝවා වන මමයි.’”+

24 ඉතින් මෝසෙස් ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟටයි ඒ හැම දෙයක්ම කිව්වා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න