ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • ආරොන් පහන් හත දල්වයි (1-4)

      • ලෙවීවරුන්ව පවිත්‍ර තත්වයකට ගෙනෙයි. එයාලා සේවය පටන්ගනියි (5-22)

      • ලෙවීවරුන්ට සේවය කරන්න පුළුවන් වයස් සීමාව (23-26)

ගණන් කතාව 8:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:37; 40:24, 25; ලෙවී 24:2

ගණන් කතාව 8:3

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 9:2

ගණන් කතාව 8:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 37:17
  • +නික් 25:9, 40; 1ලේක 28:12, 19

ගණන් කතාව 8:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:4; යෙසා 52:11

ගණන් කතාව 8:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:18, 19; ලෙවී 16:28; ගණන් 19:7

ගණන් කතාව 8:8

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3
  • +ලෙවී 2:1
  • +ලෙවී 4:3

ගණන් කතාව 8:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:2, 3

ගණන් කතාව 8:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:9, 41

ගණන් කතාව 8:11

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඒ මේ අත පැද්දිය යුතුයි.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:30; ගණන් 8:21
  • +ගණන් 1:50; 3:6; 2ලේක 31:2

ගණන් කතාව 8:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:10
  • +ලෙවී 1:4

ගණන් කතාව 8:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:45; 16:9

ගණන් කතාව 8:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1992, 12 පි.

ගණන් කතාව 8:17

පාදසටහන්

  • *

    හෝ, “ශුද්ධ අය විදිහට මටම වෙන් කරගත්තා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:2, 12; ලෙවී 27:26
  • +නික් 12:29; 13:15

ගණන් කතාව 8:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:53; 18:5; 1සාමු 6:19
  • +ගණන් 3:9; 18:6; 1ලේක 23:32; එස 44:11

ගණන් කතාව 8:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 8:7
  • +ගණන් 8:11
  • +ගණන් 8:12

ගණන් කතාව 8:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2004, 25 පි.

ගණන් කතාව 8:26

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:53; 3:32; 18:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2004, 25 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 8:2නික් 25:37; 40:24, 25; ලෙවී 24:2
ගණන්. 8:3හෙබ්‍රෙ 9:2
ගණන්. 8:4නික් 37:17
ගණන්. 8:4නික් 25:9, 40; 1ලේක 28:12, 19
ගණන්. 8:6නික් 29:4; යෙසා 52:11
ගණන්. 8:7නික් 30:18, 19; ලෙවී 16:28; ගණන් 19:7
ගණන්. 8:8ලෙවී 1:3
ගණන්. 8:8ලෙවී 2:1
ගණන්. 8:8ලෙවී 4:3
ගණන්. 8:9ලෙවී 8:2, 3
ගණන්. 8:10ගණන් 3:9, 41
ගණන්. 8:11ලෙවී 7:30; ගණන් 8:21
ගණන්. 8:11ගණන් 1:50; 3:6; 2ලේක 31:2
ගණන්. 8:12නික් 29:10
ගණන්. 8:12ලෙවී 1:4
ගණන්. 8:14ගණන් 3:45; 16:9
ගණන්. 8:16ගණන් 3:12
ගණන්. 8:17නික් 13:2, 12; ලෙවී 27:26
ගණන්. 8:17නික් 12:29; 13:15
ගණන්. 8:19ගණන් 1:53; 18:5; 1සාමු 6:19
ගණන්. 8:19ගණන් 3:9; 18:6; 1ලේක 23:32; එස 44:11
ගණන්. 8:21ගණන් 8:7
ගණන්. 8:21ගණන් 8:11
ගණන්. 8:21ගණන් 8:12
ගණන්. 8:26ගණන් 1:53; 3:32; 18:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 8:1-26

ගණන් කතාව

8 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “ආරොන්ට මෙහෙම කියන්න. ‘පහන් රුක ඉස්සරහා තියෙන තැන ආලෝකවත් වෙන විදිහට ඔබ ඒක උඩ තියෙන පහන් හත දල්වා තැබිය යුතුයි.’”+ 3 යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහටම ආරොන් කළා. එයා පහන් හත දැල්වුවේ පහන් රුක ඉස්සරහා තියෙන තැන ආලෝකවත් වෙන විදිහටයි.+ 4 මුළු පහන් රුකම හදලා තිබුණේ එක රත්තරන් කුට්ටියක් තළලයි. ඒකේ කඳේ ඉඳන් පිපෙන මල් තියෙන කොටස වෙන කල් හදලා තිබුණේ තළපු රත්තරන්වලින්.+ යෙහෝවා මෝසෙස්ට දර්ශනයක් මාර්ගයෙන් පෙන්නපු සැලැස්මට අනුව පහන් රුක හදලා තිබුණා.+

5 යෙහෝවා ආයෙත් මෝසෙස්ට කතා කරලා මෙහෙම කිව්වා. 6 “ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ලෙවීවරුන්ව වෙන් කරලා ඔවුන්ව පවිත්‍ර තත්වයකට ගේන්න.+ 7 ඒකට කරන්න ඕනෙ මෙහෙමයි. මුලින්ම පව් සෝදාහරින වතුර ඔවුන් මතට ඉහින්න. ඊටපස්සේ ඔවුන් තම ශරීරය පුරාම තියෙන රෝම කපලා ඇඳුම් හෝදගෙන පවිත්‍ර විය යුතුයි.+ 8 ඔවුන් වස්සෙක්වත්+ ඌත් එක්ක ඔප්පු කරන්න ධාන්‍ය පූජාවක්+ විදිහට තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටිත් ගේන්න ඕනේ. පාප පූජාවක්+ විදිහට තව වස්සෙක්වත් ගන්න ඕනේ. 9 ලෙවීවරුන්ව හමු වීමේ කූඩාරම ඉස්සරහට අරන් යන්න. මුළු ඊශ්‍රායෙල් සෙනඟටත් එතනට එන්න කියන්න.+ 10 ඔබ ලෙවීවරුන්ව යෙහෝවා වන මං ඉස්සරහට ගෙනාවාට පස්සේ ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන්ගේ අත් ලෙවීවරුන්ගේ හිස් මත තැබිය යුතුයි.+ 11 ආරොන් ලෙවීවරුන්ව සොලවන පූජාවක්+ විදිහට යෙහෝවා වන මට ඉදිරිපත් කළ යුතුයි.* ඒක ඊශ්‍රායෙල් සෙනඟ මට දෙන සොලවන පූජාවක්. ඔවුන් යෙහෝවා වන මට සේවය කරයි.+

12 “ඊටපස්සේ ලෙවීවරුන් වස්සන්ගේ හිස් මත ඔවුන්ගේ අත් තැබිය යුතුයි.+ ඊටපස්සේ ලෙවීවරුන්ට සමාව ලබාගන්න+ උන්ගෙන් එකෙක්ව පාප පූජාවක් විදිහටත් අනිත් එකාව දවන පූජාවක් විදිහටත් යෙහෝවා වන මට ඔප්පු කරන්න. 13 ලෙවීවරුන්ට ආරොන් සහ ඔහුගේ පුතුන් ඉස්සරහට එන්න කියලා යෙහෝවා වන මං ඉස්සරහා ඔවුන්ව සොලවන පූජාවක් විදිහට මට ඉදිරිපත් කරන්න. 14 ඔබ ඒ විදිහට ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ලෙවීවරුන්ව වෙන් කරන්න. මොකද ලෙවීවරු අයිති මටයි.+ 15 ඔබ ලෙවීවරුන්ව පවිත්‍ර තත්වයකට ගෙනත් සොලවන පූජාවක් විදිහට මට ඉදිරිපත් කරන්න ඕනෙ ඒ විදිහටයි. ඊටපස්සේ හමු වීමේ කූඩාරමේ සේවය කරන්න ඔවුන්ට පුළුවන්. 16 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ලෙවීවරුන්ව මට කැප කරලයි තියෙන්නේ. ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න හැම කුලුඳුලෙක්ම+ වෙනුවට මට සේවය කරන්න මම ලෙවීවරුන්ව තෝරගෙන තියෙනවා. 17 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න හැම කුලුඳුල් දරුවෙක්ම සහ හැම කුලුඳුල් සතෙක්ම මට අයිතියි.+ ඊජිප්තුවරුන්ගේ හැම කුලුඳුලෙක්ටම පහර දුන්න දවසේදී ඊශ්‍රායෙල්වරුන්ගේ හැම කුලුඳුලෙක්වම මට කැප කරන්න කියලා මම නියම කළා.*+ 18 ඒ නිසා ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න හැම කුලුඳුලෙක්ම වෙනුවට මම ලෙවීවරුන්ව තෝරගත්තා. 19 මම ඊශ්‍රායෙල් සෙනඟ අතරින් තෝරගත්ත ලෙවීවරුන්ව ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට භාර දෙනවා. ඊශ්‍රායෙල්වරු ශුද්ධස්ථානය ළඟට ගියොත් ඔවුන්ට විපතක් සිද්ධ වෙයි.+ ඒ නිසා ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් ලෙවීවරු හමු වීමේ කූඩාරමේ සේවය කළ යුතුයි.+ ඒ වගේම ඔවුන් සෙනඟ වෙනුවෙන් සමාව ලබාගත යුතුයි. එතකොට සෙනඟට ශුද්ධස්ථානය ළඟට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ.”

20 යෙහෝවා දෙවියන් ලෙවීවරුන් සම්බන්ධයෙන් කරන්න කියපු හැම දෙයක්ම මෝසෙස්, ආරොන් සහ ඊශ්‍රායෙල් සෙනඟ ඒ විදිහටම කළා. 21 ලෙවීවරුන් තමන්වම පවිත්‍ර කරගෙන එයාලාගේ ඇඳුම් හෝදගත්තා.+ ඊටපස්සේ ආරොන් සොලවන පූජාවක් විදිහට එයාලව යෙහෝවා ඉස්සරහට ගෙනාවා.+ ඊටපස්සේ එයාලාගේ වැරදිවලට සමාව ලබාගෙන එයාලව පවිත්‍ර තත්වයකට ගේන්න ආරොන් එයාලා වෙනුවෙන් පූජාවක් ඔප්පු කළා.+ 22 ඊටපස්සේ ලෙවීවරු හමු වීමේ කූඩාරම ළඟට ඇවිත් ආරොන් සහ එයාගේ පුතුන් යටතේ එයාලට භාර දීපු වගකීම් ඉටු කරන්න පටන්ගත්තා. යෙහෝවා ලෙවීවරුන් සම්බන්ධයෙන් මෝසෙස්ට කියපු හැම දෙයක්ම එයාලා ඒ විදිහටම කළා.

23 යෙහෝවා මෝසෙස්ට ආයෙත් කතා කරලා මෙහෙම කිව්වා. 24 “ලෙවීවරු පිළිපදින්න ඕනෙ නීතිය මේකයි. අවුරුදු 25ක් හෝ ඊට වඩා වැඩි ලෙවීවරු හමු වීමේ කූඩාරමේ සේවයට පැමිණිය යුතුයි. 25 ඔවුන්ට අවුරුදු 50ක් වුණාම ඔවුන් කූඩාරමේ සේවය කරන එකෙන් විශ්‍රාම ගත යුතුයි. 26 ඒත් ඒ වගේ කෙනෙක්ට කැමති නම් පුළුවන් හමු වීමේ කූඩාරමේ සේවය කරන ඔහුගේ සහෝදරයන්ට උදව් කරන්න. හැබැයි ඔහුටම කියලා විශේෂ පැවරුමක් භාර නොදිය යුතුයි. ඔබ ලෙවීවරුන්ට ඔවුන්ගේ වගකීම් භාර දිය යුත්තේ ඒ විදිහටයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න