ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • කෝහාත්වරුන්ගේ වගකීම් (1-20)

      • ගේර්ෂොන්වරුන්ගේ වගකීම් (21-28)

      • මෙරාරීවරුන්ගේ වගකීම් (29-33)

      • ලියාපදිංචි කරපු අය ගැන සාරාංශයක් (34-49)

ගණන් කතාව 4:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:19, 27

ගණන් කතාව 4:3

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:30; 1ලේක 6:48
  • +1ලේක 23:3; ලූක් 3:23
  • +ගණන් 8:25, 26

ගණන් කතාව 4:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:30, 31; 4:15

ගණන් කතාව 4:5

පාදසටහන්

  • *

    මූ.අ., “සාක්ෂි පෙට්ටිය.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 26:31; 40:3; ලෙවී 16:2
  • +නික් 25:10

ගණන් කතාව 4:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2001, 31 පි.

ගණන් කතාව 4:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:23, 24
  • +නික් 25:29
  • +ලෙවී 24:5, 6

ගණන් කතාව 4:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:28

ගණන් කතාව 4:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:31
  • +නික් 25:37
  • +නික් 25:38

ගණන් කතාව 4:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:1; 37:25, 26
  • +නික් 30:5

ගණන් කතාව 4:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:30, 31

ගණන් කතාව 4:13

පාදසටහන්

  • *

    හෝ, “තෙල් මිශ්‍ර අළු.” ඒ කියන්නේ සත්ව පූජාවල තෙල් මිශ්‍ර වුණ අළු.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:12

ගණන් කතාව 4:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:3
  • +නික් 27:6

ගණන් කතාව 4:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:5
  • +ගණන් 7:6-9; 1ලේක 15:2
  • +2සාමු 6:6, 7

ගණන් කතාව 4:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:32
  • +නික් 27:20
  • +නික් 30:34, 35
  • +නික් 30:23-25

ගණන් කතාව 4:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:27

ගණන් කතාව 4:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:4

ගණන් කතාව 4:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:21; 1සාමු 6:19

ගණන් කතාව 4:22

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:21

ගණන් කතාව 4:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:25, 26

ගණන් කතාව 4:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 26:1
  • +නික් 26:7, 14
  • +නික් 26:36

ගණන් කතාව 4:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:9
  • +නික් 27:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2021, 5 පි.

ගණන් කතාව 4:27

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:21, 23

ගණන් කතාව 4:28

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:25, 26
  • +නික් 6:23; ගණන් 4:33; 7:8

ගණන් කතාව 4:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:19; ගණන් 3:33

ගණන් කතාව 4:31

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:36, 37
  • +නික් 26:15
  • +නික් 26:26
  • +නික් 26:37; 36:38
  • +නික් 26:19; 38:27

ගණන් කතාව 4:32

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:10
  • +නික් 27:11
  • +නික් 27:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2021, 5 පි.

ගණන් කතාව 4:33

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:33
  • +ගණන් 4:28

ගණන් කතාව 4:34

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:16
  • +ගණන් 3:19, 27

ගණන් කතාව 4:35

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:47; 8:25, 26

ගණන් කතාව 4:36

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:27, 28

ගණන් කතාව 4:37

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:15

ගණන් කතාව 4:38

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:21

ගණන් කතාව 4:40

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:21, 22

ගණන් කතාව 4:41

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:22, 23

ගණන් කතාව 4:43

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 8:25, 26

ගණන් කතාව 4:44

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:33, 34

ගණන් කතාව 4:45

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:29

ගණන් කතාව 4:47

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:15, 24-26, 31-33

ගණන් කතාව 4:48

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:39

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 4:2ගණන් 3:19, 27
ගණන්. 4:3ගණන් 4:30; 1ලේක 6:48
ගණන්. 4:31ලේක 23:3; ලූක් 3:23
ගණන්. 4:3ගණන් 8:25, 26
ගණන්. 4:4ගණන් 3:30, 31; 4:15
ගණන්. 4:5නික් 26:31; 40:3; ලෙවී 16:2
ගණන්. 4:5නික් 25:10
ගණන්. 4:6නික් 25:13
ගණන්. 4:7නික් 25:23, 24
ගණන්. 4:7නික් 25:29
ගණන්. 4:7ලෙවී 24:5, 6
ගණන්. 4:8නික් 25:28
ගණන්. 4:9නික් 25:31
ගණන්. 4:9නික් 25:37
ගණන්. 4:9නික් 25:38
ගණන්. 4:11නික් 30:1; 37:25, 26
ගණන්. 4:11නික් 30:5
ගණන්. 4:12ගණන් 3:30, 31
ගණන්. 4:13ලෙවී 6:12
ගණන්. 4:14නික් 27:3
ගණන්. 4:14නික් 27:6
ගණන්. 4:15ගණන් 4:5
ගණන්. 4:15ගණන් 7:6-9; 1ලේක 15:2
ගණන්. 4:152සාමු 6:6, 7
ගණන්. 4:16ගණන් 3:32
ගණන්. 4:16නික් 27:20
ගණන්. 4:16නික් 30:34, 35
ගණන්. 4:16නික් 30:23-25
ගණන්. 4:18ගණන් 3:27
ගණන්. 4:19ගණන් 4:4
ගණන්. 4:20නික් 19:21; 1සාමු 6:19
ගණන්. 4:22ගණන් 3:21
ගණන්. 4:24ගණන් 3:25, 26
ගණන්. 4:25නික් 26:1
ගණන්. 4:25නික් 26:7, 14
ගණන්. 4:25නික් 26:36
ගණන්. 4:26නික් 27:9
ගණන්. 4:26නික් 27:16
ගණන්. 4:27ගණන් 3:21, 23
ගණන්. 4:28ගණන් 3:25, 26
ගණන්. 4:28නික් 6:23; ගණන් 4:33; 7:8
ගණන්. 4:29නික් 6:19; ගණන් 3:33
ගණන්. 4:31ගණන් 3:36, 37
ගණන්. 4:31නික් 26:15
ගණන්. 4:31නික් 26:26
ගණන්. 4:31නික් 26:37; 36:38
ගණන්. 4:31නික් 26:19; 38:27
ගණන්. 4:32නික් 27:10
ගණන්. 4:32නික් 27:11
ගණන්. 4:32නික් 27:19
ගණන්. 4:33ගණන් 3:33
ගණන්. 4:33ගණන් 4:28
ගණන්. 4:34ගණන් 1:16
ගණන්. 4:34ගණන් 3:19, 27
ගණන්. 4:35ගණන් 4:47; 8:25, 26
ගණන්. 4:36ගණන් 3:27, 28
ගණන්. 4:37ගණන් 3:15
ගණන්. 4:38ගණන් 3:21
ගණන්. 4:40ගණන් 3:21, 22
ගණන්. 4:41ගණන් 4:22, 23
ගණන්. 4:43ගණන් 8:25, 26
ගණන්. 4:44ගණන් 3:33, 34
ගණන්. 4:45ගණන් 4:29
ගණන්. 4:47ගණන් 4:15, 24-26, 31-33
ගණන්. 4:48ගණන් 3:39
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 4:1-49

ගණන් කතාව

4 යෙහෝවා දෙවියන් මෝසෙස්ට සහ ආරොන්ට මෙහෙම කිව්වා. 2 “ලෙවී ගෝත්‍රයට අයිති කෝහාත්වරුන්ව+ ඔවුන්ගේ පවුල්වලට සහ පෙළපත්වලට අනුව ගණන් කරන්න. 3 ඔබ ගණන් කළ යුත්තේ හමු වීමේ කූඩාරමේ සේවය කරන්න+ පත් කරලා තියෙන අවුරුදු 30ත්+ 50ත්+ අතරේ ඉන්න හැම කෙනෙක්වමයි.

4 “කෝහාත්වරුන්ට හමු වීමේ කූඩාරමේ කරන්න තියෙන සේවය+ ඉතා ශුද්ධයි. ඔවුන්ගේ වගකීම් මේවායි. 5 ඊශ්‍රායෙල් සෙනඟ වෙනත් තැනකට යන්න සූදානම් වෙද්දී ආරොන් සහ ඔහුගේ පුතුන් හමු වීමේ කූඩාරම ඇතුළට යන්න ඕනේ. ඔවුන් ගිවිසුම් පෙට්ටිය* තියෙන තැන වෙන් කරන තිර රෙද්ද+ ගලවලා ඒකෙන් ගිවිසුම් පෙට්ටිය වැසිය යුතුයි.+ 6 ඒකට උඩින් ඔවුන් සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු වැස්මක් සහ ඒකටත් උඩින් නිල් පැහැති රෙද්දක් දැමිය යුතුයි. ඊටපස්සේ පෙට්ටියේ වළලුවලට ඒකේ පොලු දැමිය යුතුයි.+

7 “මට පූජා කරන රොටි තියලා තියෙන මේසයට නිල් පාට රෙද්දක් දාලා+ ඒක උඩින් දීසි, කුසලාන, පාන පූජා වක් කරන්න පාවිච්චි කරන පොඩි භාජන සහ ජෝගු තැබිය යුතුයි.+ නිතරම මේසයේ තියන රොටිත්+ ඒක උඩ තියලා තියන්න. 8 ඒ හැම එකක්ම තද රතු පාට රෙද්දකින් වහලා ඒකට උඩින් සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු වැස්මක් දැමිය යුතුයි. ඊටපස්සේ මේසයේ වළලුවලට ඒකේ පොලු දැමිය යුතුයි.+ 9 පහන් රුක,+ ඒකේ පහන්,+ පහන් තිර අල්ලන අඬු, දැවී ගිය පහන් තිර දාන භාජන+ සහ පහන්වලට ඕනෙ කරන තෙල් දාලා තියෙන භාජන නිල් පාට රෙද්දකින් එතිය යුතුයි. 10 ඊටපස්සේ ඔවුන් පහන් රුකත් ඒකේ හැම භාණ්ඩයක්මත් සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු වැස්මකින් ඔතලා ඒක පොල්ලක ආධාරයෙන් උස්සගෙන යන්න පුළුවන් වෙන විදිහට සකස් කරගත යුතුයි. 11 රන් පූජාසනය+ නිල් පාට රෙද්දකින් වහලා ඒකට උඩින් සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු වැස්මක් දැමිය යුතුයි. පූජාසනයේ පොලු ඒකේ වළලුවලට දැමිය යුතුයි.+ 12 ශුද්ධස්ථානයේ සේවය සඳහා නිතරම පාවිච්චි කරන භාණ්ඩ හැම එකක්ම+ නිල් පාට රෙද්දකින් ඔතන්න. ඊටපස්සේ ඒක සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු වැස්මකින් ඔතලා ඒක පොල්ලක ආධාරයෙන් උස්සගෙන යන්න පුළුවන් වෙන විදිහට සකස් කරගත යුතුයි.

13 “ඔවුන් අනිත් පූජාසනයේ තියෙන අළු* ඉවත් කරලා+ දම් පාට ලොම්වලින් හදපු රෙද්දකින් ඒක වැසිය යුතුයි. 14 ඊටපස්සේ පූජාසනයේ වැඩකටයුතු සඳහා පාවිච්චි කරන අඟුරු දාන භාජන, විශාල ගෑරුප්පු, සවල්, බේසම් සහ අනිත් හැම භාණ්ඩයක්ම+ ඒ රෙද්ද උඩ තියලා සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු වැස්මකින් ඒවා වැසිය යුතුයි. පූජාසනයේ පොලු ඒකේ වළලුවලට දැමිය යුතුයි.+

15 “ඊශ්‍රායෙල් සෙනඟ වෙනත් තැනකට යන්න සූදානම් වෙද්දී ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානයට අයිති හැම දෙයක්ම ඒ විදිහට වැසිය යුතුයි.+ ඊටපස්සේ කෝහාත්ගේ පුතුන් ඇවිත් ඒ හැම දෙයක්ම උස්සගෙන යන්න ඕනේ.+ හමු වීමේ කූඩාරමට අයිති භාණ්ඩ අරගෙන යන වගකීම තියෙන්නේ කෝහාත්වරුන්ටයි. ඒත් කොයිම වෙලාවකවත් ඔවුන්ට ශුද්ධස්ථානයට අයිති කිසිම දෙයක් අල්ලන්න දෙන්න එපා. මොකද එහෙම කළොත් ඔවුන් මිය යනවා.+

16 “පූජක ආරොන්ගේ පුතා වන එලියාසර්+ ශුද්ධ කූඩාරම සහ ඒකේ තියෙන හැම දෙයක්ම බලාගත යුතුයි. පහන් දල්වන්න පාවිච්චි කරන තෙල්,+ සුවඳ ද්‍රව්‍යය,+ නිතිපතා ඔප්පු කරන ධාන්‍ය පූජාව සහ ශුද්ධ තෛලය+ බලා කියා ගන්නේ ඔහුයි. ශුද්ධස්ථානය සහ ඒකේ තියෙන හැම දෙයක්මත් බලා කියා ගන්න වගකීම තියෙන්නේ ඔහුටයි. ඒකේ තියෙන හැම භාණ්ඩයක්ම බලාගන්නෙත් ඔහුයි.”

17 යෙහෝවා මෝසෙස්ට සහ ආරොන්ට මෙහෙමත් කිව්වා. 18 “ලෙවීවරුන් අතරින් කෝහාත්ගෙන්+ පැවතෙන අයට විනාශ වෙලා යන්න ඉඩ දෙන්න එපා. 19 මං ඔබට කරන්න කියපු දේවල් ඒ විදිහටම කරන්න. එතකොට කෝහාත්වරු ඉතා ශුද්ධ දේවල් ළඟට යද්දී ඔවුන්ගේ ජීවිතවලට කිසි අනතුරක් වෙන්නේ නැහැ.+ ආරොන් සහ ඔහුගේ පුතුන් හමු වීමේ කූඩාරම ළඟට ගිහින් කෝහාත්වරුන් එක් එක් කෙනාට කරන්න තියෙන වැඩ කොටස මොනවාද කියලත් ඔවුන් අරන් යන්න ඕනෙ මොනවාද කියලත් ඔවුන්ට කිව යුතුයි. 20 ඔවුන් ශුද්ධ කූඩාරමට ආවාම ශුද්ධ දේවල් දිහා මොහොතකටවත් නොබැලිය යුතුයි. ඒ දේවල් දිහා බැලුවොත් ඔවුන් මිය යයි.”+

21 පස්සේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. 22 “ගේර්ෂොන්වරුන්ව+ ඔවුන්ගේ පෙළපත් අනුවත් පවුල් අනුවත් ගණන් කරන්න. 23 හමු වීමේ කූඩාරමේ සේවය කරන්න පත් කරලා තියෙන අවුරුදු 30ත් 50ත් අතරේ ඉන්න හැම කෙනෙක්වම ඔබ ලියාපදිංචි කළ යුතුයි. 24 ගේර්ෂොන්වරුන්ට බලා කියා ගන්න සහ උස්සගෙන යන්න පවරලා තියෙන දේවල් මේවායි.+ 25 ශුද්ධ කූඩාරමේ පළවෙනි ආවරණය,+ ඊට උඩින් දාන ආවරණ දෙක, ඒවාටත් උඩින් දාන සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු ආවරණය+ සහ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන එල්ලන තිර රෙද්ද.+ 26 ඒ වගේම ශුද්ධ කූඩාරම සහ පූජාසනය වටේ තියෙන මළුවේ තිර රෙදි,+ මළුවේ දොරටුව විදිහට එල්ලලා තියෙන තිර රෙද්ද+ සහ ලණු. ඒවාට සම්බන්ධ සේවාවන් කරන්න ඕනෙ කරන උපකරණ ඇතුළු අනිත් හැම දේමත් පවරලා තියෙන්නේ ඔවුන්ටයි. ගේර්ෂොන්වරුන්ගේ වගකීම් ඒවායි. 27 ඒ වගකීම් ඔබ ගේර්ෂොන්වරුන්ට+ පැවරිය යුතුයි. ගේර්ෂොන්වරුන් තමන්ගේ සේවාවන් කරද්දී සහ ඔවුන්ට පවරලා තියෙන දේවල් උස්සගෙන යද්දී ඒක අධීක්ෂණය කරන්න ඕනෙ ආරොන් සහ ඔහුගේ පුතුන්. 28 හමු වීමේ කූඩාරම සම්බන්ධයෙන් ගේර්ෂොන්වරුන්ට පැවරුණ වගකීම් ඒවායි.+ ඔවුන් ඒ හැම දෙයක්ම කළ යුත්තේ පූජක ආරොන්ගේ පුතා වන ඉතමාර්ගේ+ අධීක්ෂණය යටතේ.

29 “මෙරාරීවරුන්ව+ ඔවුන්ගේ පෙළපත්වලට අනුව සහ පවුල්වලට අනුව ලියාපදිංචි කරන්න. 30 ඔබ ලියාපදිංචි කළ යුත්තේ හමු වීමේ කූඩාරමේ සේවය කරන්න පත් කරලා තියෙන අවුරුදු 30ත් 50ත් අතරේ ඉන්න හැම කෙනෙක්වමයි. 31 හමු වීමේ කූඩාරම සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන වගකීම් මේවායි.+ කූඩාරමේ රාමු,+ ඒකේ පොලු,+ කණු,+ අඩි,+ 32 මළුව වටේ තියෙන කණු,+ ඒවාවල අඩි,+ කූඤ්ඤ,+ ලණු, ඒවාවලට සම්බන්ධ හැම වැඩකටම ඕනෙ කරන උපකරණ ඔවුන් උස්සගෙන යා යුතුයි. ඔවුන් එක් එක් කෙනා උස්සගෙන යන්න ඕනෙ දේ නිශ්චිතව කියලා ඒ වැඩ කොටස ඔවුන්ට පවරන්න. 33 හමු වීමේ කූඩාරම සම්බන්ධයෙන් මෙරාරීවරුන්ට+ පැවරුණ වගකීම් ඒවායි. ඔවුන් ඒ සියලු වගකීම් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුතා වන ඉතමාර්ගේ අධීක්ෂණය යටතේ.”+

34 මෝසෙස්, ආරොන් සහ සෙනඟ අතරේ හිටපු අධිපතීන්+ කෝහාත්වරුන්ව+ එයාලාගේ පෙළපත්වලට අනුව සහ පවුල්වලට අනුව ලියාපදිංචි කළා. 35 හමු වීමේ කූඩාරමේ සේවය කරන්න පත් කරලා තියෙන අවුරුදු 30ත් 50ත් අතරේ ඉන්න හැම කෙනෙක්වම ලියාපදිංචි කළා.+ 36 තම තමන්ගේ පවුල්වලට අනුව ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 2,750යි.+ 37 ඒ, හමු වීමේ කූඩාරමේ සේවය කරන කෝහාත්වරුන්ගේ මුළු ගාණයි. යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහට මෝසෙස් සහ ආරොන් එයාලව ලියාපදිංචි කළා.+

38 ගේර්ෂොන්වරුන්ව+ එයාලාගේ පෙළපත්වලට අනුව සහ පවුල්වලට අනුව ලියාපදිංචි කළා. 39 හමු වීමේ කූඩාරමේ සේවය කරන්න පත් කරලා තියෙන අවුරුදු 30ත් 50ත් අතරේ ඉන්න හැම කෙනෙක්වම ලියාපදිංචි කළා. 40 තම තමන්ගේ පෙළපත්වලට අනුව සහ පවුල්වලට අනුව ලියාපදිංචි කරපු ඒ අයගේ මුළු ගාණ 2,630යි.+ 41 ඒ, හමු වීමේ කූඩාරමේ සේවය කරන ගේර්ෂොන්වරුන්ගේ මුළු ගාණයි. යෙහෝවා අණ කරපු විදිහට මෝසෙස් සහ ආරොන් එයාලව ලියාපදිංචි කළා.+

42 මෙරාරීවරුන්ව එයාලාගේ පෙළපත්වලට අනුව සහ පවුල්වලට අනුව ලියාපදිංචි කළා. 43 හමු වීමේ කූඩාරමේ සේවය කරන්න පත් කරලා තියෙන අවුරුදු 30ත් 50ත් අතරේ ඉන්න හැම කෙනෙක්වම ලියාපදිංචි කළා.+ 44 තම තමන්ගේ පෙළපත්වලට අනුව සහ පවුල්වලට අනුව ලියාපදිංචි කරපු ඒ අයගේ මුළු ගාණ 3,200යි.+ 45 ඒ, හමු වීමේ කූඩාරමේ සේවය කරන මෙරාරීවරුන්ගේ මුළු ගාණයි. යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහට මෝසෙස් සහ ආරොන් එයාලව ලියාපදිංචි කළා.+

46 මෝසෙස්, ආරොන් සහ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු අධිපතීන්, ඒ ලෙවීවරුන්ව එයාලාගේ පවුල් අනුව සහ පෙළපත් අනුව ලියාපදිංචි කළා. 47 අවුරුදු 30ත් 50ත් අතරේ හිටපු ඒ හැමෝටම හමු වීමේ කූඩාරමේ සේවය කරන්නත් ඒකේ බඩු උස්සගෙන යන්නත් භාර දුන්නා.+ 48 ඒ අයගේ මුළු ගාණ 8,580යි.+ 49 යෙහෝවා අණ කරපු විදිහට මෝසෙස් එයාලව ලියාපදිංචි කළා. එක් එක් කෙනාට නියම කරපු වැඩ කොටසට අනුව සහ අරගෙන යන්න ඕනෙ දේවලට අනුව එයාලව ලියාපදිංචි කළා. යෙහෝවා අණ කරපු විදිහටම මෝසෙස් කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න