1 රාජාවලිය
6 ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටත්ව+ ආ දවසේ සිට අවුරුදු හාරසිය අසූවක් ගත වී තිබිණ. සලමොන් රජ යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා ගෘහයක් ගොඩනඟන්න+ පටන්ගත්තේ හාරසිය අසූවන අවුරුද්දේදීය. එය ඊශ්‍රායෙල්හි රජු වන සලමොන්ගේ පාලන සමයේ හතරවන අවුරුද්දේ+ දෙවන මාසය+ එනම්, ෂීව් මාසය+ විය. 2 යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා සලමොන් රජු ගොඩනැඟූ ගෘහයේ+ දිග රියන්* හැටකි.+ පළල රියන් විස්සකි. උස රියන් තිහකි.+ 3 ගෘහයේ ශුද්ධස්ථානයට* ඉදිරියෙන් තිබෙන ප්‍රවේශ ශාලාවේ+ පළල රියන් විස්සක් විය. එහි පළල ගෘහයේ පළලට සමාන විය. ප්‍රවේශ ශාලාවේ දිග රියන් දහයක් විය.
4 ඔහු ගෘහයට කවුළුද සෑදුවේය. ඒ කවුළු සාදා තිබුණේ ගෘහයේ බිත්තියේ ඇතුල් පැත්තේ සිට පිට පැත්ත දක්වා ක්‍රමක්‍රමයෙන් පටු වී යන ආකාරයටය.+ 5 තවද ශුද්ධස්ථානය* සහ අතිශුද්ධස්ථානය*+ පිහිටි එම ගෘහය වටා ඔහු තවත් ගොඩනැඟිල්ලක් ඉදි කළේය. ගෘහයේ බිත්තියට සම්බන්ධ කර තිබූ එම ගොඩනැඟිල්ල තුළ කුටි තනා තිබිණ.+ 6 එම ගොඩනැඟිල්ලේ පහළ තට්ටුවේ පළල රියන් පහක්ද මැද තට්ටුවේ පළල රියන් හයක්ද තුන්වන තට්ටුවේ පළල රියන් හතක්ද විය. ගෘහයේ බිත්තිවල පිට පැත්ත පඩි බැම්මක් සේ තනා තිබිණ.+ එම පඩි බැම්ම සාදා තිබුණේ ගොඩනැඟිල්ලේ බාල්ක රැඳවීම සඳහාය. එමනිසා ගෘහයේ බිත්ති තුළට ඒවා සවි කිරීමට අවශ්‍ය වූයේ නැත.+
7 ගෘහය සෑදීමට අවශ්‍ය වූ ගල්, ඉදි කරන ස්ථානයට රැගෙන ආවේ අවශ්‍ය හැඩයට කපා නිම කළ පසුවය.+ එබැවින් මිටියක හෝ පොරවක හෝ වෙන කිසි යකඩ ආයුධයක හෝ ශබ්දය ඒ ස්ථානයෙන් නොඇසිණ.+ 8 ගෘහය වටා තිබූ ගොඩනැඟිල්ලට තට්ටු තුනක් තිබිණ. පහළ තට්ටුවට ඇතුල් වූයේ+ ගොඩනැඟිල්ලේ දකුණු පැත්තෙනි. තවද පහළ තට්ටුවෙන් මැද තට්ටුවට නැඟීම සඳහාත් මැද තට්ටුවෙන් තුන්වන තට්ටුවට නැඟීම සඳහාත් සර්පිලාකාර පඩි පෙළක් තිබිණ. 9 සලමොන් රජ ගෘහයේ+ වහලට දේවදාර පරාල සවි කර දේවදාර ලෑලිවලින් එය සෙවිලි කළේය.+ 10 ගෘහය වටා තැනූ ගොඩනැඟිල්ලේ කුටියක+ උස රියන් පහක් විය. ඒ කුටි ගෘහයට සම්බන්ධ කර තිබුණේ දේවදාර ලී බාල්කවලිනි.+
11 ඒ අතරතුර යෙහෝවා දෙවි+ සලමොන්ට+ මෙසේ පැවසුවේය. 12 “ඔබ මාගේ අණපනත්වලට කීකරු වී+ මා දුන් තීන්දුවලට අවනත වෙමින්+ මාගේ සියලු ආඥා පැවැත්වුවහොත්+ ඔබ ගැනත් ඔබ ගොඩනඟන මේ ගෘහය ගැනත් ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ දේ මම ඉෂ්ට කරන්නෙමි.+ 13 මම ඊශ්‍රායෙල් පුත්‍රයන් සමඟම වාසය කරන්නෙමි.+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව මම කිසි දිනක අත් නොහරින්නෙමි.”+
14 සලමොන් රජ ගෘහයේ අනික් වැඩකටයුතුද නිම කළේය.+ 15 ගෘහයේ ඇතුළත බිත්ති ඔහු දේවදාර ලෑලිවලින් ආවරණය කළේය. ඔහු පොළොවේ සිට සිවිලිමේ පරාල දක්වාම බිත්ති දේවදාර ලීයෙන් ආවරණය කළේය. ගෘහයේ බිම ජුනිපර් ලෑලිවලින් ආවරණය කළේය.+ 16 පසුව ඔහු ගෘහයේ කෙළවරින් රියන් විස්සක් දිග කොටසක් වෙන් කර අතිශුද්ධස්ථානය සෑදුවේය.+ ඔහු එම කොටස වෙන් කිරීම සඳහා පොළොවේ සිට සිවිලිමේ පරාල දක්වා දිග දේවදාර ලෑලි භාවිත කළේය. 17 රියන් හතළිහක් දිග ගෘහයේ ඉදිරි කොටස+ ශුද්ධස්ථානය ලෙස හැඳින්විය.+ 18 ගෘහයේ ඇතුළත තිබුණු දේවදාර ලෑලිවල කොමඩු හැඩැති ගෙඩිද+ මල් මාලාද කැටයම් කර තිබිණ.+ ඒ සියල්ල දේවදාර ලීයෙන් නිම කරන ලදි. ගෘහයේ ගල් පෙනෙන්න නොතිබිණ.
19 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ තැබීම සඳහා ඔහු ගෘහය කෙළවරේම තිබූ අතිශුද්ධස්ථානය+ පිළියෙල කළේය. 20 අතිශුද්ධස්ථානයේ දිග රියන් විස්සක්ද පළල රියන් විස්සක්ද+ උස රියන් විස්සක්ද විය. පසුව ඔහු එය පිරිසිදු රනින් ආවරණය කළේය.+ පූජාසනය දේවදාර ලීයෙන් ආවරණය කළේය.+ 21 ගෘහයේ අනික් කොටසේ ඇතුල් පැත්තද පිරිසිදු රනින්+ ආවරණය කරන ලදි.+ සලමොන් රජ රනින් ආවරණය කරන ලද අතිශුද්ධස්ථානයට+ ඉදිරියෙන් රන් දම්වැල් සවි කළේය.+ 22 ඔහු මුළු ගෘහය සම්පූර්ණයෙන්ම රනින් ආවරණය කළේය.+ එමෙන්ම ඔහු අතිශුද්ධස්ථානයට ඉදිරියෙන් තිබුණු පූජාසනයද+ සම්පූර්ණයෙන්ම රනින් ආවරණය කළේය.+
23 ඔහු අතිශුද්ධස්ථානයේ තැබීම සඳහා පයින් ගසේ* ලීවලින් කෙරුබ්වරුන්ගේ රූප දෙකක්+ සෑදුවේය. ඒ එක් රූපයක උස රියන් දහයක් විය.+ 24 රියන් පහක් දිග පියාපත් දෙකක් කෙරුබ්වරුන්ට තිබිණ. එක් පියාපතක අග සිට අනික් පියාපතේ අග දක්වා දිග රියන් දහයක් විය.+ 25 දෙවන කෙරුබ්වරයාගේ උසද රියන් දහයක් විය. ඒ කෙරුබ්වරුන් දෙදෙනාව සාදන ලද්දේ එකම ප්‍රමාණයෙන් සහ හැඩයෙන්ය. 26 එක් කෙරුබ්වරයෙකුගේ උස රියන් දහයක් විය. 27 ඉන්පසු ඔහු එක් කෙරුබ්වරයෙකුගේ පියාපතක් එක් බිත්තියකටද අනික් කෙරුබ්වරයාගේ පියාපත අනික් බිත්තියටද වැදෙන සේ ඔවුන් දෙදෙනාව අතිශුද්ධස්ථානය ඇතුළේ තැබුවේය.+ ඔවුන්ගේ ඉතුරු පියාපත් දෙක ගෘහයේ හරි මැද එකිනෙකට වැදෙන සේ තබා තිබිණ.+ 28 ඔහු කෙරුබ්වරුන්වද රනින් ආවරණය කළේය.+
29 ඔහු අතිශුද්ධස්ථානයේ හා ශුද්ධස්ථානයේ බිත්තිවල කෙරුබ්වරුන්ගේ රූපද+ තාල වර්ගයේ ගස්ද+ මල්ද කැටයම් කළේය.+ 30 අතිශුද්ධස්ථානයේ හා ශුද්ධස්ථානයේ බිම+ රනින් ආවරණය කළේය. 31 අතිශුද්ධස්ථානයට ඇතුල් වීම සඳහා ඔහු පයින් ගසේ ලීවලින්+ දොරවල් දෙකක්+ සෑදුවේය. ඒවායේ උළුවහු බිත්තියෙන් පහෙන් කොටසක් විය.* 32 පයින් ගසේ ලීවලින් සෑදූ දොරවල් දෙකෙහි ඔහු කෙරුබ්වරුන්ගේ රූපද තාල වර්ගයේ ගස්ද මල්ද කැටයම් කර ඒවා රනින් ආවරණය කළේය. තළාගත් රනින් එම රූප ආවරණය කළේය. 33 ඔහු ශුද්ධස්ථානයට ඇතුල් වන දොරකඩද එලෙසම සෑදුවේය. පයින් ගසේ ලීවලින් සෑදූ එම උළුවස්ස හරි හතරැස් විය. 34 එහි දොරවල් දෙක ජුනිපර් ලීවලින් සාදා තිබිණ.+ එක් දොරකට අකුළන පියන් දෙකක්ද අනික් දොරට අකුළන පියන් දෙකක්ද තිබුණු අතර ඒවා සරනේරුවලින් සවි වී තිබිණ.+ 35 ඔහු කෙරුබ්වරුන්ගේ රූපද තාල වර්ගයේ ගස් හා මල්වල රූපද කැටයම් කර, ඒ රූප තළාගත් රනින් ආවරණය කළේය.+
36 ඔහු ඇතුල් මළුවේ+ තාප්පය, කැපූ ගල් පේළි තට්ටු තුනකින්ද+ දේවදාර ලී පේළියකින්ද ගොඩනැඟුවේය.
37 යෙහෝවා දෙවිගේ ගෘහයේ අත්තිවාරම+ දැමුවේ හතරවන අවුරුද්දේ ෂීව් මාසයේදීය.+ 38 එකොළොස්වන අවුරුද්දේ අටවන මාසය වන බූල් මාසයේදී සම්පූර්ණ සැලැස්මට අනුව ගෘහය සාදා නිම කරන ලදි.+ එය ගොඩනැඟීමට+ සලමොන් රජුට අවුරුදු හතක් ගත විය.